![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. මද සිනහවක් මම ඇයට පළකර කුමරුන් දෙස බැලුවේ ඔහුගේ ප්‍රතිචාරය කෙසේදැයි බැලීමටයි..
සිනාවක සේයාවක් නොමැති ඔහුගේ හිස් බැල්ම මා වෙත යොමුව තිබුණි.
සියුම් වේදනාවක් දැනුණ ද වහා නැගිට ඔහුට ආචාර කලෙමි.එතැන් සිට කුමරුන් වැඩි කතාබහක් කළේ නැත .නමුත් අග බිසවුන් කුමරුගේ කුඩා කාලයේ කුමරු කළ දඟකම් ආදී විස්තර මාත් හා බෙදා ගත්තා ය.ඉතා ආසාවෙන් ඒවා අසා සිටියෙමි. අද මාගේ මෑණියන් ජීවත්ව සිටියා නම් ඇයත් මා ගැන ඉතා ආසාවෙන් මෙවන් කතා කියනු ඇත .මෑණියන් සිහිවීමෙන් මාගේ දෑසේ කොනට කඳුළු බිඳුවක් එක්වුණි .මා එය වහා පිස දා ගත්තේ අගබිසව දකීවි යැයි සිතාය .
එවිට මා දෙසට දෙනෙතක් යොමුවී තිබෙනු මට දැනුනි. නමුත් එය නොතකා ම අග බිසවත් සමඟ ඉතා සතුටින් කාලය ගත කළෙමි.
එලෙස තේපැන් සංග්‍රහය නිමවිය.දින තුනකට පසු ........
කිරුළ හිමි කුමරිය ලෙස ප්‍රකාශයට පත් කළ ද අද දින යි නිවැරදි ලෙසම කිරුලි හිමි කුමරිය බවට මා පත්වනුයේ.අද මාගේ හා කිරුළ හිමි කුමරුගේ විවාහ මංගල්‍යයි .
මාගේ මෑණියනුත් අද මා හා මේ සතුට බෙදාගන්න හිටියනම්...
නොදැනීම කඳුළු ගංගාවක් මගේ දෙකොපුල් හරහා ගලන්නට විය .එය දුටු පියාණන් වහා මා අසලට පැමිණියේය."දියණිය කිසිවකුට බය නොවන්න. හැමදේම හොඳින් සිදු වේවි.මම ඔබව මාගේ පණ පුදා හෝ රකිනවා. ඒ ගැන නොහිතා දැන් ලස්සන දිවියක් ගත කරන්න. ඔබේ මෑණියන් මෙන්ම මාත් ඔබ අසලමයි හැම විට.."
මාගේ පියාණන්ගේ ඒ වදන් වලට මගේ හැඩීම තවත් වැඩි වුණා පමණි.
...........
විවාහ චාරිත්‍ර සිදු කරන විට මගේ හිතේ සතුටක් මෙන්ම චකිතයක් ද ඇති විය.මින් පසු මගේ ජීවිතේ මොනවා සිදුවේවිද? අහෝ!.... එය දන්නේ දෙවියන් පමණි.
කිරුල හිමි කුමරු තේජෝන්ගේ මුහුණෙහි නම් කිසිදු සතුටක් හෝ සේයාවක්වත් නොවීය.මා එය නොදන්නවා නොවෙයි.
තමා ප්‍රේම කරන කාන්තාව නොව වෙනත් කාන්තාවක යි ඔහු අද විවාහ කරගත්තේ. ඔහුට මෙය හුදෙක් දේශපාලන සෙල්ලමකි. නමුත් මට මේ මගේ දිවියේ වැදගත්ම කඩඉමකි.එලෙස විවාහ චාරිත්‍ර ද නිම විය.
දැන් ඇරැඹෙනුයේ මා දැඩිව ම බිය වූ අවස්ථාවයි. හද ගැස්මේ වේගය දෙගුණ තෙගුණව තිබුණේ අසල සිටින කෙනෙකුට වුව ද ඇසෙන තරමින් ය
.ඒ වෙන කිසිවක් නොව මගේ මංගල රාත්‍රිය යි .දහනමවන වියේ පසුවුවද මා කිසිම පුරුෂයෙක්ගේ අතින් වත් ස්පර්ශ කර නොමැත. ගැහෙන හදින් වර්ණවත් සැරසිලි වලින් සරසා තිබූ කුටියේ මා කිරුළ හිමි කුමරු පැමිණෙන තෙක් බලා සිටියෙමි.
හෝරාවක් ගත විය .
කුමරුගේ ලකුණක්වත් නොමැත.
හෝරා දෙක තුනකුත් ගතවිය .
සැබැවින්ම කුමරුන් නොපැමිණෙන සේය.
හහ් ....ඇයි මා මෙතරම් අනුවණ? ඔව් කුමරු පැමිණෙයිද මා වැන්නියක් ලඟට?කෙතරම් රූපයෙන් ගුණයෙන් නුවණින් ඔපවත් වුවද ඉන් පලක් නැත. ඔහුගේ හදවත වෙනකෙකු සොරාගෙන අවසන්ය. තවත් කුමට බලා සිටින්නද?
"ඉන්බි , මෙහි පැමිණ මට මේ වස්ත්‍ර මාරු කිරීමට උදව් වෙන්න "
බිඳුනු හදින් මම ඉන්බිට කතා කළෙමි."එසේය කුමරියනි".
කුමරුගේ හදවත හෝ ආදරය මට අවශ්‍ය නැත. වොන් යන්ග් මෑණියන්ගේ වෙහෙස, ධෛර්යයත් අපතේ යන්න ඉඩ නොදී අපි හැකිතාක් රාජධානියට, රටවැසියන්ට සේවය කරමු '
හිත හදා ගන්නට මම මටම පවසා ගත්තෙමි.

YOU ARE READING
රැජිණියකගේ ඒකපාර්ශවික ආදර අන්දරය
Historical Fictionරජුනි ඊළඟ ආත්මයෙ ආපහු මුණගැහුනොත් මගේ හදවත බාරගන්න රජුනි..... යලි මුණ ගැසෙන කම් පරිස්සමෙන් සිටින්න රජුනි....