⚜️ Chapter 06 ⚜️

1.3K 175 35
                                    

.....🎶.......
දුටුව දිනේ මන බැදුනේ... නුඹ දගකාර නිසා....
තවත් අගේ වැඩිවෙන්නේ... ආරම්බර හින්දා.....
හදක් වගේ සුදු මූනේ... ඇදෙන සිනා දැකලා.....
මටත් හොරා බොලද මගේ.. සිත මනමාල වෙලා..
.....🎶......

පොඩ්ඩක් හුලං වදිනකන් එහෙමම බැල්කනියට වෙලා ඉදලා ටිකකින් ආයෙ ඇදට ආවේ මන් මොකද කලේ මට මොනවද උනේ කියල හිතන ගමන්.

ඒ කියන්නෙ මන් එයාට කැමතිද?

මන් කොල්ලෙක්ට කැමති?

එතකොට මන් මෙච්චර දවසක් එයාව හෙව්වෙ එයාව දකින්න නැති දවසට ගෙදරම පාලුවට දැනුනෙ දැක්කෙ නැති දවසට කොහොම හරි බලාගන්න try කලේ මන් එයාට කැමති නිසාද?

නිවන්ද ඔයා මාව පිස්සෙක් කරලා.

එයා මන් ගැන කොහොම හිතන් ඉන්නවද දන්නෙ නෑ. කිස් කරපු එක මොකද දන්නෙ නෑ.
ආයෙ පොත් ඉල්ලන්න එන්නැතිවෙයිද?

ලාවට වගේ හිත ඇතුලෙන් පොඩියට කරන්ට් එකක් ගියා. මන් ෆෝන් එක අතට ගත්තෙ එයාට මැසේජ් එකක් දාන්න කියල හිතලා.

💬.....................................................................

🤵: නිවූ... නිදිද?

විනාඩි 10ක් වෙලාත් කිසිම රිප්ලයි එකක් ආවෙ නැති වෙද්දි මගේ හිතට දුක කියන එක නිකම්ම වැක්කෙරීගෙන ආවා.

ඒත් එක්කම වගේ මැසේජ් ටෝන් එක ඇහුනා. දෙයියනේ එයා වෙන්න.

හරි එයා තමා..... යන්තන් ඇති රිප්ලයි කරලා...

🙍:තාම නිදි නෑ.

🤵:කාමරේද ඉන්නෙ.

🙍:ඕ චූටි බේබි.

🤵:මට ආයෙ චූටි බේබි කියන්න එපා. තරහ ඉවරයි දැන්.

🙍: එහෙනන් මොකක් කියලද ඔයාට කතා කරන්න ඕනෙ.

🤵:ඔයා කැමති එකක්.

🙍:කියන්නද.

🤵:හ්ම්ම්ම්.

🙍:මෝඩයා🤭

'Cute. දගයෙක්නෙ ඔයා. '

🤵:ආ.... දන්නවනෙ දඩුවම් කරනවා හරිද?

🙍:නෑ නෑ එහෙම කියන්නෙ නෑ... වින්දක අයියා.

🤵:හ්ම්ම්ම්. ආයෙ පොත් ඕනෙද.

⚜️ හදවතක උරුමය ⚜️(Complete)Where stories live. Discover now