End

654 92 8
                                    

එයා මාව  සම්පූර්ණයෙන්ම එයාගෙ ජීවිතෙන් අයින් කරලා...

එයා මාව  සම්පූර්ණයෙන්ම එයාගෙ ජීවිතෙන් අයින් කරලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කොල්ලා එතනම බිම ඉඳගත්තෙ අහස දිහා බලාගෙන.

එයා කරපු දේ හරි නේද.. එයාට එච්චර කරදර කරපු මට තව අවස්තාවක්...

කොල්ලා ආයෙම හිනා උනා. ඒ එක්කම  කෑ ගහලා අඬන්න ගත්තා...

සරත් සෘතුවේ පලවෙනි වැස්සත් එතකොටම වැටෙන්න ගත්තෙ  හරියට අහසත් මේ කතාව මුල ඉඳන් දැනන් හිටියා කියලා පෙන්නන්න වගේ...

වැහි බින්දුත් එක්ක කඳුලු  එකතු වෙද්දි කොල්ලා එකපාරටම බය වෙලා වගේ නැගිට්ටා...

නෑ  .............  සාරාජේක්ට වගේ අවසානයක් මම අපේ කතාවට දෙන්නැ ඒන්ජල්.. මගෙ ජීවිතේ ආයෙම ඔයාව නැති කරගන්නෑ...

තාම එච්චරම තෙමිලා නැති  පොත් දෙක අරගෙන තෙමෙන්නැති විදියට
කෝට් එකෙන් වහගත්ත ජංකුක්  අහසට හෙලුවෙ හරිම අධිෂ්ඨානාත්මක බැල්මක්...

..........................................................

මාසයක් ගතවුනා .

ආව ගමන් ඉක්මනට ආපිට යනවා කියලා හිතාගෙන හිටපු සූමින් තාමත් හංගුක් වල..

රටේ විවිධ පැතිවල තිබ්බ  එකඑකෙ ඉවෙන්ට් . යුනි එකේ ඉවෙන්ට් ඒ වගේ ගොඩක් දේවල් වලට සූමින්ට යන්න උන නිසා කෙල්ලට ආපහු යන්න බැරි උනා..

හැබැයි මේ හැමතැනදීම.... හැමදාම..  කෙල්ලට අමුත්තක් දැනුනා.

මේ ඉන්න දවස් ටිකේ කෙල්ල හැම සතියකම වරද්දන්නැතුව  එක දෙයක් කලා. ඒ.. ජංකුක්ගෙ ලියුම.... තමන්ගෙ අනන්‍යතාවය එලියට ආවත් කෙල්ල ඒක නැවැත්තුවෙ නෑ..

ජංකුක්ව අමතක කලා කීවත්......එයා ඒක කලා...

හොඳයි ඒක පොරොන්දුවක්.. ඉතින් ඒක කඩකරන එක හොඳනෑ නේද...

ANGEL BESIDES HIM🌼                                             [JJK FANFICTION]Where stories live. Discover now