EP32

103 20 12
                                    

ඊලග දවසේ wei yingනූයී lan zhanයී ඒ දෙන්නා ඊයේ රෑ නැවතිලා හිටපූ හෝටලෙන් එලියට ආවේ එයාලා ආපූ වැඩේ ගැන බලන්න යන්න!!

lan zhan එන්න කලින් ඒකේ අයිතිකාරයාගෙන් අර ආච්චිගේ ගෙදරට යන පාර අහගෙන ආව නිසා ඒ දෙන්නම ඉක්මනටම ගියේ ඒ ආච්චිගේ ගෙදර හොයාගෙන.

එයාලා දෙන්නාට ඒ තැනට යන්න ඕන්නම් විනාඩී දහයක් යන්න ඇති.

"Lan zhan, අර කෙනා කිව්ව විදිහටනම් මන් හිතන්නේ ඒ මේ ගෙදර වෙන්න ඇතී" ලී වලින් හදලා තියෙන, wei yingගේ පපුව ගානට වගේ උස ගේට්ටුවක් ගාව ඇවිත් හිටගන්න ගමන් කිව්වේ එයාගේ පිටිපස්සේ ඉන්න lan zhan දිහාට හැරිලා බලාගෙන.

"ම්න්"

"හරි එහෙනම් මන් කතා කරලා බලන්නම්." wei ying එහෙම කියලා ලී වලින් හදලා තිබ්බ ගේට්ටුව උඩින් අත් දෙක තියාගෙන ඇතුල්ට පොඩ්ඩක් ඔලුව දාලා බැලුවා.

"ආච්චී.........."

"ආච්චී....ඔයා ගෙදර ඉන්නවද???"

ඒත් කාගෙන්වත් කටහඩක් ඇහුනේ නෑ ප්‍රතිචාරයක් විදිහට.

"Eh! lan zhan, ගෙදර දොරත් ඇරලානේ තියෙන්නේ. ඒත් ඇයී කවුරුවත් උත්තර දෙන්නේ නැත්තේ??" wei ying වටපිට බලන ගමන් ඇහුවා.

"ගෙදර දොරවල් ඇරලා කොහේ ගිහිල්ලද මේ ආච්චී?? අපි ඇතුල්ට ගිහින් බලමුද පොඩ්ඩක්?"

"ම්න්"

wei ying ආපහු හැරිලා ගේට්ටුව අරින්න ගියත් ඒක අරින්නේ කොහොමද කියලා එයාට හිතාගන්න බැරුව ටිකවෙලාවක් බලන් ඉදලා ඔලුව උස්සලා වටපිටාව බැලුවේ ඇතුල්ට යන්න වෙන ක්‍රමයක් යන්න තියෙනවද කියලා බලන්න.

"Lan zhan, ගේට්ටුව ඇරගෙන යන්නත් බැරි එකේ, අපි අර බැම්මෙන් ඇතුල්ට පනිමූ. මොකෝ කියන්නේ???" wei ying එයාට එහාපැත්තේ තියෙන බැම්ම දිහාට ඇගිල්ලක් දික් කරන ගමන් කිව්වේ Lan zhan දිහාට හැරිලා.

"...."

Lan zhan ටික වෙලාවක් wei ying දිහා බලන් ඉදලා ලාවට ඔරවන ගමන් wei yingවත් පහු කරන් ගියේ ගේට්ටුව ගාවට.

ඊටපස්සේ ඊලග තප්පරේදී lan zhan ගේට්ටුවත් ඇරගෙන ඇතුල්ට ගියේ wei ying කටත් ඇරන් බලන් ඉද්දීම.

STRANGER: The One Who Comes From Another WorldWhere stories live. Discover now