අදට අවුරුදු 2යි....
මගේ පලමූ ආදරයට.....
කවදාවත් හිමි නොවුන මගේම ආදරය....අද කොලේජ් එකේ අන්තිම දවස.....
මට එයාව දකින්න ලැබෙන අවසාන දවස.....
අදත් සුපුරුදු ලෙසම ඇයගේ බදවටා ඒ අත රැදිලා තියෙනවා....-"ඒ ජන්ග්කුකා එහෙනම් ඉතින් ඉක්මනට උබලගේ වෙඩින් එකට අපිට ලෑස්ති වෙන්න වෙයි නේද?."
ඔහු විහිලුවෙන් වගේ කිව්ව ඒ සරදම හිත පතුලටම පිහි තුඩක් වගේ පසාරු කරගෙන ගියත් හීන්සීරුවේ සිනහවක් නගාගන්න මට පුලුවන් වුනා...
-"ම්ම් ඔව් ජිමිනා...කොහොමහරි ඉතින් මේ අත මගේ කරගන්න ඕනෙනේ...."
ඇයගේ එක් අතක් හරි මෘදුව සිපගනිමින් ඔහු ඇය දෙස ඒ නිල් ඇස් යොමු කරා.
-"කුකී..."
-"ම්ම්ම්"
-"සාරන්ග්හේ කුකී....."
-"නාදු සාරන්ග්හේ මැණික.."
හීනෙකින් වගේ ඒ වචන පෙල මගේ කන් දෙක අතරින් ගලා ගෙන ගියා....
මන් අහන්නට පෙරුම් පුරපු ඒ වදන් පෙල....
අද ඔහු ඇයට පවසනවා.........................................................
උපාධී උත්සවය අවසන් වුනාට පස්සෙ ලමයින් එක රොත්තට පිට්ටනියට ආවේ සතුටින් කෑගසමින්...
මමත් ඒ පිරිසත් එක්ක එකතු වෙලා සිනහා වුනත්,
මගේ ඇස් හෙව්වේ ඒ රුව.....
එක්වරම හැමෝම කෑගසමින් අත්පොලසන් දෙන්නට පටන්ගත්තේ ,
පිට්ටනිය මැද තම තමන්ගේ ලෝකයේ තනි වෙමින් ආදරයෙන් සිප ගන්න යුවල දෙස බලාගෙනයි......ඔව්... ඒ ඔවුන්......
හද පත්ලෙන්ම උපන් සිනහවකින් මුව සරසගෙන මාත් අත්පොලසන් දුන්නේ ඔවුන්ගේ සුන්දර ගමනට සුභ පතමින්......මේ හිත ඔහුට ආදරය කල වගක් කවදාවත් ඔහු දැනගන්නට නොගනිවී.....කෙසේනම් දැනගන්නද අප්‍රකාශිත වුනු මගේ සොදුරු රහස.......🥀
YOU ARE READING
My Frist Love 🥀
Fanfiction-in the far away sky you look like a little star don't you have a mind about me now? looks like we are far away from ourselves .....<3 just a short ff ..❤️