⚜️ Chapter 02 ⚜️

1.5K 190 32
                                    

............
ඔහොම ඉන්න පොඩ්ඩක්. කව්ද අර pool එකට එහා පැත්තෙ ඉන්නෙ. ආ පගර නැට්ටනෙ. මොකද ඒ කරන්නෙ.
හයියෝ අම්ම කිව්ව හරි මූ හුරතලේට ඇති කරන්න තමා හොද. පොඩි එකෙක් වගේ පූස් පැටිය එක්ක සෙල්ලන් කරනව. නමකුත් දාගෙන තියෙන්නෙ ඔය කිටී පැටිය කියල. කෙල්ලෙක්ටත් වඩා අන්තයි. කැම්පස් ගිහින් කොහොම ඉන්නවද දන්නෑ. හහ් වැටෙන්න ගියා නේද pool එකට. තව පොඩ්ඩෙන් වැටෙනව අපරාදෙ තෙමිච්ච කුකුල වගේ වැටෙන්න තිබ්බෙ. අපෝ මෝඩයෙක් මහ.
😂

"මොනාද බං ඔය එබීගෙන බලන්නෙ "

"අහ් ලොකූ. මන් මේ පොඩ්ඩක් එලියට ආව නිකන් ඔහෙ හිටිය."

"මන්නන් දැක්කෙ ඒ වගේ නෙමෙ. මොනාද උබ ගිරාෆ් වගේ බෙල්ල දාගෙන බලන්නෙ"

"මොකුත් නෑ බං"

අයියා එහෙම කියාගෙන ආවෙ මන් ඉදන් හිටපු පුටුව ලග තියන අනිත් පුටුවට.

"ආහ් උබ හොද ෆිල්ම් එකක් බලනව වගේ මෙතෙන්ට වෙලා."

ලොකූ ඇහුවෙ පගර නැට්ට දිහා බලල.

"නෑ මන් මේ ඔය පගර නැට්ට දිහා බලන් හිටියෙ. දගලනව දගලනව අර පූසා එක්ක ඉවරයක් නෑ"

"ඌ තාම පොඩී තමා බන්. උබ වගේ නාකියෙක් නෙමේ. ඉරිසියාව උබට තියන."

" අනේ මන් උගෙ මොනවට ඉරිසියා කරන්නද. ඇගක්වත් තියනවනන් කමක් නෑ"

"ඇයි කොල්ලගෙ ලස්සනයි හුරතල්කමයි."

"අපෝ කෙල්ලොන්ටත් වඩා අන්තයි"

"චූටි නිවන්ද හරි අහින්සකයි. අපේ ගෙදර ආපු දවස් වල හැන්ගි හැන්ගි හිටියෙ මන් ඉස්සරහටවත් එන්නෙ නෑ බයට. මන්මයි බලෙන් කතාවට අල්ලගත්තෙ. ඌ එක්ක එක පාරක් කතා කරපුවම ඌව හුරතල් කරන්නමයි හිතෙන්නෙ. මුලදි මට ලොකු බේබි අම්මට නෝනා තාත්තට මහත්තය කියල කතා කලේ. ඒ උනාට ඌ අපේ ආදරේ දවසෙන් දෙකෙන් ගත්ත. ඒක නිසා තමා දැන් අම්මටයි තත්තටයිඇන්ටියි අංකලුයි කියන්නෙ. මටත් දැන් මින්සර අයිය කියල කියන්නෙ. "

"අනේ හොද අහින්සකකම මන් දැක්කනෙ."

"ඇයි"

"මට ඌව හම්බුනේ එකටම කෑම මේසෙදි නෙමේ. රදීශව ගෙදර දාල එනකොට පාරෙදි."

⚜️ හදවතක උරුමය ⚜️(Complete)Where stories live. Discover now