Chapter 2

1K 174 109
                                    

"ම්ම්හ්"

කර්ටන් අස්සෙන් එන ඉර එලියේ රස්නෙටත් වඩා ජන්කුක්ගේ නින්දට බාදා වුනේ කිචන් එක පැත්තෙන් ආපු බාජන එකට ගැටෙන සද්දෙ.

අත් දෙකත් නිදන් ඉන්න බෙඩ් එකේ දෙපැත්තට දිග ඇරලා හිරිකඩපු ජන්කුක් මාස පහේ හයේ පොඩි ලමයෙක් වගේ කකුල් දෙකත් එක සැරයක් උඩට ගස්සලා නිදිමතේම ඇදේ ඉදගත්තේ අත් දෙකින් ඇස් දෙකත් පොඩි කර කරමයි.

"උදේ පාන්දරම ජින් හයුන් වැඩ පටන් අරන් වගේ"

නිදිමතේම බෙල්ලත් බිමට කරගෙන තමන්ටම කියාගත්ත ජන්කුක් කම්මැලිකමේම ඇදෙන් බැහැලා කිචන් එක පැත්තට ඇවිදගෙන ගියා.

"ඕහ් ගුඩ්මෝනින් කුක් "

කිචන් එකට වෙලා වැඩත් එක්ක බිසී වෙලා හිටිය ජින් කිචන් එක පැත්තට වැනි වැනි එන ජන්කුක්ව දැකලා කටපුරා හිනාවෙලා එහෙම කියද්දී ජන්කුක් කොන්ඩෙත් අතින් හද හද ඇවිත් කිචන් කවුන්ටර් එක උඩට නැග්ගා.

"ගුඩ්මෝනිම් හයුන් උදේම ආවද ඔයා"

"මන් පාන්දර ආවේ කුක් මන් ඉතින් සද්ද නැතුව ආවා ඔයාව ඇහැරවන්න ගියේ නෑ"

ජින් ගෑස් ලිප උඩ තිබ්බ සුප් එක හැදිගාන ගමන් එහෙම කියද්දී ජන්කුක් මුකුත් නොකියා ඔලුව වැනුවා.ටිකකින් ජන්කුක්ගේ අවදානේ ගියේ ජින් හැදිගාන ගමන් ඉන්න සුප් බාජනේට.ඒක දැක්කමනම් ජන්කුක්ගේ මූණ ඇද වෙලා ගියේ සුප් කියන්නේ එයා ආසම නැති කෑම ලිස්ට් එකේ උඩින්ම තියෙන කෑමක් හින්දා.

"අනේ හයුන් නිවාඩු දවසෙත් සුප් බොන්න බෑ අනේ "

ජන්කුක් කටත් ඇද කරන් කන්කෙදිරි ගාද්දී ජින් හිනාවෙවීම ගෑස් එක ඕෆ් කරා.

"මේක ඔයාට නෙවේ මෝඩ කොල්ලෝ මන් දන්නවා ඔහේට සුප් අරහං කියලා මේක අර චූටි කොල්ලට "

ජන්කුක්ගේ මග් එකට ෆ්‍රිජ් එකෙන් ගත්ත ෆ්‍රෙශ් මිල්ක් වක්කරන ගමන් ජින් කියද්දී ජන්කුක්ගේ නළල රැලිවුනා.එයා කල්පනා කරේ ජින් හයුන් කියන කොල්ලා කවුද කියලා.

"මොන කොල් ආ ටේහයුන්ද ?"

මොන කොල්ලද කියලා ජින් හයුන්ගෙන් අහන්න හදලත් ඊයේ රෑ වෙච්ව සිදුවීම් ඔක්කොම එකපෙළට මොලේට ගලාගෙන එද්දී
ජන්කුක්ට මතක් උනා මේ ගේ ඇතුලේ තව මනුස්සයෙක් ඉන්නවා කියලා.

ꜱɪʟᴇɴᴛ ᴡɪꜱʜᴇꜱ ᵛᵏᵒᵒᵏ ☑Where stories live. Discover now