💌💌 Chapter 16 💌💌
~~ After 04 years ~~
" Come on sweety! ඒක පොඩි ට්‍රිප් එකක් විතරයි! අනිත් එක හන්ජි ඉන්නවනේ! ඒ හින්දා ඔච්චර ඒ ගැන කල්පනා කරන්න එපා..බලන්න..මේ පැයටම ඔයා දහවතාවකට වඩා හන්ජි ලව්වා අපේ ඒලියන් බේබිට කෝල් අරන් කරදර කරානේ.."
Coffee shop එකේ කවුන්ටරේට වෙලා අතක් කම්මුලේ තියාගෙන මූනත් එල්ලගෙන කල්පනාවකට වැටිලා හිටපු නාරාට හෝසොක් කිව්වා.
" ඒත් සනී ඔයා දන්නවනේ! මං ඉයුන්ව ඔයයි මායි නැතුව තනියම කොහෙවත් යවන්නේ නෑ කියලා..අනිත් එක මේක එයාගේ first time අපි නැතුව යන..කියන්න බෑනේ කවුරුහරි එයාව කිඩ්නැප්___ "
" ගෝඩ් නාරා! Trip එකට ගියේ අපේ ඒලියන් බේබි විතරක් නෙමෙයි..එයාගේ nursery එකේ තව බබාලා ගොඩකුත් ගියා ටීචර්ස්ලා තුන්දෙනෙක් එක්ක..So stop being too much childish! "
නාරාගේ කියවිල්ල අහන් ඉන්න බැරිම තැන හෝසොක් නලලටත් අතක් තියාගෙන කියද්දි නාරා pout face එකකුත් හදාගෙන කටපියාගත්තා.
ඉයුන් කියන්නේ නාරාට ටේහ්‍යුන්ගෙන් ලැබුනු ආදරනීයම තෑග්ග. ඒ කියන්නේ ටේහ්‍යුන්ගෙයි නාරාගෙයි තාමත් අවුරුදු තුනහමාරක් විතර වෙන පුංචි කොලු පැටියා. 'කිම් ඉයුන්'..නාරාගේ බෝල ඇස් ඇරෙන්න ඉයුන් කියන්නේ ටේහ්‍යුන්ගෙම photocopy එකක් වගේ. ටේහ්‍යුන්ගේ කැරලි ගැහුනු කලු කොන්ඩේ, දිග නහය, පෙට්ටි හිනාව ඒ විදිහටම ඉයුන්ගෙත් පිහිටලා තිබුනා.
ඒ වගේම තමයි කොලු පැටියගේ ගතිගුනත්. තත්පරයක්වත් නිකං ඉන්නේ නෑ. කොයිවෙලෙත් සෙල්ලම. අද ඉයුන්ගේ nursery එකේ ටීචර්ස්ලා බබාලා හැමෝමව ලක්ස්ම්බර්ග් වල Wiltz city එකේ තිබුනු kids festival එකකට පොඩි trip එකක් එක්කන් ගිහින් තිබුනා.
නාරා මුලින්ම ඉයුන්ව trip එක යවන්න අකැමැති වුනත් හොබී කොහොමහරි අමාරුවෙන් නාරාව කැමති කරවගෙන ඉයුන්ව trip එක යැව්වේ, කොලු පැටියා දවස් ගානක් තිස්සේ trip එක යන්න ඕන කියලා නහයෙන් අඬ අඬ හොබීට බලකරපු නිසා.
•
•
•එදා අන්තිමට නාරා කිම් මැන්ෂන් එකෙන් හොබී එක්ක ඇවිත් හරියටම සතියක් වගේ කාලයක් ඇතුලත හොබී නාරාටත් එයත් එක්ක බෙල්ජියම් වලට යන්න හැමදෙයක්ම ලෑස්ති කරගෙන, හොබීගේ ග්‍රේස් ආන්ටි ලඟට දෙන්නත් එක්ක පිටත්වුනා.
YOU ARE READING
~Bobby~ || KTH ✔️
Fiksi Penggemar--- ඉතිං...මං බලන් ඉන්නම් ආයෙමත් කවදාහරි දවසක මට ඒ නමින් ඔයා කතා කරනකන්...---- ~ නාරා🥀~ • • • ✍️ Nishyoon💜️ 🏵️🏵️ Starting date- 09/09/2022 🏵️🏵️ Ending date - 19/02/2023