🎀 Zara
🥊Oric
🔍Kai
💫 Soi
👨💼 Mr.RexZara pov...🎀
🥊 තාම නිදි නැද්ද බබී...
ඔරික් නිදාගන්නකල් ඉදලා හිමීට ඇදෙන් හේත්තු වෙද්දිම ඔරික් ඇහැරුනා..
🎀 ඔයාව ඇහැරෙව්වා නේද මම..
🥊 නෑ...නෑ නිදි වගේ හිටියට ඔයා දිහා හොරෙන් බලන් හිටියේ
🎀 ඒ මොකද
🥊 මිස්ටර් රෙක්ස් කතා කරපු වෙලාවේ ඉදන් ඔයා ඔහොමයි...මම එයාට කෝල් කරා වෙන ඒජන්ට් කෙනෙක් ගන්න බැරිද කියලා...
🎀 මොකක්???
🥊 ඔයාව මිශන් වලට එක්කන් යන්න මට බයයි
🎀 මන් ගැන???
🥊 හ්ම්ම්ම්...මතකනෙ ඔයා අන්තිමට ගිය මිශන් එක...තව ටිකෙන් මටයි ලොකූටයි ඔයාවයි සෝයිවයි දෙන්නම නැති වෙනවා..
🎀 ඉතින් දැන් මම පෙග්නට් නෑනේ...අවදානමක් නෑ දැන්
🥊 ඒත් අපේ ලමයි පොඩියි
🎀 ඔය මහත්තයා මාව දාලා මිශන් එකට යන්න ඔච්චර උනන්දු ඇයි කියල කියනවද?
🥊 ඔයාට පරිස්සමක් නෑ
🎀 ඔයා ඉන්නවනේ
🥊 මේවගේ තියන අනතුරු ගැන ඔයාට අමුතුවෙන් කියන්න ඕන නෑනේ...ඔයා අවුරුදු දොලහේ ඉදන් මෙතන ට්රේන් උන කෙනෙක්..මට වඩා ඔයා දන්නවනේ
🎀 මන් ගැන බය වෙන්න එපා කියන්නෙත් ඒකයි
🥊 ඔයාට ඔයා ගැන බය නැති උනාට මට බයයි
🎀 අපි දෙන්නම මේකට යනවා...හෙට රෙක්ස් ගෙන් මේ ගැන දැනගමු...ඕනවට වඩා හිතන්න එපා
🥊 ඔයාට ඉතින් කියන්න ලේසියි
🎀 අහ්...හෙට රෙක්ස්ව හම්බෙන්න අපිට යන්න තියන තැන දන්නවද??
🥊 මන් එච්චර උනන්දුවෙන් නෙමෙයි අහන් හිටියේ...
🎀 ඔයත් මරු...අපිට යන්න තියෙන්නෙ ඇඩවේරා වලට..
🥊 අවුරුදු අටකට පස්සෙ එහෙ යන මුල්ම වතාව
🎀 මතකයි නේද
🥊 අහ්...ස්පයි ක්රිස්ගෙන් ඇහැක් නිල් වෙන්න ගුටි කාපු ඒ තැන අමතක වෙන්න මම මැරිලා ඉපදුනේ නෑ...