SINGULARITY

70 14 69
                                    


Singularity කියන්නේ 2018 දී නිකුත් වුන BTS Love yourself: Tear Album එකේ ඇතුලත් වන V විසින් ගායනා කරන ගීතයක්. මේ ගීතය ලියන්න RM දායක වෙලා තියෙනවා. 


මේ ගීතයට පාදක වෙලා තියෙන්නේ The Singularity is near : When humans transcend biology නම් කෘතිය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ ගීතයට පාදක වෙලා තියෙන්නේ The Singularity is near : When humans transcend biology නම් කෘතිය. මෙය රචනා කරල තියෙන්නෙ නව නිපැයුම්කරුවෙකු සහ අනාගත වාදියෙකු වන රේ කර්ස්වේල් විසින්. මෙය කෘත්‍රිම බුද්ධිය හා මානව වර්ගයාගේ අනාගතය පිළිබඳ 2005 දී ඔහු ලියූ ප්‍රබන්ධ නොවන පොතක්.

දැන් අපි මේ පොතේ තියෙන වැදගත් කොටස් කිහිපයක් කෙටියෙන් පැහැදිලි කරගමු.

පරිණාමය වේගවත් වෙමින් පවතී. සෑම සංවර්ධනයක්ම ගොඩනඟා අවසන් වූවාට වඩා වේගයෙන් ඉදිරියට යයි. මේ ගැන සරලව කිව්වොත් කාලයත් එක්ක දේවල් වෙනස් වෙනවා කියලා ඔයාලා දන්නවනේ ඉතින් දැන් වෙනකොට මේ වෙනස්වීමේ වේගය ඝාතීය ලෙස වැඩිවෙලා තියෙනවා. උදාහරණ කිහිපයක් කියන්නම්. වසර බිලියන 3.8 කට පමණ පෙර පෘථිවියේ ජීවය සෙමෙන් පරිණාමය වුණා, බහුසෛලික ජීවින් බිහිවීමට වසර බිලියන 2ක් පමණ ගත වුණා, ඒත් පලමු ක්ෂීරපායීන් හා හෝමෝසේපියන්ස් පරිණාමය අතර තිබුණේ වසර මිලියන 200ක් පමණ කාලයක්. ඒ වගේම තමයි තාක්ෂණික සංවර්ධනයත් 1910 සහ 1950 අතර සෑම වසර 3කට වරක්, 1950 සහ 1966 අතර වසර 2කට වරක් ඒකකයකට වැයවන පරිගණක වේගය (computer speed) දෙගුණ වුණා. ඒත් අද වනවිට එය සෑම වසරකම දෙගුණ වෙනවා. තාක්ෂණයේදී මෙය හදුන්වන්නෙ ප්‍රතිලාභ වේගවත් කිරීමේ නීතිය කියලා.

ඉදිරි දශක කිහිපය තුළ මිනිසුන්ට කල හැකි සෑම දෙයක්ම කිරීමට පරිගණක ඉගෙන ගනු ඇත. පරිගණක වලට ඉක්මනින් හා පහසුවෙන් ක්‍රියා කල හැකි වුවත් බොහෝ දෙනා පරිගණක බුද්ධිමත් කියලා හිතන්නේ නෑ. ඇත්තටම ගත්තොත් පරිගණකයකට තීක්ෂණ බුද්ධිය, සමාජ බුද්ධිය හා හිතල තීරණ ගැනීමේ හැකියාව නෑනෙ ඒත් අපි හිතනවට වඩා ඉක්මනින් මේක වෙනස් වෙන්න පුළුවන්. අද වන විට පරිගණක විද්‍යාඥයන් මිනිසුන්ට පමණක් කල හැකි දේ අනුකරණයට පරිගණක සදහා ක්‍රම සොයමින් පවතිනවා.

WinTer's NoTebOoKWhere stories live. Discover now