රැජිණියකගේ ඒක පාර්ශවික ආදරය

79 1 0
                                    

"josan රාජ්‍ය අග බිසවගේ අණ පරිදි වොන්‍ යන්ග් කුමරියව කිරුළ හිමි කුමරිය ලෙස මෙතැන් සිට පත් කරනු ලබයි."

ප්‍රධාන පාලක සමස්ත ශාලා ගර්භයට ඇසෙන පරිදි නිවේදනය කළේය.
දින තුනක් පුරා නොනවත්වා පැවති කිරුළ හිමි කුමරිය තෝරා ගැනීමේ තෝරාගැනීමේ තරගයෙන් වොන්ග්යන්ග්  කුමරිය වන මම ජය ගතිමි .

ඉතා ගෞරව  පූර්වකව අග බිසවුන්ට හා පරිවාර අන්තඃපුර බිසවුන් ට ආචාර කර මා ඉතා සතුටු සිතින් ශාලාවෙන් පිටතට පැමිණියෙමි .

මම ගැන හැඳින්වීමක් කළොත් රාජ්‍ය ප්‍රධාන අමාත්‍ය කින්සු යන්ගේ එකම දියණියයි .සිව් වසරක් පිරෙනවත් සමග මගේ මෑණියන් අද මා මේ ලබාගත් තනතුර ලබා ලබාගැනීමට ඉතා ධෛර්යයෙන් කටයුතු කළාය.
මාත් මගේ මවගේ ඒ උත්සාහය ,කැපවීම අපතේ නොයවා වසර පහළොවක් පුරාවට නොනවත්වා ඒ සඳහා මහන්සි වුණෙමි.

ජයග්‍රහණයේ සතුටත් සමඟ ඉතා සැහැල්ලුවෙන් මාලිගාව භූමියේ ඇවිද මේ සිටි මට මුණගැහුනේ ඉතා අනපේක්ෂිත පුද්ගලයෙකි.

"කුමරුනි!"

අනපේක්ෂිත හමුවීමෙන් විශ්මයට පත් මා වහ වහා කිරුළ හිමි කුමරුට හිස නමා ආචාර කලෙමි.

"ඕ දැන් එසේ නම් ඔබ කිරුළ හිමි කුමරියයි .නමුත් මං ඔබට එක දෙයක් කලින්ම පවසා සිටින්නම්. ඔබට මාගේ කුමරිය විය හැක්කේ තනතුරින් පමණි. හදවතින් නොවෙයි. එය හොඳින් සිහි තබාගන්න ."
එසේ කියමින් කුමරු එතනින් නික්ම ගියේය.

මම එය නොදන්නවා නොවේ කුමරුනි, ඔබ යමෙකුට ප්‍රේම කරන බව සැවොම දන්නා රහසක් ' වේදනාත්මක ව මුමුණමින් කුමරුන් නොපෙනී යන තෙක්ම බලා සිටියෙමි.

තීරණාත්මක දවසක් ගෙවෙමින් ඊළඟ දිනය උදා විය.

"කුමරියනි නැගිටින්න ඔබතුමියට අදත් මාලිගාවට යාමට සිදුව ඇත "

ඇසූ ඒ පණිවිඩයෙන්  නිදිබරව ඇඳේ වැතිර සිටි මා ක්ෂණයෙන්  පිබිදුනෙමි.

" ඒ කුමකටද ඉන්බි?"

ඉන්බි මගේ අතවැසි සේවිකාවයි. සේවිකාවකටත්  වඩා ඇය මාගේ සොහොයුරියක් වැනිය. මා එතරම් ඇයට ලැදිය.

"අග බිසවුන්වහන්සේ ඔබව නැවත කැඳවලා, මා සිතනුයේ  ඔබ හා තේ පැන් සංග්‍රහයකට විය යුතුයි."

"ආ එසේ විය හැකියි."
"ඉතින් තවත් කුමක්ද ඇඳේ සිට කරනුයේ යමු..."
එසේ කියමින් මාවත් ඇදගෙන සූදානම් කරවීමට පටන් ගත්තාය..

.......................

"ඔබතුමියට සුභ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා කරන අග බිසවුනි."
ගෞරවයෙන් හිස නමා මා ඇයට ආචාර කලෙමි.

"කුමරිය ඔබ ඉතා නොබෝ දිනකින් අපේ පවුලට එක් වන්නට ඇත්තේ ය .එම නිසා සැහැල්ලුවෙන් සිටින්න දරුව.."

අගබිසව සිනාසෙමින් පැවසී ය . මා ඇයව පළමු වරට දුටුවේ කුමරුගේ 16 වැනි උපන් දින සංවත්සර  දවසේය.මා එවිට  යන්තම් දොළොස් විය පිරුණා පමණි. නමුත් ඇගේ ඒ අගබිසවකට උරුම වන්නා වූ ප්‍රතාපවත් ,ගාම්භීර පෙනුමේ  කිසිම අඩුවක් අදටවත් දක්නට නොමැත.අගබිසව වුවද ඇය ඉතා ආදරණීය මවකි .
ඇය දකින හැම වරක් පාසාම මට මාගේ මිය ගිය මෑණියන්ව සිහිවේ. මා ඇයට බොහෝ සේ ප්‍රිය කරමි.

"මෑණියනි !"

මාගේ සිතුවිලි දැහැන බිඳුනේ එක් හුරුපුරුදු  කටහඬකින්. සැකයක් නොමැත ඒ කිරුළ හිමි කුමරුයි.

"ආ ඔබ එසේ නම් පැමිණියා කුමරුනි, මා දුන් අනපේක්ෂිත ආරාධනය ඔබ පිළිගනී ඇයි මම නොසිතුවෙමි. කෙසේ වුවද ඔබගේ පැමිණීම ඉතා අගනේය. කුමරියත්  බොහෝ සතුටු වේවි."

එසේ පවසමින් ඇය මා දෙස බැලීය.

රැජිණියකගේ  ඒකපාර්ශවික  ආදර අන්දරයWhere stories live. Discover now