05 . ගැටලුව උඩුදුවන ලකුණු

25 10 0
                                    

තාපසයා නගර සීමාවෙන් පිටතට ගොස් නැවතුණේ බිම වැතිර හුන් මිනිසෙකු ඉදිරියේය.

බිම දිගහැරි පැදුරු කඩමාල්ලක හතර ගාත් හතර අතට විදා වැතිරහුන් ඔහුව ඈත ආකශයේ පියාසලන පක්ෂියෙක් වෙත කතිරයක් අයුරින් පෙනෙනු ඇත.
ඔහුගේ විවරව තිබූ මුව වටා නින්ද මැද වෑහුණු කේඨය වියළී සමට ඇලී තිබිණි.
දයාබර  සිතක් ඇති මහත්මයෙක් එතැනින් ගියේ වී නම් ' අසරණ වූ අනාථයෙක් නිදිපැදුර මතම මියගොසැ ' යි සිතා ඔහුව වළදමා පිංපෙත්ද අනුමෝදන් කරනු ඇත.

එහෙත් ඔහු ඔහු තවමත් මියනොගියේ යැයි කියාපෑමට මෙන් ඔහුගේ කුස පිම්බෙන්ටත් ඇකිලෙන්ටත් වූයේය.
හිරු උදාව පවා ඔහුට බාධාවක් නොවූ සේය.

ඉතා සුශික්ෂිත හා සුශෝභිත ගති පැවතුමින් යුතු තාපසතුමා මඳක් උගුර පෑදුවේ නිදාහුන් පුද්ගලයා අවදි කිරීමේ අටියෙනි.
" ක්හ්ම්..."

නිදාහුන් පුද්ගලයා තවමත් නිදිගත් වනම සිටියායෙන් ඔහුව අවදි කිරීමට උගුර පෑදීමක් පමණක් ප්‍රමාණවත් නොවන බව පැහැදිලිය.

තාපසතුමා ඉතා සාමකාමී ලෙස නැවත ඔහු අමතන්නට වූයේය.
" අවදිවෙන්න.. "

එහෙත් කිසිදු ප්‍රතිචාරයක් නොවීය. සාමකාමී ආමන්ත්‍රණයකින් අවදිකළ නොහැකි තරම් නින්දක හේ පසුවිය. එහෙත් තරමක් කලහකාරී ප්‍රයත්නයක් යොදන්නේ නම් එවන් නින්දක පසුවන්නෙකු අවදි කිරීමට එක් මොහොතක් ප්‍රමාණවත් ය.
එනමුත් විනීත ඉඳුරින් හෙබි තාපසයෙකු තම චර්යාවන් පිළිබඳ සැළකිලිමත් වීම යෙහෙකි.
එසේම නින්දෙහි පසුවන්නෙකු වෙත අහේතුක බලපෑම් එල්ලකිරීම තවුසෙකුට තබා කුමන තරාතිරමක පුද්ගලයෙකු වෙතත් නුසුදුසු සහ අශෝභන වූ ක්‍රියාවක් වන්නේය.

නුදාහුන් පුද්ගලයා අවදිකිරීමෙන් ඇති ඵලයක් නොවූයෙන්ද, මෙතරම් සන්සුන් ලෙස නිදාහුන් මුත් අවදි වූ විට සිටිනා පුද්ගලයාත් නින්දේ හුන් පුද්ගලයාත් ' අහසට පොළොව ' බඳු වූයෙන්ද තාපසයා පසෙකට ගොස් හිඳගත්තේය.

නගර සීමාවෙන් පිටතට පැමිණීම හරහා නගරය තුළ සිටින ආත්මයන්ගේ බලපෑමෙන් මිදීමට වූ හැකියාව සැබවින්ම සහනයකි. එහෙත් එක්තරා ගැටලුවක් විය. බියකරු ආත්මයන්ගේ ක්‍රියාකාරීත්වය අපැහැදිලිය.

දහයේ හෝරාවේ අවතාරWhere stories live. Discover now