ට්‍රිං..ට්‍රිං...ට්‍රිං...⏰
Night stand එක උඩ කෑගහන එලාම් රාජයාට අතින් ප්‍රහාරයක් එල්ල කරපු මම අනිත් පැත්ත හැරිලා බ්ලැන්කට් එකත් පොරවගෙන නිදාගන්න හැදුවේ මම හිතන්නේ මේ පාර එලාම් රාජයාත් ස්වර්ගස්ථ වෙන්න ඇති
" සුදු පුතා....අදත් එලාම් එක කැඩුවා නේද අනේ ඇත්තටම මේ ලමයා මොන නැකතක ඉපදිලා ද කියලා නැගිටිනවා තාම පොඩි ලමයෙක් වගේ බලනවා තමුන්ගේ යාලුවා ඒ දරුවා දිහාවත් බලලා පොඩ්ඩක් හැදෙන්න බලනවා තමුන් එනකම් ටේහ්‍යුන් පුතා බලාගෙන ඉන්නවා නැගිටිනවා සුදු පුතා අද යුනි යන්නේ නැද්ද..?"
හැමදාම වගේ අදත් ඔම්මා එයාගේ සුමිහිරි වොයිස් එක අවදි කලේ මාව ඇහැරවන්න අපේ ඔම්මා මට වඩා මගේ අතිජාත පාප බිත්තරයාට ආදරෙයි ඌට වඩා හොද එකෙක් මේ ලෝකෙවත් නැ කියලා තමයි ඔම්මා හිතාගෙන ඉන්නේ ඒත් ඒක වැරදියි කියලා දන්නේ අහිංසක මම විතරයි ඌ වගේ අන්ඩපාල හිපාටුවෙක් මේ ලෝකේ කොහේවත් නැතුව ඇති මේ දවස්වල මූ මෙච්චර උනන්දුවෙන් යුනි යන්නේ first year එකේ ඉන්න හා පැටියෙක් වගේ කොල්ලෙක්ට ඇහැ දාගෙන ඉන්න හින්දා හා කොල්ලා නම් ටේහ්‍යුන්ව තබ සතයක් තියා පූස් ලෝමයක් තරම්වත් ගනන් ගන්නේ නැ මූ ඉතින් පැනි වලට වහන ඇබලයා වගේ කොල්ලා පස්සෙන් යනවා මූ ඒ කොල්ලාගේ පස්සෙන් නොයන්නේ wash room එකට විතරයි ඉස්සරහට ඒකටත් යයි වගේ
" යාහ්හ්හ්...සුදු පුතා...මම මෙච්චර කතා කරනවා ඇහෙන්නේ නැද්ද මගෙන් හොද හැදි පාරක් නොකා නැගිටිනවා "
ඔම්මා කර්ටන් දෙපැත්තට කරන ගමන් කිව්වාම මම අමාරුවෙන් ඇස් ඇරියේ මූනට වැටුනු හිරු එලිය නිසා
" නිදාගන්න දෙන්නකෝ ඔම්මා..."
මම කම්මැලිකමේ ආපහු ඇස් පියාගෙන අනිත් පැත්ත හැරෙන ගමන් කිව්වා මුලු පරිසරය පුරාම පැතිරිලා තිබුණේ දැඩි නිශ්ශබ්බදතාවයක් හැබැයි ඒ නිශ්ශබ්බදතාවය මට නම් කොහෙත්ම සුභ වෙන්නේ නැ කුනාටුවකට පෙර පරිසරය හරි නිශ්ශබදයි කියලා කවුද කාටද කියනවා ඇහුනා ඒත් එක්කම මට දැනුනේ මගේ බෝල පශ්චාත් භාගය රත් වෙලා යනවා වගේ ස්වභාවයක්
" යාහ්හ්හ්...ඔම්මා...ඒක රිදුනා.."
මම නැගිටලා පශ්චාත් භාගය අත ගාන ගමන් ඔම්මාට කිව්වා ඔම්මා කොහු මිටත් අතේ තියාගෙන බලාගෙන හිටියේ තෝ ගිහින් වොෂ් එකක් දාගෙන යුනි යනව ද ආපහු කොසු පාරක් කනවා ද වගේ බැල්මක් කවදාහරි දවසක මගේ බෝල පස්ස ලෑල්ලක් වෙන්නේ ඔම්මාගේ කොසු පාරවල් කාලා කියලා මට ටේහ්‍යුන් පල්ලා විශ්වාසයි
YOU ARE READING
🎀𝗣𝗿𝗼𝗳𝗲𝘀𝘀𝗼𝗿 𝗠𝗶𝗻||𝗬𝗠🎀✔️
Fiksi Penggemarහැමදාම Professor Min දිහා බලාගෙන මනෝපාරක් ගහගෙන ඉන්න ජිමින් එයාගේ හිතේ තියෙන ආදරේ වචන වලට පෙරලා professor Min ට කිව්වොත් ඒ ආදරේ පිලිගනියි ද...? 𝐓𝐨𝐩 : 𝐘𝐨𝐨𝐧𝐠𝐢 𝐁𝐨𝐭𝐭𝐨𝐦 : 𝐉𝐢𝐦𝐢𝐧 𝐘𝐎𝐎𝐍𝐌𝐈𝐍 𝐅𝐅🧡🖤 (Cover By ~ SK0305)