සයවන පරිච්ඡේදය

26 2 1
                                    

එදින රාත්‍රී කාලයේ Lan මැඳුර තරමක කළබළකාරීත්වයක් ඉසිලීය.හේතුව නම් එහි සාමාන්‍ය රාත්‍රී ආහාර වේලක් වෙනුවට රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වීමට සූදානම් වීමයි. එය සම්පූර්ණයෙන්ම Ruyiගේ අදහසක් වූ අතර ඊට මූලිකම හේතුව සිය සොහොයුරාගේ සිතුවම් පළහිලව්ව විය.Ruyiට එය Shenගෙන් විමසීමටත් නොහැක.අනෙක් අතට Hai Shenව සිය පවුලට හඳුන්වාදීමත් කළ යුතුය.ඊට තවත් දින කිහිපයක් වැය කීරීමට නොසිතූ ඇය, රාත්‍රී භෝජන සංග්‍රහය පිළිබඳ අදහස උදෑසනම Xin වෙත ඉදිරිපත් කළ බැවින්,එය යෙහෙකැයි පිළිගත් Hai Xin,Wei මැඳුර වෙත අදාළ ආරාධනය රැගත් පණිවුඩකරුවෙක් වහාම පිටත්කරේ ය.මෙවැනි අවස්ථා වලට සහභාගී වීමට Shen කොතරම් අකමැති වූවත් චාරිත්‍රානුකූල කටයුත්තක් හෙයින් ඔහුට එය මඟහැරීමට නොහැකි විය.එමෙන්ම සිය කාරුණික නෑණන්ඩියගේ සිත රිදවීමට ඔහුට කිසිසේත්ම නොහැක.මීට අමතරව Lian පෙරදින නොපැවසූ මුත් සිතුවම සම්බන්ධයෙන් ඔහු පෙළනා යම් චිත්ත වේදනාවක්,Ruyiට සංවේදනය වීම ද භෝජන සංග්‍රහය ඉක්මන් කිරීමට තවත් හේතුවක් විය.

Wei පවුලේ සාමාජිකයින් හට Hai Shenව හඳුන්වාදුන් අවස්ථාවේ,Ruyi ඉතා සැළකිළිමත්ව Lian හා Shen දෙස බලාසිටින්නට වූයේ අන්‍යයන්ට නොහැඟෙන පරිද්දෙනි.සිතූ ලෙසම පළමු දැක්මම තරුණයින් දෙදෙනාට දැඩි කම්පනයක් ගෙනදීම සමත් විය.එය එසේ නොවූවා නම් පුදුමය.මාස ගණනක ඉඩෝරය අහවරය.සිව් නෙතක් විඳි වේදනාව අහවරය.දෙසිතක තනිකම එක මොහොතකින් අහවරය.හමුවීමට සිතාගෙනම සිටි නමුත් මෙවන් හමුවක් යනු සැබැවින්ම නොසිතූ විරූ සිදුවීමකි.ඉදින් චාරිත්‍රානුකූල සුබ පැතීම් යන්ත්‍රානුසාරයෙන් මෙන් හුවමාරු කරගත් දෙපළම එකිනෙකාට මුහුණලා අසුන්ගත්තේ තම තමන්ගේ දෛවය ලියැවී ඇති ආකාරය පිළිබඳව කිසිත් වටහාගත නොහැකිවය. Lianගේ රත් පැහැගත් වත හසුවූයේ Ruyiගේ විමසිමත් දෑසට පමණි.අනෙක් පස සිටි Shen යම් අසීරුතාවයකින් පෙළෙන අයුරු Xinට දැනුනත් ඔහු එය නොසළකා හැරියේ සිය කුඩා සොහොයුරා යනු කවදත් මෙවන් උත්සවාකාර අවස්ථා වලට අකමැති වූ අයෙක් බැවිනි.

අන් සියල්ලෝම අල්ලාප සල්ලාපයේ යෙදෙනමුත් සිතුවම් ශිල්පියාත් සිතුවමත්, අතිශය නිහඬ වෘතයකට සමවැදී ඇතිසේය. Shenගේ නිහඬත්වය Lan කුටුම්භයට ගැටළුවක් නොවූ අතර Lianගේ නිසලබව නම් Wei කුටුම්භ සාමජිකයන්ට ගැටළුවක්ව තුබුනි. රාත්‍රි භෝජනයට කාලය ඒ වනතෙක් එළඹ නොවූ හෙයින්, වැඩිහිටි පාර්ශවය ඇතුළු කුටියක් වෙත පිවිසියේ කරුණු කිහිපයක් කතිකා කිරීමටත් බාලයන්ට රිසි පරිදි සල්ලාපයේ යෙදීමටත් ඉඩහසර සලසා දීමටය. Yun සහ Xin වෙළඳාම් පිළිබඳ ගැඹුරු සාකච්ඡාවක යෙදෙමින් මැඳුර ඉදිරිපස අංගනය වෙත පිවිසි අතර Ruyiට දැකගත හැකිවූයේ Lian හා Shen දැඩි නොසන්සුන්තාවයකින් අසුන් වලටම ඇලී සිටින අයුරු ය.එබැවින් සිය සොයුරා සහ Shen සමඟ සංවාදයක් ඇරඹූ Ruyi ක්‍රමයෙන් ඔවුන් දෙදෙනාම කැටුව Lan මැඳුරේ පසෙක Shen උදෙසාම තැනුන කුඩා පොකුණ වෙත ඇදෙන්නට විය.විමසා දැනගැන්මට බොහෝ දේ ඇතත් එයට කෙසේ ආරම්භයක් ගන්නදැයි ඇයට සිතාගත නොහැකි විය.ඒ සමඟම Lan මැඳුරේ සේවිකාවක් Ruyi සොයා පැමිණියේ රාත්‍රි භෝජනය සම්බන්ධ යමක් විමසීමට ය.

Song of the Mountain - (Slow Update)Onde histórias criam vida. Descubra agora