06

120 29 2
                                    

"ඔයා එයාට ප්‍රපෝස් කරන්න යන්නේ නමවත් දන්නැතුවද?"

"ඕහ් කමෝන් සින්ඩි... මං එයාගෙන් ආස්ක් අවුට් කරනවා විතරයි. බැරිවෙලා හරි එයා ස්ට්‍රේට් නම් මාස්ක් එක දාගත්තා, මං ආවා."

ලියා හරිම සැහැල්ලුවෙන් කියද්දි සින්ඩි ලොකු හුස්මක් පහත දැම්මේ මේ ගැන ජන්කුක් දැනගත්තු කාලෙක තමන්ට ආයෙත් ආපු දිහාවකට යන්න පුළුවන් නිසා. ලියා වගේම සින්ඩි ඉන්නේ ස්කූල් එක ලඟ කැෆේ එකේ කෙළවරේම ටේබල් එකක ඉඳගෙන හොරෙන් මුමුණන ගමන්. සින්ඩිගේ කෙසේ වෙතත් ලියාගේ ඇස් දෙක තිබුණේ කැශියර් එක ලඟ ඉන්න ලා තඹ පාට දිග කොණ්ඩයක් තියන සුදු සාමාන්‍ය උසක් තිබුණු ගෑණු ළමයා දිහා.

"හරි මොකක් හරි. ඔයා ඒ කෙල්ලගේ නම අහගන්න මුලින්. මොනා නැතත් කිම් ලියොනෙලාගේ නම නම් කන්න එපා මෝඩ කෙල්ලේ."

සින්ඩි කියද්දි ලියා එයාට ඔරවගෙනම එතනින් ආවේ කැශියර් එක ලඟ හිටන් ඉන්න ඒ කෙනා ලඟට. ලියාට හිතාගන්න බැරි තරම් ඒ ගෑණු ළමයා ලස්සන වුණා වගේම ලියාට වඩා හැම අතින්ම වෙනස් වුණා. කළු පාට ජැකට්, ට්‍රවුසර්, ශූස් වගේ දේවල් වලට ලියා හුරු වෙලා හිටියේ එයා ජේකේගේ ෆෑන් කෙනෙක් වුණ දවස් වල ඉඳලමයි. එතකොට මේ කැෆේ ගර්ල්ට තිබුණේ බේබි පින්ක්, බේබි බ්ලූ වගේ ලයිට් කලර් ෆැෂන් ටිකක්.

"ගුඩ් ඊවිනින් මිස්! මොනාද ඕඩර් කරන්නේ?"

කෙල්ල අහද්දි ලියා ඇස් දෙකත් පුදුමෙන් ලොකු කරගත්තේ කියන්න ආපු දේත් අමතක කරලා කියන එක නම් ඈතින් හිටපු සින්ඩිත් දැක්කා.

"ආහ් මේ... අද කැරමෙල් මැකියාටෝ! දෙකක්..."

ඕඩර් එක දීලත් තමන් දිහා ඇසි පිය නොහෙලාම බලන් ඉන්න කළු පාට ඇඳගත්තු තරුණිය නිසා කැෆේ ගර්ල් අපහසුතාවෙකට පත් වුණේ නෑ කිව්වොත් බොරුවක්.

"වයස කීයද ඔයාගේ?"

හැමදාම වගේ හවසට මෙතනට ඇවිත් එක එක ජාතියේ කොෆි වර්ග ඉල්ලන කළු ඇඳගත්තු කෙල්ල මැකියාටෝ දෙකකට ඕඩර් එක දීලත් ටේබල් එකට නොගිහින් තමන්ගෙන් අහපු ප්‍රශ්නෙ නිසා කැෆේ ගර්ල් පුදුම වුණා.

"හහ්?? ඔයාට මොකටද ඒක? මං ඇයි ඔයාට උත්තර දෙන්න ඕනි?"

කැෆේ ගර්ල් සැසී විදිහට ඉණටත් අත් දෙක තියාගෙන ටිකක් විතර ඉස්සරහට නැමිලා අහද්දි ලියා හිනා වුණා.

κиοϲκουτѕ | jικοοκWhere stories live. Discover now