𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 73

5.3K 704 329
                                    

NEXT DAY MORNING

*DING DONG*

හ්‍යුන් ආපහු ඇවිත්ද?මොනා හරි අමතක වෙලාවත්ද?

වෙලාව උදේ හතයි.මෙච්චර පාන්දර කිසිම කෙනෙක් එන්නෙ නැති නිසත් තේහ්‍යොන්ග් අද උදේම වැඩට ගිය නිසත් ජන්ග්කුක් කිචන් එකේ ඉදගෙන හිටිය පුටුවෙන් නැගිටලා දොර ලගට ඇවිදගෙන ආවා.

යුන්ගි හ්‍යුන්?!

දොරට එහා පැත්තෙන් තිබුන ග්ලාස් එකෙන් ආවේ කවුද බලපු ජන්ග්කුක් කටට අත තියාගෙන හෙමින් මිමිනුවේ මේ වගේ වෙලාවක කොහොමටවත් යුන්ගිව බලාපොරොත්තු නොවුන නිසා.කොහොම උනත් ජන්ග්කුක් දෙපාරක් නොහිතම දොර ඇරියා.

Good morning කුකී!

අද ඒ මූණෙ ලස්සන හිනාවක්.ජන්ග්කුක් යුන්ගිට හිනා වෙලා greet කලාම.යුන්ගි එයා අතේ තිබුන ලස්සන ටියුලිප් මල් පොකුර ජන්ග්කුක් අතට දුන්නා.ජන්ග්කුක් හිනා වෙලා මල් පොකුර අතට අරගෙන හදවතින්ම ඒකේ සුවද වින්දා.

හ්‍යුන් උදේම?

යාහ්!!හ්‍යුන්ට ඇතුලටවත් එන්න කියන්නෙ නැද්ද?

යුන්ගි නෝක්කාඩුවෙන් වගේ ඇස් බැමි රැලි කරලා අහද්දි ජන්ග්කුක් හුරතලෙන් giggle කලා.

එන්න ඇතුලට.

ජන්ග්කුක් හිනා වෙවී යුන්ගි ගේ ඇතුලට ආවම දොර වහලා දැම්මා.

වෝහ්..ජන්ග්කුකී සුවද..මොනාද ඔයා මම එද්දි හද හද හිටියේ?

යුන්ගි ගේ ඇතුලට ගොඩ උන ගමන් ඇස් දෙකත් වහගෙන හොද හුස්මක් ගත්තා..ඒ ජන්ග්කුක් බේක් වෙන්න දාපු කුකීස්වල සුවද දැනිලා.ජන්ග්කුක් සාමාන්‍යයෙන් පැණිරස වලට ආස කෙනෙක් නොවුනත් මාස දෙකක් වයස තාමත් තමන්ගෙ කුස තුල වැඩෙන පොඩ්ඩා කැමති උනේම එයාගෙ අප්පා ආසම කෑම ජාති වලට.

යුන්ගි ඇස් වහගෙන එයාගෙ කෑම වර්ණනා කරන තාලෙට ජන්ග්කුක් ආයෙමත් හිනා උනා.

හ්‍යුන් උදේට කෑම ගත්තද?

ම්ම්..මතක විදිහට දැන් සති දෙකක ඉදන් මගෙ බඩට හරිහමන් කෑමක් වැටුනෙම නෑ ජන්ග්කුකී.

යුන්ගි කියද්දි ජන්ග්කුක් ඇස් හීනි කරලා යුන්ගි දිහාවට නොරිස්සුම් බැල්මක් හෙළුවා.

𝐂𝐎𝐋𝐃 𝐏𝐑𝐈𝐍𝐂𝐄 [𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊]Where stories live. Discover now