Chapter 3~

276 53 2
                                    

එදා මුලු රෑම වැස්සා.මම උදෙන්ම නැගිටලා කොලේජ් යන්න ලෑස්ති උනා.ඒත් මගේ අම්මා හිටියේ නැහැ.එයා උදෙන්ම අලුත් හොටෙල් එකේ බොස් ව හම්බෙන්න ගිහින්.මම අම්මි ගැන හිත හිත පාරේ ඇවිදන් යනකොට මාව හරස් කරගෙන වාහනයක් නැවැත්තුවා.ඉක්මනට පාරෙන් අයින් උන මම ඔරවගෙන බලාගෙන හිටියා.ඒ අර මාව මඩවලින් නාවපු ඩබල් කැබ් එක.ටික වෙලාවකට පස්සේ  සුදු උස ටිකක් මහත මනුස්සයෙක් ඒ කැබ් එකෙන් බැස්සා.එයා යන්න ගියේ අර අලුත් හොටෙල් එකට.ඒත් එයා යන්න හදද්දිම මම,

"මේ ඒයී හලෝ ඔහොම ඉන්නවා!"

ඔව් මම එයාව නවත්තගත්තා.මගේ සුමිහිරි කටහඩ ත් එක්ක එයා මගේ දිහා හැරිලා බැලුවා.

හප්පද බොල කිරි අප්පට බල්ලෝ බිරපි කිව්වලු! කවුද මේ හාදයා? ඒ හිනාව හාවෙක් ගේ වගේමයි.මම එයා දිහා ඉනට අත් දෙකත් තියාගෙන බලන් හිටියා. හැබැයි එයා නම් මගේ දිහා බලන් හිටියේ ගල් වෙලා.ඒ ඇස් මොහොතකට මගේ ඇස් එක්ක අතරමන් උනා. *(ඒ හිනාවට මගේ පපුවත් මොහොතකට නතර උනා යකූ.....🤧)*

"ඔව් ඔව් ඔයා තමයි! කවුද හලෝ ඔයාට ඇස් පේන්නේ නැද්ද! මේ පාරේ මිනිස්සු යනවා කියලා පේන්නැත්තේ ඇස් පොට්ටද?"

ඊටපස්සේ ඒ හාවා මන් දිහා බලන් ඉදලා මං ගාවට ඇවිත් මගේ වටේ කැරකුණා.

"ඇයි පැටියෝ!! ඔයාව මගේ ස්වීටි හැප්පුවද? කෝ කෝ කොතනද ඔයාගේ තුවාල උනේ"

එයා එහෙම කියලා මගේ දිහා එක එල්ලේ බලන් හිටියා.ඇයි අංකල් තුවාල උනු තැන් අහන්නේ බෙහෙත් දාන්නද? *(අපේ කුකී අංකල් කෙනෙක් වෙලා ආර්මි🤧🤧)*  මම එහෙම හිතුවා විතරයි කිව්වේ නැහැ . මම එයා දිහා රවන් බලාගෙන හිටියා.

"හායි මම ජියෝන් ජන්ග්කුක්! නයිස් ටු මීට් යූ........."
"හායි බායි තමයි තමුන් ඊයේ මාව මඩ වතුරෙන් නාවල ගියා.අද මගේ ඉස්සරහා වාහනේ හරස් කරා.ඇත්තටම ඔයාට ලයිසන් දුන්නේ කවුද???" 
"මේ....මේ....මට....ස..මාවෙන්න!"

අන්තිමට එයා ගොත ගගහා මට සමාවෙන්න කිව්වා.මම එයාට බැන්නේ එයා වැරැද්දක් කරපු නිසා.......එයා කවුරු උනත් එයා කළේ වැරැද්දක් හදිසියේ වත් එයාගේ ඒ වැරැද්දෙන් ජීවිතයක් නැති උනානම්, පෝසත් මිනිස්සුන්ට නම් ගානක් නෑ ඒත් අපි වගේ දුප්පත් මිනිස්සු මොනවා කරන්නද?ජීවිතයක් ආයි ගන්න පුළුවන්ද??
.
.
.
.
.

කොලේජ් ඉවර වෙලා ගෙදර එනකොට මම දැක්කේ අපේ පෙට්ටි කඩේ.ඒක කොයිතරම් පුංචි උනත් මම ඒකට ගොඩක් ආදරය කළා.ඒ වගේම මම දැක්කේ මිනිස්සු පිරිලා ඉතිරිලා තියෙන අනිත් ලොකු හොටෙල් එක.මම හොටෙල් එක ගාවට ගිහින් දොර ඇරලා ඇතුලට ගියා.එතන හිටපු ගෑනු කෙනෙක් මං ගාවට ඇවිත්........

"මේ මිස්ටර්ට මොනවද වෙන්න ඕනි......"

"මං ආවේ මගේ අම්මාව බලන්න.....එයා අද මෙහෙ වැඩට ආවේ"

"ආ මිසිස් කිම් නේද......මිසිස් කිම් වොශ් රූම් ක්ලීන් කර කර හිටියේ.චෙයාර්මන් එයාට කතා කරපු නිසා එයා චෙයාර්මන් ගේ රූම් එකට ගියා.ඒකේ ඇති........."

ඒ නෝනා අම්මි වොශ් රූම් ක්ලීන් කරනවා කිව්වාම මට ඉකි ගැහුනා.අම්මේ ඔයා කොහොමද කොන්දෙ අමාරුව තියාගෙන මේ වැඩ කරන්නේ දෙයියනේ...........ඔව් අම්මිට කොන්දෙ අමාරුව බෙහෙත් ගන්නවත් අපිට සල්ලි නෑ! මේ දේවල් ඔයා කොහොමද අම්මේ දරාගන්නේ........

මම හොටෙල් එකේ පඩිපෙළ උඩට නැග්ගා.එතකොට මම දැක්කේ චෙයාර්මන් කියලා ලියපු බෝඩ් එකක් ගහලා තිබ්බ ලොකු රූම් එකක් මම ඒ දොර ළගට ගිහින් දොරට තට්ටු කරා........කිසිම හැලහොල්මනක් නෑ............ඒ හින්දා මම දොර ඇරගෙන ඇතුළට ගියා.ඒත් ඒ කාමරේ හිටපු රුව දැකලා මට කලන්තයට වගේ ආවා...........................................................

මතුවට....!!!














----------------------------------

Credit Goes To bby_Xiao....!

Vote~
Comment~
Share~

Our First Kiss~||TK|| ✔Where stories live. Discover now