💚🌹 Chapter 23🌹❤️

1.4K 128 56
                                    

අළු පාට අහසත් දරාගන්න බැරි සීතලත් හිතේ තියෙන දුක තවත් වැඩි කරා.කළු  ඇඳුම් ඇඳ ගත්තු අපි හැමෝම ඒ සොහොන ළඟ වටවෙලා හිටියා.ඔව් මට දුකයි.....මහ ගොඩක්.ඒත් ඒ දුක දෙගුණ තෙගුණ උණේ අනිත් අය අඬන විදිහ දැක්කම.දුක කියාගන්න දුක බෙදාගන්න කෙනෙක් නැතිවම තනියම දුක් විඳලා හැමදේම තනියම දරාගෙන අපි හැමෝම වෙනුවෙන් ලස්සන මතක විතරක් ඉතිරි කරලා එයා කලින්ම යන්න ගිහිං තිබුණා.වැරදි කරපු නොකරපු හැමෝගෙම හිත් වල වේදනාවක් ඉතිරි කරලා අපි කාටවත් තවත් එක අවස්ථාවක්වත් නොදී එයා යන්නම ගිහිල්ලා.....
.
.
.
.
.
.
.
.
.
.
.
.
අදට අපි මැරි කරලා මාස 3යි.ඔව් බනී මමයි.මගෙ පපා ග්‍රැනී ෂුආන් අපි හැමෝම ඉන්ග්ලන්ඩ් ආවා මගෙ මමාව බලන්න.ඇත්තටම අපෙ මමාව.බනී ගෙයි මගෙයි මමාව.හැමෝම අඬනවා පළවැනි වතාවට මේ සොහොන ළඟ ඉඳන්. ඒත් කාලෙකට කලින් දවසක මමාව මේ පොළවේ පස් යට තනිකරලා ගිය බනී සොහොන ළඟ බිම වැටිලා හැමෝටම වඩා අඬනවා....මමා නැති උණ දවසේවත් එහෙම අඬන්න නැතුව ඇති.

එයාට මොන වගේ හැඟීමක් දැනෙනවා ඇත්ද කියලා හිතන්නවත් මට හයියක් නෑ.හිත හදන් හිනා වෙලා ඉන්න උත්සාහ කරත් මන් දන්නවා බනී හැම මොහොතේම හිටියෙ දුකින්.මතක ඇති නැති කාලෙ ඉඳන් තමන්ව තුරුළු කරන් කිරි ටික දුන්න,හුරතල් කරපු,වැටි වැටී නැගිටින්න අත දුන්න,ජීවිතේට ශක්තියක් දුන්න මමාගෙ කුසින් එයා බිහි උණේ නෑ කියන හැඟීම.....

"මන් දුක් වෙන්නේ නෑ බෝ....මමා මගෙ මමා නොවුණ නිසාම අද ඔයා මගෙනේ.... මාව නොවැදුවත් ඒ මගෙ මමා....ඒත් ඒ අපි දෙන්නගේම මමා උණා නම් මට කවදාවත් හිත හදාගන්න බැරි වෙයි..."

එයා හැමවෙලෙම කිව්වේ එහෙම.අද මේ මොහොත වෙනකංම මං විස්වාස කරා එයාට ඉක්මනින්ම හිත හදාගන්න පුළුවන් වෙයි කියලා.ඒත් නෑ එයා ජීවිත කාලෙම විඳවයි.මමා දැනන් හිටියා නම් එයා මේ වගේ දුක් වෙයි කියලා....

බනී අඬන්නෙ මගෙ පපාව තුරුළු කරගෙන. හැමදේම නිසා අපි හැමෝගෙම ජීවිත වලට එක මනුස්සයෙක් නිසා උණු අසාධාරණ කම් ඉහටත් උඩින්. පැත්තක හිටපු අහිංසක ජීවිත දෙකක් කිරිසප්පයෙක් මේ ලෝකේ තනි කරලා අකාලේ යන්න ගියා.කුරුළු කූඩු දෙකක් අසාධාරණ විදිහට විසිරිලා යද්දී මගෙ පපා රෝද පුටුවක තනි උණා.මගෙ මාමාට තනියම විඳවන්න උණා.මගෙ බනී අසරණ කරා.

💚 𝙎𝙊 𝙄 𝙒𝙄𝙇𝙇 𝙎𝙏𝙊𝙋 ❤️ 𝚈𝙸𝚉𝙷𝙰𝙽 - Complete -Where stories live. Discover now