Chapter 4~

265 50 4
                                    

Chapter 04

ඒ හිටියේ........මාව මේ පව්කාර ජීවිතයට ඇද දැම්ම මාව මේ විදියට පත් කරපු අපේ පුංචි ගේ එල්ලා තිබූ රූපයට පමණක් සීමා වූ ඔහු,

තාත්තා!!

මම දැක්කා තාත්තගේ ඇස් ගැස්සිලා යනවා.ඔව් තමන්ගේ ලේ වලින් සෑදුනු තමන්ගේ පුතා දැක්කම පුදුම වෙන්නැති...........

"ටේ පුතා........."

අම්මා මට කතා කළා.අම්මගේ ඇස් රතු වෙලා.අම්මා අඩලා.මම දැක්කා අම්මිගේ ඇස් කොණක කදුලු බිංදුවක් රැදිලා තියෙනවා.මම ඉක්මනට අම්මිට කතා කරා.

"අම්මි මොනවද මෙතන කරන්නේ?"

මම අම්මිගෙන් ඇහුවා ඒත් හිමීට නම් නෙවෙයි.මගේ කටහඩ චෙයාර්මන් රූම් එකේ දෝංකාර දුන්නා.එතකොටම මගේ නරුම තාත්තා මං ගාවට ආවා.

"ටේ, මං ඔයාගේ තාත්තා......"

"එහෙමද මම නම් දන්නේ නෑ මට තාත්තෙක් කියලා එකෙක් ඉන්නවා කියලා.මම මීට කලින් ඔහේව දැකලත් නෑ. නරුමයා! මේ හැමදේම තමුන් හින්දා. මායි මගේ අම්මියි මේ තත්වෙට පත් උනේ තමුසේ හින්දා. අපිට යන එන මං නැති උනේ තමුසෙගෙ බලු වැඩ හින්දා.තමුන්ට තාත්තා කියන නම ගැළපෙන්නේවත් නෑ.අපතයා!!!!"

මම කෑගැහුවා.මෙතරම් දවස් හිතේ හිර කරගෙන හිටපු දුක ඒ විදියට මම පිට කරා.මම කවදාවත් හිතුවේ නෑ මට මේ තරම් හයියක් තියෙනවා කියලා.ඒ වුණත් මගේ තාත්තා කියන එක්කෙනා දැක්කම මට තවත් ඉවසගැනීමේ ශක්තියක් තිබුණේ නැහැ. ඊට පස්සේ මම අම්මි දිහා බැලුවා. අම්මි ඉකි ගගහා අඩනවා.ඇයි අම්මේ ඔයා අඩන්නේ............

"අම්මි අපි මෙතනින් යන්........"

"ටේ මම කියන දේ චුට්ටක් අහන්නකෝ......."

"මොනවා අහන්නද? අපි අපේ පාඩුවේ ඉන්නම් මිස්ටර් කිම්,ඔයා ඔයාගේ පාඩුවේ ඉන්න........."

මම අම්මිගේ අතින් අල්ලගෙන කාමරෙන් එළියට යන්න හද්දිම කාමරේ දොර ඇරගෙන එක්තරා රුවක් කාමරේට ඇතුලු වුනා.........

"තාත්තේ......."


මතුවට...!!!



----------------------------------

Credit Goes To bby_Xiao....!

Vote~
Comment~
Share~


*පැටවුනේ මන් මේ දවස් ටිකේ ගෙදර නෙවේ ඉන්නේ.. ඒ නිසා Update පරක්කු වෙනවා.. ඉරිදා ඉදන් පුලුවන් විදියට දෙන්නම්.. ගොඩකාලෙකට පස්සේ අද තමා Wattpad ආවේ.. ඒ වගේම Thankyou.. මන් දැක්කා Still Hate Me 1K පන්නලා තියනවා.. ආදරෙයි ලිලීස්..!!🙂😭❤️

Our First Kiss~||TK|| ✔Where stories live. Discover now