04 . ධනවත් දියණිය තවුසාට හසු විය

31 11 0
                                    

අපරභාගයේ දසවැනි හෝරාව ඇරඹීමට මඳ වේලාවක් තබා ඔංචිල්ලා පැදුම අරඹන ධනවත් දියණිය දහයේ හෝරාව ඇරඹෙත්ම තම ක්‍රීඩාව නවත්වා සූර්යෝදය තෙක්ම රැඳී සිටින්නීය.

එහෙත් එම ස්ථානයෙන් කවුරුන් හෝ යන්නේ නම් කීවන හෝරාවදැයි ඉතා සුහදව විමසන ඈ පසුව එම පුද්ගලයා මරා දමයි.

ඇගේ මෙම ක්‍රියාව සැමදා එකසේම සිදුවන්නකකි. එනමුත් කිනම් හෝරාවදැයි ඇසීම අතිශය ගැටලුකාරී විය. බොහෝ විට ඈ මියෑදීමට පෙරින් ඇයට වූ පැනය එය වන්නට ඇත.

ඉන්පසුව ඈ විසින් අනෙකාව මරා දැමෙයි.
එසේ සිදු කරනුයේ ඈ ඇසීමට රුචි හෝ ඈ බලාපොරොත්තුවන පිළිතුර නොලැබීම හේතුවෙන් ඉච්ඡාභංගත්වයට පත්වීමෙන් හටගන්නා ක්ෂණික කෝපය හේතුවෙන් විය යුතුය.

ඇතැම්විට ඇගේ පැනයට නිසිවූ පිළිතුර ලබා දෙන්නා නොමරා අත්හැරීමක් සිදුවන බවට සිතිය යැකි මුත් මෙතෙක් කලකට එසේ සිදුව නොමැත. මන්ද ඈ මිනිසුන්ගෙන් අදාල වූ පැනය විමසන මොහොතේදී බහුතරයක් දෙනා සංත්‍රාසයට පත්ව පලායාමට වෙර දැරීම හේතුවෙන් ඇගේ පැනයට පිළිතුරු නොලැබීමයි.

තාපසයෙකු වූ සෙන්පතියාද අවතාරය තමාගෙන් ප්‍රශ්න කළ මොහොතේදී සිදුකළේ අසිපත ගෙන සටනට එළැඹීමයි.

එසේ කිසිදු පාරදෘශ්‍ය බවක් නොවූ මෙම ගැටලුව බොර වූ දියතලයක් මෙන් වූයේය. මහා ගැඹුරක් ඇත්ද, ගැඹුරක් නොවේදැයි හඳුනාගැනුම අපහසුය. එසේ නම් කළ යුතු වන්නේ දිවිය පරදුවට තබා දියට බැසීමයි.

එලෙසින් සියල්ල දැනගැනීම උදෙසා ඇති එකම කර්තව්‍යය වූයේ ඈ විමසන පැනයට සදොස් හෝ නිදොස් පිළිතුරක් ලබාදීම පමණි.
නගරයෙහි බටහිර මාර්ගය වෙත පිවිසි තාපසයා ගිනිබත් වූ මැඳුර ඉදිරියට පැමිණි නමුත් අවතාරය සම්ප්‍රාප්ත වීමට කල්වේලා තවත් ගතවිය යුතු බව ඔහුට පෙනීගියේය.

එනිසා ඔහු මන්දිරයේ නෂ්ඨාවශේෂ වටා සැරිසරමින් තම මන්ඇසින් එය පිරික්සන්නට වූයේය.
ගින්නට හසුවී මියගිය බොහෝ දෙනෙකුගේ භෂ්මාවශේෂ මෙන්ම බොහෝ ආත්ම ප්‍රමාණයක් සැමතැනම විසිර ඇති ආකාරය දැකගැනීමට තාපසයා සමත් වුවත් විසිර සිටින ආත්ම භූමි සීමාව අතැර නොයන්නේ ඇයි දැයි දැනගැනීමට නම් ඔවුන් යම් ක්‍රියාවක් සිදුකළ යුතුය.
එනමුත් එම ආත්ම කිසිවක් නොකොට සාවදානව සිටීමද එක්තරා ගැටලුවක් විය.

දහයේ හෝරාවේ අවතාරWhere stories live. Discover now