Amygdala

76 22 73
                                    


මේ ගීතය BTS suga එහෙමත් නැත්නම් Agust D විසින් නිකුත් කළ D-Day ඇල්බම් එකට ඇතුලත් වන ගීතයක්. තමන්ගෙ ජීවිතයේ අතීතයේදී මුහුණ දෙන්න වුණ දේවල් අභියෝග ගැන ඔහු මේ ගීතය ලියලා තියෙනවා. ඔහුගේ අරමුණ වුණේ මේ වගේ දුෂ්කර අවස්ථාවලදී සිය රසිකයන්ව ආරක්ෂා කිරීම කියලයි මට දැනගන්න ලැබුණෙ.

ගීතයේ මාතෘකාව Amygdala කියන්නෙ ගැඹුරු ඉංග්‍රීසි වචනයක්. Amygdala කියන්නෙ මොලයේ හයිපොකැම්පස් එකට ඉදිරියෙන් පිහිටා තියෙන මූලික වශයෙන් චිත්තවේගීය ක්‍රියාවලට සම්බන්ධ වන කොටසක්. මෙමඟින් ප්‍රධාන වශයෙන් කෝපය, බිය සහ දුක වැනි හැඟීම් සංජානනය කිරීම මෙන්ම ආක්‍රමණශීලීත්වය පාලනය කිරීම සිදු කරයි. පුද්ගලයෙකුට අනාගතයේදී සමාන සිදුවීම් හඳුනා ගැනීමට හැකි වන පරිදි සිදුවීම් සහ හැඟීම් පිළිබඳ මතකයන් ගබඩා කිරීමට amygdala උපකාරී වේ.


Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


පුංචි කාලෙ ඔයාට සර්පයෙක් දෂ්ඨ කලා කියලා සරලව හිතන්න. නමුත් පස්සෙ කාලෙක ඔයා සර්පයෙක්ව දැක්කත් බය වෙනවා. ඉතින් මේ amygdala කොටස අපට ඒ වගේ අවස්ථාවලදී එතනින් ඉවත් වෙන්න උදව් කරනවා.

Amygdala කියන වචනය එන්නෙ amygdale කියන ග්‍රීක වචනයෙන්. එහි තේරුම ආමන්ඩ් කියන එක. ඉතින් මොලයේ මේ කොටසත් ආමන්ඩ් ඇටයක හැඩය ගන්නා නිසා මෙය amygdala ලෙස හඳුන්වනවා.

දැන් අපි ගීතයේ සිංහල පරිවර්තනය බලමු.


මම ඔබේ නම දන්නේ නැහැ

මම ඔබේ නම දන්නේ නැහැ, ඔව්

මම ඔබේ නම දන්නේ නැහැ

මෑතකදී ඔබට දැනෙන්නේ කෙසේද?

WinTer's NoTebOoKWhere stories live. Discover now