02 . ඇගේ කෲරත්වය

73 15 1
                                    

අත්හැරදැමූ වෙළඳ නගරයෙහි අද්භූත බව පසෙකට දමා එහි යන්නවුන් පිරිසක් සිටිති.
එහෙත් පෙරලා පැමිණීම අවිනිශ්චිතය.
ඔවුන් නම් ධනලෝභී සොරුන්‍ ය.

අතීත කතාවල ඇති පරිදි ගිනිබත් වූ ව්‍යාපාරික නිවසෙහි සඟවා තබන ලද මහා ධනස්කන්ධයකි.
ධනවත් දියණිය මිනිසුන් මරා රකින්නේ එයයි.

ආලෝකයක් නොමැති රාත්‍රියේ පැතිරී ගිය අති පවිත්‍ර අන්ධකාරය නම් වරදෙහි චූදිතයෝ රාත්‍රියත් සඳත් වූ මුත් රාත්‍රිය පමණක් අවලාද අසන විට අමාවකැයි කියා වගකීම් පසෙක ලූ සඳ සැඟවී සිනාසෙමින් සිටියි.

එබඳු මොහොතක එක් පිරිසක් ගමන් කළේ අත්හැරදැමූ වෙළඳ නගරය වෙතය. රාත්‍රිය මැද එබඳු ගමනක් යන්නෝ බොහෝ විට සොර කැළකි.

කරත්ත දෙකක්ද සන්නද්ධව හුන් සොරුන්ගේ අභිප්‍රාය කරත්ත දෙකම පුරවා වස්තුව කොල්ලකෑම වන්නට ඇත.

අතැරදැමූ නගරයට ඇතුල් වූ ඔවුන් ගිනිසිළු ආධාරයෙන් වටපිටාව පිරික්සූහ.

පුළුල් මංමාවත් සහිත නගරයෙහි උස් ගොඩනැගිලි දැකිය හැකි විය. ඒවා පිටත් තුළත් රුක්ගොමු වැඩී තිබිණි. පියසි බිඳ වැටී දොර පියන් වේයන්ගේ ග්‍රහණයට ලක්ව ඇත.

මෙතරම් නාස්තියකට බඳුන් වූ ගොඩනැගිලි බෝ කලකට පෙර කෙසේ තිබෙන්නට ඇත්දැයි සිතිය හැක්කේ කා හටද,
කොතරම් සොබනීයත්වයක් තිබුණාද, කීතරමක් ධනලාභ තිබුණාදැයි මැනිය හැක්කේ කෙසේද,
එහෙත් ඒ සියළු දේ දමා යන්නට තරම් මෙහි වෙසෙන අවතාරයේ බියජනකබව, කෲරත්වය කෙසේ වන්නට ඇත්දැයි ඔවුනට සිහිනොවෙන්නට තරම් ධනය කෙරෙහි වූ ආශාවෙන් ඔවුන්ගේ නෙත් අඳව තිබිණි.

" උඹලට පේනව නේද මේ නඟරෙ ලොකු. අපි ගන්න ආපු නිධානෙම කොච්චර ලොකු ඇත්ද. මේ නගරෙ ඉඳල තියෙන්නෙ මහම මහ ගොං හැත්තක්. හොල්මන් උන්නැයි කියල මෙච්චර වටින දේපලක් දාල යන්නෙ නැත්තං කවුද." සොර පිරිසෙන් එක් සොරෙක් පැවසුවේ සමච්චල් සහගත ස්වරයෙන්.

" ඇත්ත ඇත්ත.. " තවකෙක් පැවසුවද බොහෝ දෙනෙක්ගේ පිළිතුරද එයම විය.

" අපරාදෙ, අපට තව කරත්තයක් කොහෙන් හරි උස්සං එන්න තිබ්බෙ. "

" ඔව් ඔව්, මේ නගරෙ හැටියට කරත්ත සීයක් පුරෝගෙන යන්ට තරම් රත්තරං මෙහෙ ඇති. ආයෙ දෙකක් නෑ.. "

දහයේ හෝරාවේ අවතාරWhere stories live. Discover now