08

112 29 4
                                    

"මේක බ්ලොක් කරනවා!"

මූණ ඉස්සරහින් ගියපු අත් පහර හදිසියේම වළක්ව ගත්තු තරුණිය ඔළුව උස්සලා බලන්නත් කලින්ම ප්‍රතිවාදියා බඩ මැද්දට පහර දෙද්දි රින්ග් එකේ කෙළවරටම විසි වුණේ ප්‍රතිවාදී ප්‍රහාරකයා කළකිරුණ ඇස් වලින් ඒ දිහා බලද්දි.

"ඩිසපොයින්ටඩ්!!!"

"කෝච් අම් සොරි."

"මං ඔයාට සමාව දෙන්නෙ නෑ රේචල්! සමාව කියන්නේ එකම වැරැද්ද ආයෙත් පාරක් කරන්න අවසර දීමක්."

තරඟ වලල්ලේ තිබුණු නිල් පාට ලණුව අල්ලගෙන කෙලින් වුණ රේචල් ඇස් බිමට හරවන් හිටියේ තමන්ගේ කෝච්ගේ නපුරු බැල්ම දරාගන්න බැරුව.

"මං එදා තමුසෙව යැව්වේ ජේකේගේ කෙල්ලව පරද්දලා එයි කියන බලාපොරොත්තුවෙන්. තමුසෙ මොකක්ද කරේ??? හැම මූව්මන්ට් එකක්ම දැනගෙන ගිහිනුත් පැරදිලා ආවා. මොනාද හිතන් ඉන්නේ රේචල්? ජේකේ තමුසෙව තෝරගත්තේ මොන මගුලටද කියලද හිතන් ඉන්නේ??"

කෝච්ගේ කෑ ගැහිල්ල කිසි කෙනෙක් නැති ඒ අඳුරු ශාලාවේ දෝංකාර දෙද්දි රේචල් ගැස්සුණත් කිසිම විදිහකින් ඔළුව උස්සලා නම් බැලුවේ නෑ.

"ඌට ඕනි උගේ වැඩ පෙන්නන්න. ඌ ප්ලේ කරනකන් කරෙත් උගේ වැඩ පෙන්නපු එක."

"මිස්ටර් ලී, ඔයාව හම්බෙන්න විසිටර් කෙනෙක් ඇවිත් ඉන්නවා."

තමන්ගේ සෙකට්‍රි ඇවිත් කියද්දි වළල්ල මැද හිටපු ලී සේහුන් එහෙමත් නැත්තන් රේචල්ගේ කෝච් අතේ දාගෙන හිටපු ග්ලවුස් ගැලෙව්වේ රේචල් හිතෙන් ආපු කෙනාට වගේම සෙකට්‍රි කන්ග්ටත් තමන්ව බේරගත්තු එක ගැන දහස් වතාවක් ස්තූති කරද්දි.

"කවුද ඇවිත් ඉන්නේ?"

"මිස්ටර් ඉවාන් වෙක්ටර්!"

සේහුන්ගේ කට කොණකින් ඇඳුණ හිනාව එක්කම එළියට ගියේ රශියන් කෝච් කෙනෙක්ගෙන් තමන්ට කෙරෙන ඉල්ලීම කොයි වගේ එකක් වෙයිද කියලා මතක් වුණ එකේ සතුටට. මොකද ඉවාන් කියන්නේ ලීගලි මැචස් වලට වැඩිය ඉලීගලි මැචස් වල කැපී පෙනුණ චරිතයක්. හරියට සේහුන් වගේම.

"මිස්ටර් වෙක්ටර්, හුඟ කාලෙකින්!"

සේහුන් මූණේ පුරවගත්තු ලොකු හිනාවකින් කියද්දි රුසියානු ජාතිකයා ඒ හා සමානව හිනා වෙලා අතට අත දුන්නේ තමන් හම්බෙන්න ආපු කෙනා කොයි වගේ කෙනෙක්ද කියන්න අමතක නොකර. සේහුන් කියන්නේ තමන්ගේ කෝච්ට පවා ද්‍රෝහිකම් කරපු ගුණමකු මනුස්සයෙක් කියන එක බොක්සිං ලෝකේ ප්‍රසිද්ධ කාරණාවක්.

κиοϲκουτѕ | jικοοκWhere stories live. Discover now