15❤️

353 76 37
                                    

==========
Flash back
==========

-"මේ දවස් වල ඔයා ලොකු ප්‍රශ්නෙක ඉන්නවා වගේ දැනෙනවා , Earth..." ජින් කිව්වෙ ඇඳට වෙලා පොතක් දිහා ඔහේ බලාගෙන ඉන්න Earthට...

-"ම-මම? අනේ නැහැ ජිනී... මට මොන ප්‍රශ්නද?"

-"Oh really?" ජින් ඇහුවෙ එක ඇහිබැමක් උස්සලා කට කොනින් හිනාවෙන ගමන්...

-"Hmm..."

-"එහෙනම් ඇයි ඔයා ඔය පොත අනුත් පැත්තට හරවගෙන කියවන්නෙ? අලුත් trend එකක්ද?"

ජින් එහෙම ඇහුවට පස්සෙ තමයි Earth දැක්කෙ කොල්ලා කියපු කතාව ඇත්තක් බව... ජින්ගෙ දිහා බලලා අහිංසක හිනාවක් දැම්ම Earth ආයෙම පොත හරි පැත්තට හරවගෙන කියවන්න ගත්තා...

Earthගෙ දිහා ටික වෙලාවක් බලන් ඉඳපු ජින් ලොකු හුස්මක් පහළ දාලා ඇවිත් කෙල්ලගෙ එහා පැත්තෙන් වාඩි වුණෙ සඳ කුමරියගෙ කම්මුල් තමන්ගෙ අත්ල අතරෙ හිරකරගෙන...

-"Jin?"

-"ඔව් ජින් තමයි... ඔයාගෙ ජින්... හ්ම්ම්? ඉතින් ඒ නිසා දැන්වත් මට කියන්නකො... ඇයි ඔයා ඔය අවුලෙන් ඉන්නෙ?"

-"එහෙම දෙයක් නැ-"

-"Bullshit... ඔයාට මාව විශ්වාස නැද්ද?"

මට ඔයාව විශ්වාස නැත්තෙ නෑ ජින්... මට අවිශ්වාස එකම කෙනා තමයි මම...

ජින්ගෙ ඇස් දිහා කෙළින් බලාගෙන අව්‍යාජව හිනා වුණ Earth කොල්ලගෙ තොල් වලින් පුංචි හාදුවක් තිව්වෙ නොසෑහෙන ආදරයකින්...

-"I trust you Jin... More than my ownself..."

Earthගෙ වචන ජින්ගෙ මූණට ගෙනාවෙ හිනාවක්... ඒත් ඒ හිනාව වැඩි වෙලා නොතිබුනෙ කාමරේ දොරට තට්ටු කරන හඬක් ඇහුන නිසා...

-"Come in" ජින් කිව්වෙ Earthගෙ ඈත් වෙන අතරෙ...

-"Greetings Alpha!!! Eldersලා ඇවිත් තියනවා ඔබතුමාව හමුවෙන්න..." කාමරේට ඇතුළු වුණ Omega maid කෙනෙක් එහෙම කිව්වෙ මොහොතකටවත් ඔළුව උස්සන්නෙ නැතිව...

-"හ්ම්ම්... එයාලට කියන්න මේ මගේ විවේක ගන්න වෙලාව කියලා... පස්සෙ වෙලාවක එන්-" ජින් කියාගෙන ආපු එක මගින් නැවතුනෙ Earthගෙ සන්සුන් කටහඬ නිසා...

-"ජින්... එයාලා එක්ක කතා කරලා ඉන්න... හදිසියක්ද දන්නෙ නැහැනෙ..."

Crestfallen_Divinity [Ongoing]Where stories live. Discover now