Chapter 01⚠️️

199 28 14
                                    

අද සඳුදා.... සතියේ දවස් වලින් පාරේ ට්‍රැෆික් වැඩිම දවසක් තමයි අද. ජාන්ගේ ගේ ගාව තියෙන හෝල්ට් එකෙන් එයාව කාර් එකට නග්ග ගත්ත යීබෝ එයාව එයාව ස්කූල් එක්කගෙන ගියා.

"ගුඩ් මෝනිම් ඒයි..."

"ම්ම්ම් මෝනින්..."

"ම්හුක්.. බුකවගෙන කියන්න එපා අනේ... එහෙම උනාම කොහොමද මගෙ දවස සුබ වෙන්නෙ? "

"උදේම විකාර කියවන්න එපා මැණික. සද්ද නොකර යන්කො මං මේ ඩ්‍රයිව් කරනවනේ"

"ම්ම්ම්ම්.."

ජාන් රවාගෙන අහක බලාගෙනම ගියා.ටික වෙලාවකට පස්සේ යීබෝ ස්කූල් එක හරියෙන් කාර් එක නැවැත්තුවා.

"අද හවස ක්ලාස්ද ජාන්?"

"නෑ...බැඩ්මින්ටන් ප්‍රැක්ටිස් තියෙනවා"

"කීයටද ඉවර වෙන්නෙ?"

"4/4.30 ට වගේ ගගා..."

"හරි මං චෙන්ව එවන්නම් ඒ වෙලාවට ඔයාව ගන්න."

"ගගා අහන්නකො.. ඊයෙත් අපෙ ගෙදරට ගෑනියෙක් කේලම් කියලා.මං කාර් වලමයි යන්නෙ එන්නෙ කියලා"

"ඉතින් කමක් නෑ.. ඔයා කියන්න යාළුවෙක් කියලා. මං ඉක්මනටම ඔයගෙ ගෙදර ඇවිත් අම්මලා එක්ක අපි ගැන කතා කරනවා.මෙහෙම හරි ඉවසන් ඉන්නේ ඔයා තාම ස්කූල් යන නිසා."

"තව ඉතින් ස්කූල් ගිහින් ඉවර වෙන්න අවුරුද්දක්ම තියෙනවනෙ ගගා...මං බස් එකේ යන්නම්"

"හරි ඒක නම් ප්‍රශ්නෙ මං ගෙදර ඇවිත් කතා කරන්නම්කො අද හෙටම. මට බෑ ඔයාව මෙහෙම බස්වල යවන්න. වන්ග් ගෲප් එකේ අයිතිකාරයාගෙ බෝයිෆ්‍රෙන්ඩ් බස්වල බඩගාන එක හරි නෑනේ මැණික නේද."

"ඒත් ගගා..."

"ඒත් මේත් මොකුත් නෑ දැන් යන්න.. හොඳට ඉගෙනගන්න ම්ම්ම්.. හවසට වාහනයක් එවන්නම් මම"

යීබෝ ජාන්ගේ තොල් වල පුංචි හාදුවක් තියලා ජාන්ගෙ ඔලුව අතගෑවා.

ජාන් හිනාවෙලා කාර් එකෙන් බැහැලා යන ගමන් එයාගේ බෑග් එකේ තිබ්බ ලොලිපොප් එකක් කටට දාගත්තා. ඒක ජාන්ගේ පුරුද්දක්. යීබෝ ජාන් නොපෙනී යනකම්ම බලන් ඉඳලා යන්න ගියා.

SUICIDE ⚠️️Where stories live. Discover now