Chapter 06

20 4 0
                                    

හවස duty off වුණ Jin කලබලෙන් වගේ කා එක තියෙන තැනට ආවෙ අද එයා යන්නෙ තනියම නෙවෙයි නිසා....එයා එද්දිම parking lot එකේ bench එකක වාඩිවෙලා හිටිය Seoke Hospitals වලම doctor tag දෙකක් ගහගෙන හිටිය කෙල්ලො දෙන්නෙක් එත්නින් නැඟිට්ටේ Jin එක්ක හිනා වෙන ගමන්....

අතකින් කොණ්ඩෙ හද හද එතනට ආව Jin එක කෙල්ලෙක්ගෙ ඉණ වටෙන් අත දාලා කෙල්ලගෙ තොල් උඩින් පුංචි පෙක් එකක් තියලා අන්ත් කෙල්ල එක්ක හිනා වුණා....

🐹-"අපි යමුද ළමයි?"

💙-"දේ ජින්ශී...අපිට ෆ්ලවර් ෆොප් එකකට යන්නත් ඕන...."

💖-"shopping mall එකක් ළඟත් චුට්ටක් නතර කරන්න   jinnie....."

🐹-"හ්ම්... Raeha කවද ද මට ජින්ශී කියන එක නවත්තන්න හිතන් ඉන්නේ?"

💙-"ඔහ්...මියානේ මියානේ...ඔප්පා....දැන් හරිනෙ?...."

තුන්දෙනාටම යන්න ඕන තැන්වල ගිහින් පැය දෙකකට විතර පස්සේ ජින්ගෙ රතුපාට V-8 එක නතර වුණේ  JiTaYo Wonderland කියලා ලොකු අකුරින් ගහල තියෙන ගේට් එකක් ළඟ... 

Jisoo බෑග් එකෙන් එක එක ජාතිවල චොක්ලට් පිරුණු ලොකු බෑග් එකක් අතට ගත්තේ ඇතුළෙ ඉන්න මී පැටවු ටික එයාලගෙ ඔම්මා එන දවසට මොනවා හරි ගේනකන් බලන් ඉන්න බව දන්න නිසා...   

Raeha දොර ඇරගෙන එළියට බහිද්දී ම වගේ චූටි චූටි බබාල ගොඩක් දුවන් ඇවිත් ඒ තුන්දෙනා ව වට කරගෙන එක එක කතා කියන්න පටන් ගත්තා....පොඩි දරුවන්ට කතන්දර ගොඩයි.... Jisoo එතන හිටිය අවුරුදු   12 ක් විතර වුණ පිරිමි ළමයෙක්ට කතා කරලා චොක්ලට් බෑග් එක දීලා කිව්වෙ හැමෝටම දීලා කනංන කියලා....    Orphanage එකේ  මැඩම් හිනා වේගෙන ආවෙ Orphanage එකේ owner ත් ගෑණු ළමයි එක්කම ඇවිල්ලා හිටිය නිසා.... 

👩🏻-"Doctor Jin-shiii......"

🐹-"අජුම්මා...... කොහොමද? මේ පොඩ්ඩො ටික ඔයාට වද දෙනවද? "

👩🏻-"අනේ නෑ doctor..... පොඩි ළමයි කොහොමත් දඟයිනෙ....ඒකෙ වෙනසක් නෑ ඉතින්....වෙනදට නම් මහත්තුරු එනවට මං හරි ආසයි....ඒවුණට අද නම් මගෙ කැමැත්තක් නෑ මේ මහත්තුරු මෙහෙ ආවට...."

💙-"අජුම්මා....වේයෝ?....අපි එනවට ආසා නැද්ද?"

👩🏻-"ආසයි ආසයි....ඒවුණාට අද මගේ කෙල්ලව එක්කගෙන යන්න නෙ මේ නෝනලා ආවෙ.....ඒකයි මං මේ හිතේ අමාරුවෙන් ඉන්නේ....වෙන අකමැත්තක් නෑ"   

The Red Rose CurseWhere stories live. Discover now