Chapter 09

27 4 0
                                    

BTS Mansion :Dinnertime

🐹-"යාහ් ජිමිනා!! කෑම එක අතගාන්නෙ නැතිව කනවා...තව ටිකකින් ඔය පිඟාන හිල් වෙනවා තමුන් ගෑරුප්පුවෙන් ඇනල ඇනල ම..."

ජින් කෑ ගහද්දී ජිමින් හිනා වෙලා හරි හරි හ්‍යුන් කිව්වත් ජිමින්ට කෑම කන්න හිතක් තිබුණෙ නෑ... කවදාවත් නැතිව කොල්ලා කලබල වෙලා....ඩීල් එකක් නිසා...

අද රෑ හරියට ම දොළහට Deagu වලදී එයාලට ගිවිසුම් තුනකට අත්සන් කරන්න තිබුණා වගේම මේ අවුරුද්දේ ලොකුම Cash Black Money transfer එක සිද්ධ වෙන්නෙත් අද කොල්ලා යටතේ....හැම අවුරුද්දකම කරන දේ වුණත් ජිම්න් අද නොසන්සුන් වෙලා තිබුණා...   Russia,Thai, Afghanistan,German නියෝජිතයො අට දෙනෙක් එක්ක අත්සන් කරන ගිවිසුම් තුන ම ඉස්සරහ අවුරුදු පහකට බලපානවා..කොල්ලා හැමදේම දවස් ගානක් තිස්සේ නූලට ම සැලසුම් කරලා තිබුණේ....RM ගෙ සැලැස්මක් කවදාවත් වැරදිලා නෑ...එයාලට backup plans දෙකකුත් තිබුණා..කොතනකවත් ගැස්සෙන්න විදියක් නෑ... එ්ත් මොකක් හරි වැරැද්දක් තියෙනවා කියන බය කොල්ලගෙ හිතේ හොල්මන් කළා ....

🐻-"මං ටිකක් නිදා ගන්න යනවා හ්‍යුන්... Good night everyone.... Good night Princess...."

ටේ ඉස්සර Mr.Park කරන විදියට ම මින්ජිගෙ කම්මුල් දෙක නොරිදෙන්න ඇදලා ඔලුව මුදුනට හාදුවක් දෙන ගමන් good night කියන්න පුරුදු වුණේ Mr.Park නැති දවසක එයා මින්ජිගෙ පපා වෙනවා කිය කිය....තවම කෙල්ල කොච්චර ලොකු වුණත් මැන්ශන් එකේ ඉන්න හැමදාම ටේහ්‍යුන් ඒක කරනවා....

💫-"Good night Tae papa...."

කෙල්ල හිනා වෙවීම කිව්වෙ තමන්ගෙ අයිස්ක්‍රීම් එකෙන් ඇස් දෙක අයින් කර ගන්න ගමන්....

♥️-"මින්ජියා......දැන් ඇති නේද....සීතල වෙලාවෙ අයිස්ක්‍රීම් කාලා ඔයා ලෙඩ වෙයි දරුවෝ..."

💫-"අනේ ඔන්නි..."
මින්ජි තොල් කණපිට හරවලා ඇස් දෙකත් බෝල තකරගෙන මින්ජි දිහා බලද්දී ජින්ට හිනා ගියා...ජිමින් හ්නා යන්න ආවත් හිනා නොවී හිටියෙ තමන් හිනා වුණොත් කෙල්ල තවත් හුරතල් වෙන නිසා....

♥️-"ඔයා ගොඩක් අරගෙන නේ ඉතින්...."
ජන්ග්මි කිව්වෙ ජිමින් දිහා බලන ගමන්...මොකද එයාගෙ ඒන්ජල්ට හෙම්බිරිස්සාව හැදුණොත් ජිමින්ගෙන් ඒකට බැනුම් අහන්න වෙනනෙත් ජන්ග්මිට නිසා.... 

The Red Rose CurseWhere stories live. Discover now