උත්සවයේ වැඩ කටයුතු ඔක්කොම ඉවර වෙලා යන්න හදනකොට ටේහ්‍යුන් ඇවිත් යුංගි ඉස්සරහින් හිට ගත්තා
" ටේහ්‍යුන්...."
" Professor මේක ඔයාට "
ටේහ්‍යුන් එයාගේ අතේ තිබුණු ලියුම යුංගිගේ පැත්තට දික් කලා යුංගි ලියුම දිහාත් බලලා ටේහ්‍යුන්ගේ මුන දිහා බැලුවේ මොකද්ද කියලා අහන්න වගේ
" Professor ම කියවලා බලන්න "
යුංගි ටේහ්‍යුන්ගේ අතේ තිබුණු ලියුම ගත්තා ඒත් එක්කම උඩු ගුවනේ plan එකක් ගියේ ටේහ්‍යුන් වගේම යුංගි ඒ දිහා බැලුවා යුංගිට ඒ plan එක දැක්කාම දැනුනේ ලගම ඉදපු කෙනෙක් දුරකට ගියා වගේ
" එයා යන්නම ගියා හියුන්ග්..."
ටේහ්‍යුන් අහස දිහා බලාගෙන මිමිනුවාම යුංගි කොල්ලා දිහා බැලුවා
" කවුද "
" හියුන්ග්ගේ හැම ප්‍රශ්නකටම උත්තර ඔය ලියුමේ ඇති කියලා හිතනවා...ලියුම කියවලා ඉවර වෙලා එයා කොහෙද කියලා අහන්න එපා හියුන්ග් දැන් හරි එයා සතුටින් ඉන්න ඕන "
යුංගිට තවත් කියන්න මුකුත් ඉතුරු නොකරපු ටේහ්‍යුන් එතැනින් ගියා යුංගි එයාගේ අතේ තිබුණු ලියුම අරගෙන mansion එකට ගියා කොල්ලා වොෂ් එකක් දාගෙන ඇවිත් ටේහ්‍යුන් දුන්නු ලියුමත් අරගෙන glass wall එක ලග තිබුණු chair එකෙන් වාඩිවුනා යුංගි ලියුම කඩලා කියවන්න ගත්තා
Hyungi,
මම ඔයාට hyungi කියලා කතා කරපු එක සමහරවිට වැරදි ඇති ඒකි මම මේ ලියුම ලියන්නේ මගේ professor ට නෙවෙයි මගේ පලවෙනි ඒක පාර්ශ්වික ආදරය වුනු මගේ හියුන්ගිට
මම දන්නවා professor ට ආදරේ කරන එක වරදක් කියලා ඒත් කතාවක් තියෙන්නේ හිත නැවතුනු තැන නවතින්න කියලා ඉතින් හියුන්ගි මම හැමදාම ඔයා දිහා බලාගෙන හිටියා හියුන්ග්ගේ නපුරු ඇස් මගේ ලග නවතිනකොට හැමදාම වගේ මගේ හදවත වේගෙන් ගැහෙන්න පටන් ගන්නවා මුලදී මම හිතුවේ ඒ බයට කියලා ඒත් පස්සෙදී හියුන්ගි දැක්කත් ඇති මගේ හදවත වේගෙන් ගැහෙන්න කාලයක් යද්දී මට තේරුනා මට හියුන්ගි ගැන තියෙන්නේ ආදරයක් කියලා මට ඒ හැගීම හිතෙන් අයින් කරන්න ඕන වුනා මොකද හියුන්ගි මගේ professor මම student කෙනෙක් හදිස්සියේවත් මේ ගැන කවුරුවත් දැනගෙන හියුන්ගිට ප්‍රශ්නයක් වෙයි කියලා හිතුනා ඒත් ටේහ්‍යුන් මගේ හිතේ තියෙන දේවල් තේරුනා එයාට මගේ පොඩි වෙනසක් වුනත් ඉක්මනට තේරෙනවා හියුන්ගි
YOU ARE READING
🎀𝗣𝗿𝗼𝗳𝗲𝘀𝘀𝗼𝗿 𝗠𝗶𝗻||𝗬𝗠🎀✔️
Fanfictionහැමදාම Professor Min දිහා බලාගෙන මනෝපාරක් ගහගෙන ඉන්න ජිමින් එයාගේ හිතේ තියෙන ආදරේ වචන වලට පෙරලා professor Min ට කිව්වොත් ඒ ආදරේ පිලිගනියි ද...? 𝐓𝐨𝐩 : 𝐘𝐨𝐨𝐧𝐠𝐢 𝐁𝐨𝐭𝐭𝐨𝐦 : 𝐉𝐢𝐦𝐢𝐧 𝐘𝐎𝐎𝐍𝐌𝐈𝐍 𝐅𝐅🧡🖤 (Cover By ~ SK0305)