7❤

345 99 114
                                    

Author's POV ,

-"දැන් ඔයා කියන්නෙ ඔය Seok Jin කියන Alpha නිසා ඔයාට මනුස්සයෙක් වෙන්න ඕන කියලද?" Helios ඇහුවෙ නිවුණු කටහඬකින්...

ටික වෙලාවක් නිශ්ශබ්දව බිම බලාගෙන හිටපු Earth ඔළුව උඩ පහළ වැනුවෙ Helios බනීවි කියලා බයට...

-"මෙයාගෙ මේ මුරණ්ඩු වැඩ වලට උදව් කරන්න එපා Helios... මේක ලොකු විනාසයකට මුල වෙන්න පුළුවන්..." Moon කිව්වෙ තාත්තාගෙයි දුවගෙයි කතාවට අවධානෙන් ඇහුම්කන් දුන්නට පස්සෙ...

නම්ජූන් හොබීත් එක්ක වැඩ වගයකට පිටත් වුණාට පස්සෙ Moon , Helios දෙන්නම එයාලගෙ දුව Earth එක්ක සඳ මාළිගාවේ Garden එකට ආවේ නිදහසේ කතා කරන්න හිතාගෙන...

කතාවෙන් කතාව Earthගෙ හිතේ තියන දේවල් ගැන දැනගත්ත Helios Earthගෙන් තව තවත් ප්‍රශ්න අහන්න ගත්තෙ කුතුහලය නිසා...

-"ඔයාට විශ්වාසයිද ඔයා මේ හැමදේම කරන්නෙ ජින් කියන දරුවගෙ සතුට වෙනුවෙන් විතරමයි කියලා..."

-"Helios!!!"

-"ඉන්න Moon... මට දුව එක්ක කතා කරන්න ඕන..."

-"තාත්තායි දුවයි ඕන දෙයක් කරගන්න... හැබැයි ඔය දේවල් වැරදුණාම මාව හොයාගෙන එන්න එපා..." කිසි කෙනෙක් එයා කියන දේ අහන්නෙ නැති තැන එහෙම කියපු Moon එතනින් යන්න ගියෙ තරහින්...

-"ගණන් ගන්න එපා... ඔයාගෙ අම්මාට වැඩි වෙලාවක් ඔය විදියට ඉන්න බැහැ..." Helios කිව්වෙ Moon යන දිහා බලන් හිනාවෙලා...

-"ඔයා එයාට තාමත් ආදරෙයි..."

-"ඔව් ගොඩක්... ඒත් දැන් අපි කතා කරන්නෙ ඒක ගැන නෙවෙයිනෙ... අපි කතා කරන්නෙ ඔයාගෙ ආදරේ ගැන..."

-"ආ-ආදරේ? මම කිසිම තැනක කිව්වෙ නෑ මම ජින්ට ආදරේ කරනවා කියලා..."

-"Actions speak louder than words , My baby..." Helios කිව්වෙ Earthගෙ ලැජ්ජාවෙන් රතු වුණ කම්මුල් ආදරෙන් පිරිමදින ගමන්...

-"ඔයාට විතරයි මට උදව් කරන්න පුළුවන්... Please... තාත්තා..." Earth අන්තිම වචනෙ කිව්වෙ රහසින් වුණත් අහම්බෙන් වගේ ඒ වචනෙ Heliosට ඇහුණා...

-"ආයෙ එක පාරක් ඒක කියන්න..."

-"මො-මොකද්ද?"

-"තාත්තා කියලා මට ආයෙම එක වතාවක් කතා කරන්න..."

Crestfallen_Divinity [Ongoing]Where stories live. Discover now