Chapter 27

998 154 141
                                    

"ෆකින් යස්"

තෘප්තිමත් හිනාවක් මුවමත ඇදෙද්දී ලැප් ස්ක්‍රීන් එක දෙසට දෑස් යොමුකරන් හිටිය ජන්කුක්ගේ කටින් එලෙස මිමිණුනේ ඔහුට ඔහු ගැනම දැනුනු සියුම් ආඩම්බරයත් එක්ක.

ලැප් ස්ක්‍රීන් එක මත දිස්වෙන cctv දර්ශන දෙස දිළිසෙන දෑස් වලින් බලන් හිටිය ජන්කුක් මුව මත රැදුනු හිනාව පිටින්ම තමන්ගේ ඔලුව පුටුවට හේත්තු කරගත්තා.

අදට සතියක් ටේහයුන්ගේ ආරක්ෂාව හින්දම ටේහයුන්ව ජෝන් මැන්ශන් එක තුළ නවත්තලා අදට සතියක් ගතවෙලා ගිහින් ටේහයුන්ව එළියට අරන් යනවා කියලා මේ සතියම බොරු කියපු ජන්කුක්ගේ මහන්සියේ ප්‍රතිඵල වල අවසන් අදියරට ජන්කුක් ඇවිත් තිබුනා.

මාස තුනකට කිට්ටු වෙන්න ගත්ත මහන්සිය මාස තුනකට කිට්ටු වෙන්න ගත්ත ජීවිත අවදානමේ අවසාන අදියර විදිහට ජෝහුන්ව බෙල්ල මුලටම හිරකරගන්න සාක්ශි ජන්කුක් ළග අද වෙනකොට තිබුනා ඒත් ජන්කුක් මුකුත් නොකර හිටියා මොකද තවමත් ජීවිත අවදානම ඔවුන් ළග තිබුනු හින්දා.

ජන්කුක්ට දැනුනේ ලොකු නිදහසක් වගේම තමන් ගැන පුන්චි ආඩම්බරයක් ජන්කුක්ට බෑ ලොකුවට ආඩම්බර වෙන්න ඒක ජන්කුක් පවා දැනන් හිටියා මොකද ජන්කුක්ට මේ තරම් ඉක්මනින් මේ දේවල් කරගන්න උදව් වුනු පිරිසක් එයා වටා එක්රොස් වෙලා හිටියා ඉතින් මේ සතුට ඒ හැමෝම ඉදිරියේ සමව බෙදෙන්න ඕනේ.

මීට දින දෙකකට කලින් හරියටම කිව්වොත් ජන්කුක් මේ රස්සාවට පය තබලා අවුරුදු දෙක සපිරුණු දින ජෝහුන්ගේ ෆාම් අස්සේ වෙන නීතිවිරෝධී දේවල් වල සාක්ශිත් එක්ක ඔවුන්ගේ පක්ෂයේ හිටිය මන්ත්‍රීවරුන් දෙදෙනෙක් සාක්ශි පිට අත්අඩංගුවට ගත්තා.

ඒ දවසෙම රෑ ජන්කුක් ටේහයුන්වත් තුරුලු කරන් නිදියන් ඉන්නකොට මරණ තර්ජන එවන ඇමතුම් වගේම පණිවිඩ ජන්කුක්ට එක දිගට එද්දී තරහ ගිය ජන්කුක් පහුවදාම කරේ ජෝහුන්ගේ ක්ලබ් අස්සේ වෙන හොර ජාවාරම් සම්බන්ධ හංගන් හිටිය සාක්ෂි එළියට දාලා ජෝහුන්ට නඩු දාපු එක හදිසි ආවේගෙට ජන්කුක් ඒ වගේ දෙයක් කරත් ජන්කුක් දැනන් හිටියේ නෑ ජන්කුක් ඒ කරේ කරන්න අනවශ්‍ය වැඩක් කියලා එයාට අමතක උනා ජෝහුන්ගේ ක්ලබ් සම්බන්ධ දේවල් වල මූලික රාජකාරි කරන්නේ මිස්ටර් ලී කියලා.

ꜱɪʟᴇɴᴛ ᴡɪꜱʜᴇꜱ ᵛᵏᵒᵒᵏ ☑Where stories live. Discover now