⚜️ Chapter 04 ⚜️

1.3K 173 38
                                    

උදේම ඇහැරුනේ කව්රුහරි දොරට තට්ටු කරන නිසා.
කව්ද අප්ප මේ වෙලේ. අනික වෙලාව කීයද කියල බලනකොට අප්පට 9ත් වෙලා. ඊයෙ රෑ වෙනකන් documentary ටික කරපු නිසා හොදටම නින්ද ගියා. අනික උදේම ඇහැරුනා කියල කරන්න දේකුත් නෑනෙ.

"කව්ද. අම්මද?"

"නෑ මේ මම."

ආඅහ් මේ මෙයානෙ. මොකද දන්නෑ උදේ දොර කඩන්න හදන්නෙ. ආ අස් කරන්න වෙන්න ඇති එන්න ඇත්තෙ.

"කව්ද මමට නමක් නැද්ද ආයෙත් සැරයක්.මම නමක් දෙන්නද"

"න්.. නෑ මේ මම නිවන්ද"

"ආ එන්න"

කියද්දි ඕන් ඉතින් හුරතල් පගර නැට්ටා දොරත් ඇරන් ආවා.
හැබැයි එකක් මෙයා ආවම මගෙ කම්මැලිකමනන් නැත්තටම නැති වෙනව. ඇයිදනන් දන්නෙ නෑ ඒ උනාට එහෙම වෙනව.

ඇවිත් මන් දිහා හොරා වගේ බලන් ඉන්නව. ඒ හුරතල් මූන දැන් දැක්කම බනින්න හිතෙන්නෙත් නෑ.

"අද ලෙක්චර්ස් නැද්ද "

"අද ඉරිදනේ...."

අමතක වෙලා වගේ හුරතලේට හිනා වෙලා ඇදල කිව්වට එක පාරට ආයෙ බය වෙලා වගේ කට වහගත්ත.

"ආහ් මට අමතක උනා"

"මන් අස් කරන්නද"

"හරි කරන්න මන් වොශ් එකක් දාගන්න යනව. මන් එනකන් ඉන්න"

එහෙම කියල මන් වොශ්රූම් එකට ගිහින් දොර වහගෙන ඉක්මනට ඉක්මනට වොශ් එකක් දාගෙන ආයෙ කාමරේට එනකොට එයා මගේ ඇද උඩ ඉදගෙන කකුල් හොලව හොලව ෆෝන් එක ඔබ ඔබ ඉන්නව. මොන ලෝකෙ ඉන්නවද මන්ද මන් ආව කියලවත් දන්නෙ නෑ මන් කතා කරනකන්.

"අස් කරල ඉවරද ම්ම්ම්"

කිව්ව විතරයි කොල්ල දුන්න වගේ නැගිට්ට.

"ආ.. ඔව් චූටි බේබි."

"හෙට ඉදන් ආයෙ ලෙක්චර්ස්ද"

"ඕ හැමදාම උදේ ඉදන් හවස් වෙනකන් තියනව."

"එහෙනන් උදේට කාමරේ අස් කරන්න ඕනෙ නෑ ආයෙ. "

"හ්ම්ම්ම්"

"මන් මොකක් හරි උවමනාවක් උනොත් කියන්නන්කො"

"හ්ම්ම්... මේ... ච්.."

මොකක් හරි කියන්න ගිහින් ඉක්මනට නැවැත්තුව.

⚜️ හදවතක උරුමය ⚜️(Complete)Where stories live. Discover now