❤️ මොකද එයා මට කැමති වෙන්න ඕනෙ නෑ මියැන් එයා තරම් මට ආදරේ කරන කෙනෙක් කවදාවත් මට ආයෙ ලැබෙන්නෙ නෑ... මොකද එයා තමයි මගෙ ජීවිතේ...
✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️
අනේ මන්දා චාන්... ඔයා එච්චරටම බොස්ව විශ්වාස කරනවද...
❤️ ඔව් මියැන් මට බොස්ව විශ්වාසයි...
ඔයා හිතනවද බොස් ඔයාට ඇත්තටම ආදරෙයි කියලා... හරි අපි හිතමු බොස් ඔයාට ඇත්තටම ආදරෙයි කියලා... ඒත් බොස්ගෙ මමා පපා ඔයාලගෙ සම්බන්ධෙට කැමති වෙයි කියලා හිතනවද... ඔය දෙන්නම පිරිමි...
❤️ ඒක මං බලාගන්නම් මියැන් බොස්ගෙ මමා පපා මට අකමැති නම් ඒකත් මංම බලාගන්නම්... බොස් මට ආදරේ නැත්නම් එයා මාව අතෑරලා දායි... එච්චරයිනෙ වෙන්නෙ... ඒකට කමක් නෑ මං එයාට ආදරේ කරන්නෙ එයාව ලබාගන්න බලාගෙනම නෙමේ... ඒ හින්දා ඔයා ඒ ගැන හිතන්න එපා...
ඒත් චාන් මං ඔයාට ආදරෙයිනේ... ඔයා හොදටම දන්නවා ඔය සම්බන්ධෙ හරියන එකක් නෙමෙයි කියලා... ඔයා කව්ද බොස් කව්ද... ඒ හින්දා පොඩ්ඩක් මේ ගැන හිතලා බලන්න...
❤️ ආදරේ කියන එක බලෙන් ඇති කරන්න පුළුවන් හැගීමක් නෙමෙයි මියැන්... ඔයත් ඒක දන්නවා ඇතිනේ... ඉතින් මට බෑ ඔයාට ආදරේ කරන්න... මං ආදරේ බොස්ට... ආයෙ මට මේ ගැන කියන්න එපා මියැන් මං කලින් කිව්වා වගේම ඔයා මට මගෙ යාලුවෙක් විතරයි... එතනින් එහාට මට ඔයා ගැන හිතන්න බෑ... අනිත් එක තමයි බොස් ගැන වැරදි දේවල් ඔෆිස් එකේ අයත් එක්ක කියන්නත් එපා... මේ ගැන දන්නෙ ඔයා විතරයි...
මේ දවස් දෙක තුනට කොහොමද චාන් ඔච්චර ආදරයක් ඇතිවෙන්නෙ... ඕකට කියන්නෙ ආදරේ නෙමෙයි ආසාව කියලා...
❤️ ආච්චිගෙ රෙද්ද... දවස් දෙක තුන... යැයි යැයි...දන්න තරම තමයි...
මං කිව්වෙ නෑ හිතුවා විතරයි...මං නම් හිතන්නෙ ඇහි පිල්ලමක් ගහන පමාවත් ඇති ආදරයක් ඇති වෙන්න...
අනේ මන්දා ඔයාට කිව්වට වැඩක් නෑ චාන්... ඔයාටම තේරෙයි කවදාහරි... ඒත් එතකොට පරක්කු වැඩි වෙයි... මං මේක කාටවත් කියන්නෙ නෑ... ඒත් ඔයා හරි පව් ඔයාට වෙන්නෙ අන්තිමට තනි වෙන්න තමයි...
YOU ARE READING
You Are My Life...💚❤️ (Yizhan Ff) Completed
Fanfictionජීවිතේ කියන දේ හරි පුදුමාකාරයි... අපි හිතන දේවල් ඒ විදිහටම සිද්ධ වෙන්නෙ නෑ... දවසක් සතුටින් හිටියොත් දවස් ගානක් අඩන්න වෙනවා...සතුට සැනසීම නැති වෙන්න යන්නෙ හරිම පොඩි වෙලාවක්...