මිනිසෙක් යටිගිරියෙන් කෑගැසූ හඬක්, ගල්මුල් පස් කඩාවැටෙන ශබ්දයක් සමඟ බරැති යමක් ජලයට පතිත වීමෙන් නැගී ආ නාදයක්....
එය ඔහුගේ භාවනාවට බාධාවක් විය.ඒත් සමඟම ඔහු අතිශය පුදුමයට පත්කරවූයේ මනුෂ්‍ය හඬ ය.කිසිවෙක් පා නොතබන භූමියක මිනිස් හඬක්(ඔහුගේ හැර) ඇසීම විශ්මයට කරුණක් නොවන්නේ ද.. සියළු ශබ්ද ඇසුනේ චන්ද්‍ර ජලාශය පෙදෙසින් නිසාවෙන් ඔහු වහවහා එදෙසට පියනැඟූ අතර ශබ්ද සියල්ලටම හේතුව මේ වනවිට ජලාශ ඉවුර මත සිටිනු දක්නට හැකිවිය. නමුත් එහි වරදක් ඇති බව ඈත සිටම වටහාගත් ඔහු වහා අසළට ලං වී විපරම් කළ විට දුටුවේ හේතුව සිහිසුන්ව ඇති බව ය.
හෝරා කිහිපයකට පසු.........
සිහින් කෙඳිරුම් හඬක් සමඟ හේතුව දෑස් හැරි අතර හැසිරීමට අනුව නම් මනස තවමත් විසිරී පවතින හැඩ ය. තවත් සුළු මොහොතකින් සිය දකුණත චලනය කළ හේතුව, සිය හිස අල්ලාගෙන " වේදනයි" යැයි තවත් කෙඳිරියක් නැගී ය."ඔබේ හිස තදින් වැදී තිබුනා.දැන් මේ ඖෂධ පානය කරන්න.සහනයක් දැනේවි" ඒ ඔහුගේ ගැඹුරු හඬ ය.
දෑස් කරකවා බලා සෙමින් ඖෂධ පානය කළ හේතුව සෙමින් දෑස් පියාගත් අතර නැවත වරක් දෑස් හැර බැලී ය. " එය නැවත වරක් තහවුරු යි.මා එය දැනසිටියා " යි කුමක්දෝ සිහින් ස්වරයකින් තමාටම මුමුණාගත් අතර තවත් සුළු මොහොතකින් යළි නිද්‍රාවට පත්විය.
නිද්‍රාජනක ඔසු අඩංගු කර තිබූ ඖෂධ බඳුන දෙස බැලූ ඔහු එම නිදන කුටියෙන් පිටතට පිවිසියේ සියල්ල නිසි අයුරින් පවතින බැව් නැවත වරක් තහවුරු කරගැන්මෙන් අනතුරුව ය.
පසුදින උදෑසන......
ආගන්තුක තැනැත්තා අවදි වූ අතර මඳ වේලාවක් යනතුරු ඔහු පියවි සිහියට පත් නොවීය.සයනයෙන් එසවී එහිම අසුන්ගත් ඔහු වටාපිටාව වෙත දෙනෙත් යොමුකරමින් පෙරදින සිදුවූ සියල්ල සෙමින් ආවර්ජනය කළ අතර, නිදන කුටියේ දොරටුව විවරවීම සමඟ එදෙසට නෙත් යොමු කළේ ය.එහි සිටියේ තමා පෙරදින ඈතට දුටු උස්,කඩවසම්, ශ්වේත රුව ය.
"ඔබ අවදිවෙලා".. ගැඹුරු නමුත් මධුර ස්වරයක්.. " ස්නාන කුටිය තුළ මා ඔබට සූදානම් කළ උණු පැන් ඇති.හිස නොතෙමා සිරුර පිරිසිදු කරගන්න." එසේ පැවසූ ශ්වේත රුව අත තිබූ වස්ත්‍රය අසළ කුඩා මේසය මත තබා කුටියෙන් පිටව ගති.

BẠN ĐANG ĐỌC
Song of the Mountain - (Slow Update)
Fanfictionචන්දන සුගන්ධයත් ශ්වේත සියපත් සුගන්ධයත් එක් වූ වලා පර්වත මස්තකයේ වැයෙන ගීතමය ස්නේහය......