🧡 03 🖤

534 112 12
                                    

දින සති ගෙවිලා ගිහින් මාසයක් ගෙවිලා ගියේ ඇසිපිය ගසන වේගෙන් මේ ගෙවිලා යන්නේ ජිමින්ගෙයි ටේහ්‍යුන්ගෙයි යුනිවසිටි ජීවිතේ අවසාන මාස දෙක කිව්වොත් නිවැරදියි

ටේකුක් ආදර කතාව දෙන්නාගේ පුංචි පුංචි රන්ඩු මැදින් හරි ලස්සනට ගලාගෙන ගියා ජිමින් නම් මේ මාසේ පුරාවටම professor Min දිහා බලාගෙන මනෝපාරක් ගහගෙන ඉන්නවා ජිමින්ගේ හිත එයාටත් නොදැනීම යුංගි හොරකම් කරලා

" උබ මොනාද මෙතනට වෙලා කරන්නේ...?"

ටේහ්‍යුන් ඇහුවේ ලෙක්චර් හෝල් එකේ කොනකට වෙලා ජනෙලයෙන් එලිය බලාගෙන ඉන්න ජිමින්ගෙන් ටේහ්‍යුන් අහපු දේට ජිමින් උත්තරයක් දෙන්න තියා කොල්ලා හැරිලාවත් බැලුවේ නැති නිසා ටේහ්‍යුන් එබිලා බැලුවේ ජිමින් මොනාද මෙච්චර බලන්නේ කියලා

ජිමින්ගේ ඇස් තිබුණේ ඒ අසල ගහක අත්තක් මත වාඩිවෙලා හිටපු කුරුලු ජෝඩුවක් ලග හරි ලෙංගතුකමින් ලං වෙලා ඉන්න කිචි බිචි ගගා කියවන කුරුලු ජෝඩුව දැක්කා ටේහ්‍යුන්ට පොඩි හිනාවක් එයාගේ හා පැටියාගේ කියවිල්ල මතක් වෙලා

" ඕයි....ඔහොම කන්න වගේ බලාගෙන ඉන්න එපා බන් උන්ට කියලත් පෞද්ගලිකත්වයක් තියෙනවා "

ටේහ්‍යුන් කොල්ලාගේ ඔලුවට ටොක්කක් ඇනලා කිව්වාම තමයි ජිමින් මේ ලෝකෙට ආවේ

" මොකද යකෝ ගහන්නේ..."

ජිමින් ඔලුව අතගාන ගමන් ටේහ්‍යුන්ට රවන ගමන් ඇහුවා

" කුරුලු කපල් දිහා බලාගෙන ඉන්නේ නැතුව ගිහින් හිතේ තියෙන දේ professor Min ට කියපන් "

ටේහ්‍යුන් ජිමින්ගේ ලගින් වාඩිවෙන ගමන් කිව්වා

" එයා මං වගේ කෙනෙක්ට කැමති වෙයි කියලා හිතනවාද "

ජිමින් දුකින් ටේහ්‍යුන් දිහා බලාගෙන ඇහුවා

" මොකද්ද උබේ තියෙන වැරැද්ද.. හැන්සම් කියුට් ලව්ලි කොල්ලෙක් ඉගෙනගන්නත් දක්ෂයි පොඩ්ඩක් නට් ලූස් ගතියක් තියෙන එක වෙනම කතාවක් "

ටේහ්‍යුන් එහෙම කිව්වාම ජිමින්ට පොඩි හිනාවක් ගියා

" මම උබෙන් දෙ...."

🎀𝗣𝗿𝗼𝗳𝗲𝘀𝘀𝗼𝗿 𝗠𝗶𝗻||𝗬𝗠🎀✔️Where stories live. Discover now