~Chapter 10 - Time Flies~

20 3 27
                                    

*Magical time skip-one year later*

*Chae wooki POV*

අපිට නොදැනීම දින, සති , මාස ගෙවිලා ගියේ හරිම ඉක්මනින්, හරියට අපිටත් හොරෙන් අවුරුද්දක්ම නිකන්ම ඉවර උනා වගේ හැගීමක් තියෙන්නේ. කොරියාවට ඇවිත් අපි ගත කරන පළවෙනි ශීත සමයයි මේ. හරිම සතුටක් දැනෙන්නේ, මේකත් අපේ ලොකු හීනයක් හැබෑ වීමක් තමයි.

උදේ පාන්දරම අපේ ශින් සුවානම් නැගිටලා, එයාගේ එක පුරුද්දක් තියෙනවා, ඔනිම දෙයක් කට ලගට එනකන් ආතල් එකේ ඉදලා ලන් වෙන්කොට බොරුවට stress වෙන එක, මොනවා කරන්නද, ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියනවානේ.

"යාහ් ශින් සූ! Let's go අනේ! ඔය මදැයි පාඩම් කරා, මෙහෙම ගියොත් අපිට exam එක කරන්න වෙන්නේ නෑ."

මන් කෙල්ලට හදිස්සි කරත් කෙල්ලනම් බැලුවේ නෑ, තව විනාඩී පහලවකට විතර පස්සේ තමා එයා නැගිට්ටේ.

" හරි යමූ දැන්" හරිම කලබලෙන් එයාගේ සපත්තූ දැම්මා, පස්සේ දෙන්නම bus එක ගන්න දිව්වා, හැබැයි තව විනාඩියක් පරක්කු උනානම් දෙන්නටම පයින් තමා යන්න වෙන්නේ. කොහොමහරි වැඩි වෙලාවක් යන්න කලින් අපිට University එකට යන්න පුලුවන් උනා, මට good luck කියපු ශින් සූ, එයගේ faculty එක පැත්තට දිව්වා, තව වෙලා තියෙන නිසා මාත් හෙමීට මගේ lecture hall එක පැත්තට යනකොට, කව්දෝ මන්ද ඇවිත් මගේ කරට අත දැම්මා.

" Good morning~කොහොමද? Exan වලට readyද?"

වෙන කවුරුත් නෙමෙයි, අපේ ජන්ග් වූ තමා මේ උදේ පාන්දරම මාව භය කෙරුවේ. මේ අවුරුද්දක කාලය අතරතුර මායි, ජන්ග් වූයි දෙන්නා ගොඩක් හොද යාලූවෝ උනා. දෙන්නගේ hobbies, likings එහෙම එකම වගේ, ඒ නිසා අපි දෙන්න ගොඩක් ෆිට් උනා. ඒ අස්සේ අර නයයි මුගටියයි වගේ ඉන්න දෙන්නා? අපරාදේ කියන්න බෑ දෙන්නා අවුරුද්දක් ගිහින් උනත් තාම වලි, හොස්ස ළගින් මැස්ස යන්න බෑ. 😒

"Good morning, මන් නම් ගොඩක් දුරට ready ඔයා මොකෝ? මේ year එක repeat කරන්න වෙයිද?"

මන් ජෝක් එකට වගේ ඇහුවම කොල්ලා හිනා උනා.

"අපෝ නෑ, sure එකටම pass වෙනවා."

කොල්ලා ඒක කිව්වේ පුදුම sure එකකින්. පේන විදිහටනම් කොල්ලා හොදට පාඩම් කරලා වගේ, මුලු රෑම ඇහැරලා ඉදලා වගේ. Dark circles එහෙමත් ඇවිල්ලා, අනික හෙන මහන්සී පාටයි. පව් අනේ.

fσr чσu🥀- ᴊᴜɴɢᴋᴏᴏᴋ  (sinhala fiction) Where stories live. Discover now