Like Crazy

68 11 19
                                    


මේ ගීතය 2023 දී නිකුත් වුන ජිමින්ගේ පලමු ඒකල ඇල්බමයට අයත් වන ගීතයක් වන අතර මෙය ඇල්බමයේ Title Track එකත් වෙනවා. මේ ගීතය රචනා කරන්න ජිමින් දායක වෙලා තියෙනවා වගේම Co-writer විදිහට RM තවදුරටත් දායක වෙලා තියෙනවා. මේ ගීතය ගැන නිකුත් කල මාධ්‍ය නිවේදනයට අනුව මෙය යථාර්ථයට ඇස් අන්ධ වීමේ හැඟීම සහ වේදනාවත් එය අමතක කිරීම සඳහා එයින් පලා යාමත් විස්තර කරනවා.

ගීතය නිර්මාණය වීමට පාදක වුනේ 2011 දී නිකුත් වුන Like Crazy චිත්‍රපටය බව ජිමින් සඳහන් කර තිබුණා. එහි නම සහ තවත් තොරතුරු කිහිපයක් මේ ගීතයට සෘජුවම ඇතුලත්ව තියෙනවා. 


Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Like Crazy චිත්‍රපටයෙන් කියවෙන්නේ එකිනෙකාට දුරින් ජීවත් වෙන (Long distance relationship) ආදරවන්තයන් දෙදෙනෙකු ගැනයි. මේ නිසා ඔවුන්ට ලැබෙන වේදනාව ගැන චිත්‍රපටයේ සඳහන් වෙනවා. මේ චිත්‍රපටය ගීතයට කොතරම් වැදගත් වුනාද යත් ගීතයේ ආරම්භයට සහ අවසානයට මෙම චිත්‍රපටයේ ප්‍රධාන දෙබස් කිහිපයක් යොදාගෙන තිබුණා.

"I think that we could last forever."

"I'm afraid that everything will disappear."

"Just trust me."

"Alone again. What's the point."


මේ ගීතය බැලූ බැල්මටම seductive ගීතයක් ලෙස පෙනුනත් ඇත්තෙන්ම මෙය වැරදී ගිය ආදරයක තනිකම සමඟ සාර්ථකව කටයුතු කිරීමට උත්සාහ කරන පුද්ගලයෙකුගේ දුක්බර කතාවක් බවට පත්වේ. වීඩියෝව මුලම ඔහු තමන්වම ගැලවීමට අකමැති, ආදරය පිළිබඳ සිහිනයකට කොටු කර ගනී. මෙහි ප්‍රධාන චරිතය තනිවීමට කොයිතරම් බිය වී ඇත්ද යත් ඔහු පරිපූර්ණ ආදරයක මායාවෙන් රැවටීමට පවා සූදානම් බව අපට පෙනී යයි. එසේම එය දිගු කාලීනව ඔහුට තවත් වේදනාවක් ඇති කරයි.

You've reached the end of published parts.

⏰ Last updated: Aug 16 ⏰

Add this story to your Library to get notified about new parts!

WinTer's NoTebOoKWhere stories live. Discover now