ඔයාට ජීවිතේ කවම කවදාහරි ඔයාව එපා වෙලා තියෙනවද?... ඔයා ඔයාටම වෛර කරගෙන තියෙනවද? දැන් හොඳටම ඇති හරිම හිතට හරිම මහන්සියි කියලා හිතිලා තියෙනවද?
ජීවිතේ කවදමහරි මැරෙන්න හිතිලා තියෙනවද?අපි ජීවත් වෙන ලෝකේ ඉන්නේ විවිධාකාර මිනිස්සු.. ඒ වගේම ඒ එකිනෙකාට තියෙන්නෙ විවිධාකාර ප්‍රශ්න. 'අනේ ඒ ප්‍රශ්නෙ හරි ලොකුයි.', 'අනේ ඒක මහ ලොකු දෙයක්ද ? හරිම පොඩි ප්‍රශ්නයක්නෙ ඕක' මෙන්න මේ විදිහට අපිට කිසිම කෙනෙක්ගේ ප්‍රශ්න තක්සේරු කරන්න බෑ.. මොකද කියනවා නම් ඒ ප්‍රශ්නේ ලොකු පොඩිකම දන්නේ ඒ අදාල සිද්ධියට මුහුණ දීපු කෙනා විතරයි.
මේක සමහරක් අයට බොලඳ කතාවක් වෙන්න පුළුවන්... හැබැයි ff එකක් ලියනවාට වඩා මෙතනදි මගේ අරමුණ වෙන්නේ කෙනෙක්ට ජීවිතේ ඇති කියලා හිතුන තැනකදි තමන්ට තමන්වම fix කරගන්න උදව් කරන එක. තමන්ගේ ලඟින් ඉන්න කෙනෙක් ජීවිතේ අතෑරලා දාන්න හදනවා නම් එයාව ආයෙම track එකට ගන්න උදව් කරන එක.
පෞද්ගලිකව මගේ ලඟින් ඉන්න කෙනෙක්ට මීට අවුරුදු ගානකට කලින් ජීවිතේ නැති කරගන්න ඕනි වෙලා තිබුනා ලමයි.මං එයාව ආයෙම track එකට ගන්න ගොඩාරික් ට්‍රයි කලා..දවසක් දෙකක් නෙවේ මාස ගානක්.. මං එතකොට තමයි deppresion කියලා එකක් තියෙයි කියලා දැනගත්තේත්.කියන්න සතුටුයි එයා දැන් ගොඩාක් හොඳින් සතුටින් ඉන්නවා.
ඉතින් පෞද්ගලිකව මම කැමති නැහැ සියදිවිහානි කරගන්න හිතන අයට හිනා වෙනවට. එයාලට පිස්සු.. එයාලා මෝඩයි කියනවට... මොකද මං ඒ වේදනාව දුක ඇස් දෙකෙන් දැක්කා.
ගොඩක් වෙලාවට තමන්ට තමන්ව fix කරගන්න හරිම අමාරුයි .හැබැයි ඒක තමන් ලඟින් ඉන්න තමන්ව තේරුම්ගත්ත කෙනෙක්ට උත්සහ කලොත් අනිවාර්යෙන්ම කරන්න පුළුවන්...
⚠️️මේක yizhan කතාවක් ලමයි.කැමති අය එකතු වෙන්න.
⚠️️එහෙනම් පලවෙනි කොටසින් හම්බවෙමු...
⚠️️lyz_8105ලස්සනම ලස්සන cover එකක් හදලා දුන්නට ගොඩාක් ස්තූතියි පැටික්කි..❤️