~Chapter 11- Surprise?~

5 1 0
                                    

*Chae wooki POV*

එතකොට තමා මං දැක්කෙ ජංකුක් මාස්ක් එකක් නැතුව ඉන්නවා. මට ඇස් අදහගන්න බැරිවුණා එයාව දැකලා. දෙයියනේ මගේ ගෙස් එක වැරදිලා නැහැ !

මේ ඉන්නේ ජංකුක්! මං කාටත් ඇරන් පුදුමෙන් එයා දිහා බලන් ඉද්දි තමා මට තේරුනේ Jung Woo මාව දැකලා පුදුම වුණ හැටි. ඇත්තටම කිව්වොත් පුදුම වෙලා නෙමෙයි පොඩ්ඩක් worried expression එකක් තමා තිබුණේ .

"අනේ Wooki..මේ අහන්න ඔයා මාව දැක්කා තමා ඒත් මා එක්ක තරහ වෙන්නේ නෑ නේද ? ඔයාව මට ෂුවර් නැති නිසා නෙමේ මං මගේ identity එක හැංගුවේ, මට ඒකට company එකෙන් තහනමක් දාලා තිබ්බේ. මට මගේ identity එක කාටවත් disclose කරන්න බැහැ. ඒක රූල් එකක්.

Jung Woo එහෙම පැහැදිලි කරත් මං හිටියේ වෙනමම trance එකක වගේ කියල මටම තේරුණා. ඇයි ඉතින් එහෙම වෙන්නේ එක සාධාරණයි නේ මම මගේ ultimate bias එක්ක නේද මෙච්චර කල් හොදම යාළුවො වගේ ආශ්‍රය කරලා තිබ්බේ කියලා තේරුණාම. අනික මං "Jungkook මගෙ bias. මං එයාට ආදරෙයි ." මේ සේරම කිය කිය  වැලලෙන්න හදලා තියෙන්නේ රියල් JK එක්කම නේද කියලා මතක් වෙද්දි දැනෙන නෝන්ඩිය. ෂැක්! ලැජ්ජාවෙ බෑ අප්පා!

"ආ.. ඔයා මේ Wallet එක දාල ඇවිත් - ඒක දෙන්නයි මං ආවෙ" මං හිමීට කොඳුර කොඳුර ඒක ගිහින් එයාගේ අතට දුන්නා. එයා ඒක හිනා වෙවී ගත්තේ, මගේ ඔළුවත් අතගාලා.

" මාත් එක්ක තරහ නෑ නේද පැටියෝ? දැන් මට concert එකට යන්න හදිසි නැත්තං මං ඔයාට මේ සේරම පැහැදිලි කරනවා. මං හෙට අනිවාර්යෙන්ම ඔයාට සේරම පැහැදිලි කරන්නම්. මට තේරෙනවා ඔයා confused වෙලා ඉන්නේ කියලා"

කොල්ලා එහෙම කිව්වම මං හිමීට ඔලුව වැනුවා ඒත් එක්කම එයා කාර් එකේ නැගලා Sojun එක්ක යන්න ගියා. මං ආපහු හැරිලා cafe එකට ගියේ Yoonieට මේක කියනවද නැද්ද කියල හිත හිත. මං දන්නවා Yoonie හොඳට රහස් පරිස්සම් කරන කෙනෙක් කියල. ඒත් ජංකුක් මේක එයාට කිව්වොත් අවුල් ගනීද?  ඒත් මේක මං එයාට නොකියා ඉඳලා පස්සේ දැනගත්තම කෙල්ලට දුක හිතෙයි. කමක් නැහැ මං ඒක එයාට කියනවා ඔන්න ඔහේ.

..........................................

"මොකක්???? ඔයා මාව prank කරනවා එහෙම නෙවෙයි නේද ????" Shin Suගෙ සද්දෙට කැෆේ එකේ හිටපු අය අපිට රැව්වා. හයියෝ මෙයත් එක්ක බැහැනේ, මං නැගිටලා එයාගේ අතින් ඇදගෙන ආවෙ පොඩ්ඩක් කට වහන් ඉන්න කියලා. කෙල්ල හොඳටම suprise වෙලා ඒත් කෙල්ලට ඒක අහලා happy.

fσr чσu🥀- ᴊᴜɴɢᴋᴏᴏᴋ  (sinhala fiction) Where stories live. Discover now