මෙලෙස වසරක කාලයක් ගතවිය.
ඉඳහිට රාජකාරිමය කටයුත්තකට හැර මා හා කුමරු අතර වැඩි කතාබහක් සිදු වූයේ නැත.නමුත් අගබිසව මාහට ඇගේම දියණියක සේ සැලකුවාය.මෑණියන් නැති අඩුව මට බොහෝ සේ අඩු වුණේ එතුමිය නිසාවෙනි.මා ඇයට බොහෝ සේ ආදරය කළෙමි.
නමුත් නුදුරු අනාගතයේ ඉතා අවාසනාවන්ත සිද්ධියකට මුහුණ දීමට සිදුවන බව කිසිවකුත් නොසිතන්නට ඇති.
ටෙජොන් කුමාරයාගේ පියා එනම් සුක්ජොන් රජුට බරපතළ රෝගයක් වැළඳුනි.නොබෝ දිනකින්ම එතුමා අප හැර දමා ගියේය .අග බිසවුන් බොහෝ සේ ශෝකයට පත්විය. ඒ දවස් කිහිපය ම දිවා රෑ නොබලා මා ඇය අසලින් සිටිමින් ඇයගේ සිත සැනසූ වෙමි.
සුක් ජොන් රජුගේ වියෝවෙන් පසු කිරුළ හිමි ටේජොන් කුමරු බලයට පත්විය .ඒ සමගම මම රාජධානියේ රැජින බවට පත් වුණෙමි.මසකට පසු......
"රැජිණියනි වැදගත් පණිවිඩයක්"
ඉන්බී හති දමමින් මගේ කුටියට පැමිණියාය."කුමක්ද ඉන්බී?"
"රජතුමා නව උප බිසවක් විවාහ කරගැනීමට කටයුතු කරන බවක් මට දැනගන්නට ලැබුනා රෑජිනියනි .""එසේ ද ? එය සාමාන්‍ය දෙයක්. රජෙක්ට බිසෝවරුන් එතුමන්ට අවැසි පමණින් විවාහ කර ගත හැකියි.එය අලුත් කරුණක් නොවෙයි."
ලියවිල්ලක් පරික්ෂා කරන ගමන් මම ඉන්බීට පැවසුවෙමි."ඒත් රෑජිනියනි.."
"ඉන්බී මා හට බොහෝ රාජකාරි තිබේ .
දැන් පිට වෙන්න.""එසේය රැජිනියනි .."
ඉන්බී මා හට ආචාර කර කුටියෙන් පිටවිය.
ඔව් .ඉන් කමක් නැත .ඕනෑම කෙනෙකු විවාහ කරගන්න රජුණි. මට දුකක් නැත.... වේදනාත්මක හදවත එසේ වදනින් අස් වසාගතිමි ..
.........
"සුක් බින් බිසව මෙතැන් පටන් රාජකීය උප බිසව ලෙස නම් දරයි ."
පාලකයාගේ ප්‍රකාශයත් සමග විවාහ චාරිත්‍ර ආරම්භ විය.තේ ජෝන් රජු ඉතා සතුටින් තම ප්‍රේමවන්තිය සමඟ විවාහ දිවියට එක් වූයේ වසර ගණනාවක් පුන පුනා බලා සිටීමෙන් පසුවයි . ඇය ඉතා සාමාන්‍ය පවුලකින් ආ යුවතියකි. නමුත් ඇගේ රූ සපුව රැජිනට නොදෙවෙනි නොවීය.
එලෙස රජුගේ අන්තඃපුරයට තවත් බිසවක් එක්වීය.
පසුදින උදෑසන ......"ඔබට ආරංචි ද ?සුක් බින් බිසවගේ කුටියට රෑ රජු පැමිණියාලු.. උදේ වනතුරු එතුමා කුටියෙලු සිටියේ.."
"එසේද ?එසේනම් දැන් රජුගේ ප්‍රියතාව ඇයට ලැබී අවසන්.."
"ඔබ නොදන්නේද ?ඇයයි රජතුමා වසර ගණනාවක් ප්‍රේම කල කාන්තාව..""එසේ නම් බොහෝ ඉක්මනින් අපට රජ කුමරකුගේ හෝ කුමරියකගේ ආරංචියක් ඇසිය හැකියි.."
"ඔව් මට නම් ඉවසුමක් නැහැ.."
රැජින මාලිගයේ පාලිකාවෝ තම රාජකාරි අමතක කර සිනාසෙමින් ඕපාදුප කතා කරනු ඇසුන ඉන්බී ඔවුන්ට තරහෙන් බැණ වැදුණාය.
රැජින මාලිගයේ පමණක් නොව මුළු මාළිගා භූමියේ ම දැන් කතා වනු ඇසෙනුයේ මේ ගැනයි. ඉන්බීට බොහෝ දුකක් දැනුනි .දැන් තම රැජිණිය ට මෙය ආරංචි වුවහොත් ඇය බොහෝ සේ දුක් වනු ඇත. කෙසේ හෝ මේ පුවත් රැජිනට ආරංචි වීම වැළැක්වීමට ඉන්බී හිතා ගත්තාය. නමුත් ඇය ඊට ප්‍රමාද වැඩිය...මේ වන විටත් කුටියෙන් පිටතට පැමිණ සිටි රැජිනට මේ සියල්ල ඇසී අවසන්ය..
රජුනි එසේනම් ඇයයි ඔබේ හදවතේ හිමිකාරිය .කම් නැත .ඔබතුමන් සතුටින් නම් එය මට ප්‍රමාණවත්ය ....දිග සුසුමක් හෙළමින් රැජින හිස් අහස් කුස දෙස බලා සිටියාය.
YOU ARE READING
රැජිණියකගේ ඒකපාර්ශවික ආදර අන්දරය
Historical Fictionරජුනි ඊළඟ ආත්මයෙ ආපහු මුණගැහුනොත් මගේ හදවත බාරගන්න රජුනි..... යලි මුණ ගැසෙන කම් පරිස්සමෙන් සිටින්න රජුනි....