ශාන් කෑ ගැහුවා. ෆෝන් එක තිබ්බා. ශාන් අඬනවා. මේසෙ ඔළුව ගහගෙන අඬනවා. යීබෝ කල්පනා කරනවා.
'මං දැං මොකද කරන්නෙ. කිච්චා කැමති නැත්තං මං එයා අරං පැනලා යන්නද? ඒත් ඇයි? එයා මගෙ යාළුවෙක්. යාළුවෙක්ගෙ වෙඩින් එකක් නං මං උදව් කරන්න ඕනිනෙ. හ්ම්......'
ශාන්ට කෝල් එකක් ගත්තා.
💚තමුසෙගෙ වෙඩින් එකට මං උදව් කරන්නං. මොනාද මගෙන් වෙන්න ඕනි.
❤️බච්චො ඔයා....... ඔයා කැමතිද........මං .....මං මේ වෙඩින් එක කරනවට?
💚මං........මං මොකටද අකමැති වෙන්නෙ?
❤️මං කැමති නෑනෙ..........!!!
💚ඇයි......... ඒ......... කෙල්ල ලස්සන නැද්ද?
❤️ලස්සනයි........ ලස්සනයි...... ගොඩක්......... ඒත් ඒ කෙල්ලෙක්.
දවසින් දවස ගත වෙනකොට ශාන් අර කලිං හිටියා වගේ වෙනස් වුණා. යීබෝ එක්ක කතා කරන එක අඩු කළා. දෙන්නට ම නින්ද අඩු වුණා.
වෙඩින් එක ළං වෙනකොට ශාන්ට නෙවෙයි යීබෝට පිස්සු හැදුණා. ශාන් නැතුව බෑ වgay දැණුනා. තුරුල් කරන් නිදා ගන්න විතරක් නෙවෙයි......මුළු ජීවිතේට ම. ඒත්....... ඒත් කොහොමද?ශාන් කන එක කෑම වේලක් යීබෝට මාසෙම වැඩ කරලවත් අරං දෙන්න බෑ. ඒ අතින් දෙන්නා අහසයි පොළොවයි වගේ. ඒත් එයා යීබෝ අරන් දීපු කෑම මාස දෙක තුනක් කිසිම අවුලක් නැතුව කෑවා.
යීබෝ දෙන දේ ශාන් කනව නං දෙන්නට දෙන්නගෙ උණුහුමේ නින්ද යනව නං, දෙන්නා ගැන දෙන්නා සෑහීමට පත් වෙනව නං තව මොනවද නේද?
ඒත් යීබෝට හිතුණෙම තමන්ට ශාන්ව බලා ගන්න බැරි වෙයි කියලා. එයාට තමන් ගාව ගොඩක් කල් ඉන්න බැරි වෙයි කියලා. ගෙදර සැප මතක් වුණ දවසක එයාට පපා ගාවට යන්න හිතෙයි කියලා.
ඒ හැමදේටමත් පස්සෙ එයා හිතුවෙ ශාන්ව අරං යන්න තමන්ට තියෙන හේතුව මොකක්ද කියන එක. ශාන්වත් එයාවත් කවදාවත් එහෙම බැඳීමක් ගැන කතා කරලා නෑනෙ.
තාම ශාන් වෙඩින් එකේ වැඩවලට සම්බන්ධ වුණේ නෑ. එයාට හිතක් නෑ. ලෙලේ බලං ඉන්නෙ ශාන් එක්ක කතා කරන්න පුළුවන් වෙලාවක් එනකං. වෙඩින් එකට දවස් තුනයි. ශාන් අදත් ඔෆීස් ගියා. කෑවෙත් නෑ. දැං වේල් කීයක් බඩගින්නෙද?
🧔චූටි සර්.......... ඇයි මේ........? කන්නෙත් නෑ. ලෙඩ වෙයි. යීබෝ සර් දැන ගත්තොත් මටත්.........
❤️මගෙ පාඩුවෙ ඉන්න දෙන්න අංකල්. කවුරුත් ගැන කතා කරන්න මට ඕන්නෑ. අනික ඔය එක එක්කෙනාට මගෙ විස්තර කියන්න ඕන්නෑ.
ශාන් බැහැලා ගියා. ලිෆ්ට් එකේ දොර වැහෙනකොට ම වටේට අඳුරු වෙලා වැටෙන්න ගිය ශාන් බාර් එක අල්ලගෙන ඇස් පිහදාලා ආයේ කෙලින් හිට ගත්තා.
හවස ගෙදර එන වෙලාවෙ මගින් ලෙලේට කියලා ඩෙක්ස්ට්රෝස් දෙක තුනක් ගෙන්න ගත්තෙ කාටවත් නොකියන පොරොන්දුව පිට.
අත් වැට අල්ලගෙන පඩිපෙළ නැගලා කාමරේට ගිය ශාන් ඩෙක්ස්ට්රෝස් එකක් බීලා එහෙම්ම ම ඇඳේ පෙරළුනේ තිබ්බ තෙහෙට්ටුවට. කන්නවත් නැගිට්ටෙ නැති ශාන් ආයෙ ඇහැරුණේ උදේ 4.30 ට. ඊයේ ඔෆිස් ඇන්ද ඇඳුම් පිටින් ම.
කොහොමහරි වෙඩින් එක දවස වෙනකං දවස ගෙවා ගත්ත ශාන් එදා උදේ ඇහැරුණේ පෝරකේට යනව වගේ මනසකින්. එයාට දැං බච්චාව මතක් වෙන්නෙත් නෑ. රොබෝ කෙනෙක් වගේ වෙලා.
🤵ලෙලේ...... මොකද අර ශාන්ට? පිස්සෙක් වගේ. අසනීපයක් ද?
🧔ම්.......මං......... ලොකු සර් මේ....... අපේ චූටි සර්.......... කන්නෑනෙ මේ ටිකේ........ ඒක........ වෙන්නැති...........
📝මතු සම්බන්ධයි📝
📝Sasee Zhan📝