📖️ 01 පිටුව

22 4 0
                                    

______________________♡________________

                                   පරන බෝඩිමෙන් බඩුත් අස්කරගෙන යන්තම් ඊයෙ රැ ඔන්න අලුත් තැනක් හොයාගෙන යන්න පුළුවන් වුනා.. කොලේජ් එකටනම් කලින්ට වඩා ටිකක් දුරයි තමයි. ඒත් ඉතිං තැන නිදහස් නිසා සැනසීමේ ⁣පාඩම් වැඩ ටික කරගන්න පුලුවන්... තවම තාත්තාට නම් කියාගන්න බැරිවුනා ඒත්.. මොකද ඉතිං කීවා කියල හොඳක් කියන්නෙත් නැනෙ..
හොයලා දිපු තැන ඉන්නෙ නැ කියල වෙන තැනකට ගියා කියලා බැනුම් අහගන්නනෙ වෙන්නේ.. දැන්ම ඕනෙ නැ.  මාස දෙක තුනකින් කියනවා.. කොහොමත් ඉතිං හිටියාට වඩා හොඳ තැනකට ගියා මිසක් වැරැද්දක් කලේ නැනෙ.. ඔහේ කමක් නැ..

" ඒයි චිරා... මොකද බං උබ කරන්නෙ.. ඉඳගෙන ඉන්න නෙවෙයි යකො එන්න කිවේ.. බලපන් දැන් වෙලාව.. උබ දැන් පැයක් විතර වෙන ලෝකෙක...
ඇති යකො.. වරෙන් දැන්වත්... "

" ඉන්න දීපන්කො ඕයි.. මොනවද බං කෑ ගහන්නෙ මම කීවනේ අද බැ කියලා.. හෙට හෙට...
මට මහන්සියි බං..
උබ සෙල්ලම් කරපන්.. "

" හිටපන්... මොකද උබට මහන්සි දැන්.. තාමත් ඔය බෝඩිම් ප්‍රශ්නෙ ඉවර නැද්ද.. "

" නෑ බං ඒ ප්‍රශ්නෙ නම් හරි.. අලුත් එකට ඊයෙ ගිහින් බලලා මගෙ බඩුත් ඔක්කොම දාලා ආවෙ...
මං තාම ගෙදරට කිවෙ නැනෙ බං.. ඒකයි අවුල.. "

" හරි දැන් ඇයි අවුල.. ඇයි බං උබලයෙ තාත්තාට කියපන්කො පරන තැන සෙට් නැ කියලා.. මොන මගුලක්ද බං.. "

" කියන්න ඕනෙ බං හෙමීට.. කවදා කිවත් බැනුම් අහන්න වෙන එකනෙ. ඔන්න ඔහෙ මාසෙකින් දෙකකින් කියනවා.. "

" උබ අද කැෆේ එකට යන්නැද්ද.. "

" දැන් වෙලාව කීයද බං.. තුනට විතරද.. "

" තුනයි හතලිහයි.. "

" අඩෝ.. එච්චර වෙලා ගිහින්ද.. හත⁣ර වෙද්දි කැෆේ එකෙ ඉන්න ඕනෙ.. බොසාගෙන් බැනුම් නැත්තම්.. බොසාටත් වඩා කැශියර් ගෑනිගෙන්..
අඩො මම යන්නම්.. හෙට එන්නම් ප්‍රැක්ටිස් වලට ජිම් එක ලගින් සෙට් වෙමු.. "

" ම්ම්ම්... හරි එහෙනම් පරිස්සමින් පලයන්.. "

" හරි උබත් පරිස්සමින්.. "

        මම චිරාන්... චිරාන් ෆර්නෑන්ඩස්... මම කොලඹට ඇවිත් නම් දැන් අවුරුද්දක් විතර වෙනවා.. බෝඩිම් ජීවිතේ එක්ක අවුරුද්දක් විතර කටු කකා ඉන්න වුනත් මගෙ ගම වුනේ නම් නුවර.. නුවර අම්පිටිය.. මගෙ තාත්තා නම් ඒකාධිපතියෙක් වගේ.. එයා කීවොත් කීවම තමයි.. වෙලාවකට හිතෙනවා බෝඩිම් ජීවිතේ හොඳයි කියලා.. ⁣

Diary Where stories live. Discover now