chapter 8🥀

129 21 0
                                    

අවුරුදු 26 කට පසු...

අද තමයි ඔම්මා කෙනෙක් විදියට මගේ ජිවීතේ වටිනා දවස....
මගේ පුංචි සේහූන් අද දවසේ එයාගේ ජීවන සහකාරියව සදහටම එයාගේ කරගන්නවා...

-"ඔහ්..ඔම්මා මොකද අනේ මේ....බලන්නකෝ අප්පා ඔම්මා නිකන් චූටි බබෙක් වගෙනේ අඩන්නේ.."

-"ජගියා...මොකො මේ ආහ් ...අද දවසෙත් ඔයා ඔහොම අඩලා හරියනවද අනේ...."

-"අනේ යන්න ටේ....ඔයාට තෙරෙන්නැහැනේ ඉතින් මෙව්වා....සේහූන්ට දැන් අපිව අමතක වෙයිද දන්නෙත් නැහැ...."

-"ආශ් ඔම්මා ඔයානම්....ඇත්තමයි ඔයාට වඩා හොදයි අර නර්සරි යන පොඩි බබාලා..."

සේහූන් මාවයි ටේවයි දෙන්නවම බදාගෙන හිනාවෙලා අපිටම වෙන්වුනු ලෝකයේ මොහොතකට තනි වුනා....

.....................................................

-"ජොන් ජන්මී වන ඔබ කිම් සේහුන් වන මොහුව ඔබේ නීත්‍යානුකූල සැමියා ලෙස භාරගන්නේද?"

ජොන්...... ජොන් කියලා නේද කිව්වේ.....
මම මොහොතකට අතීතය තුල අතරමන් වුනේ ඒ නම ඇහිලයි.......
ජන්මී දූගේ පවුල් පසුබිම පවා මන්වත් ටේවත් මහා ලොකුවට හෙව්වේ නැත්තේ සේහූන් ,දුව ගැන ඕනවටත් වඩා දැනගෙන හිටපු නිසයි...ඒ වගේම අපි දෙන්නට සේහූන්ගේ තේරීම ගැන විශ්වාසයක් තිබුනු නිසයි.....
එහෙම්මම මන් මගේ ඇස් ජන්මී දුවගේ දෙමාව්පියන් දිහාවට එල්ල කලේ එක අතක් පපුවට තදකරන් වේගයෙන් ගැහෙන හදවතත් පාලනය කරගනිමින්.....

එයා වෙනස් වෙලා........
හුගක් වෙනස් වෙලා.........
ඒත් තාමත් ඒ ආදරේ පිරුනු නිල් පාට ඇස් අද ජන්මී දුව දිහා බලාගෙන ඉන්නවා.....
හදවතේ කොනක නිදන්ගත වෙලා තිබුනු පරන මතක එකින් එක පෙන බුබුලු වගේ උඩට මතු වෙද්දී ගැහෙන හදවත පාලනය කරගන්න මන් ලොකු උත්සහයක නිරත වුනා ......

-'ජගී...මොකද...මොකක් හරි ප්‍රශ්නයක්ද?"

ටේහ්‍යුන්ග් මගේ එක අතක් අල්ලලා පිරිමදිනකොටයි මම ගැස්සිලා ගිහින් මේ ලෝකේ සිහියට ආවේ...

-"අ.අනී ටේ ඔක්කොම හො.හොදින්...ප්‍රශ්නයක් නැහැ...මට මේ ටිකක් ඇඩෙන්න වගේ ඒකයි...."

-"පිස්සී..අඩන්න නෙමේනේ ඕනේ....හිනා වෙලා සතුටින් කෑගහන එකයි කරන්න ඕනේ....."

ටේහ්‍යුන්ග් මගේ කම්මුලක් පිරිමදිමින් මාව සනසනවා.....

.................................................

වෙඩින් එකේ වැඩ කටයුතු ඔක්කොම වගේ අවසන් වෙද්දී මනාල යුවල පිටත් වෙන්නයි සූදානම් වුනේ....

-"මගේ කෙල්ලව හොදට බලාගන්න ඕනේ සේහූන් "

ඒ කටහඩ....
අවුරුදු ගානකට පස්සෙ මන් ආයෙත් ඒ කටහඩ අහන පලවෙනි වතාව....

-"බය වෙන්න එපා ජන්ග්කුක් මේකා මොකක්හරි දූට කලොත් මන් ඒ ගැන බලාගන්නම්"

-"අහ් අප්පා...මොකද්ද අනේ... ඔයත් දැන්මම ජන්මිගේ පැත්ත ගත්තා නේද.."

හැමෝම සතුටින් හිනාවෙනකොට මාත් ආයාසයකින් මුහුනට හිනාවක් මවාගත්තේ නොකර බැරි කමටයි....

ඔහු අදටත් ඇයගේ ඉනවටා අත් යවලා තුරුල් කරන්.......

එක්වරම මගේ ඉනවටා එතුන අත් දිහා මන් මොහොතක් බලා හිටියේ...
ඒ ටේහ්‍යුන්ගේ අත්....
ඔව්....මගේ ජීවීතේ මට හිමි වුනු මගේ ආදරය ......මගේ ආත්ම සහකරු.......

ඔහුවත් මගේ පලමු ආදරය ගැන නොදන්නවා ඇති.....කෙසේ දැනගන්නද මා පලමුව ප්‍රේම කල හිතවත් ඒ බව නොදන්නකොට......
එය  මා මැරෙන තුරාවටම මගේ හිතේ කොනක තවත් එක් සුන්දර රහසක් ලෙසම සදාකාලිකවම පවතීවී.....🥀

මතු සම්බන්දයි.......🥀

ඉතින් කතාව හොදනම් වෝට් කරලා පුංචිම පුංචි උදව්වක් කරන්න......saranghae ❤️

My Frist Love 🥀Where stories live. Discover now