1 Chapter

307 40 15
                                    

"අක්කේ!! ඔයා කොහොමද ඒ වගේ තීරණයක් ගත්තේ? අනික මෙච්චර දෙයක් වෙන්න යන එකේ අඩුම මට වචනයක්වත් කියන්න හිතුනේ නැද්ද? හහ්.. ඔයා මාර කෙනෙක්නේ! තව සතියකින් කොල්ලගේ මැරේජ් එක තියෙනවා කියලා දැන්ද මට කියන්නේ ආ? "
රියා මූණත් අකුලවගෙන නොරිස්සුම් සහගත විදිහට ඒරා දිහා බලනකොට එයා හිටියේ නලල දෙපැත්ත අතගාන ගමන්..

"රියා..මන් හිතන්නේ මෙච්චර කාලෙකට මන් මගේ දරුවා වෙනුවෙන් ගත්ත හොදම තීරණය තමයි මේක.. ඒ නිසා මට ඒ ගැන කිසි දුකක් නෑ "
ඒරා ආඩම්බර විදියට කියනකොට රියා තමන්ගේ තරහ උපරිම පාලනය කරගෙන ඉන්න උත්සහ කරන ගමන් තමන්ට එහා පැත්තේ ඉන්න තමන්ගේ දුව දිහා බැලුවා..

"හහ්..අර වගේ ගොඩේ කෙල්ලෙක්ට අපේ ජන්කුක්ව බන්දලා දෙන එකද ඔයා ගත්ත හොදම තීරණේ?? "
ඉදන් හිටපු පුටුවෙන් පවා නැගිටලා රියා බෙරිහන් දෙනකොට ඒරා බර හුස්මක් පාත දාලා ඔලුව දෙපැත්තට වැනුවේ 'කවදාවත් මෙයාව හදන්න බෑ වගේ ' සිතුවිල්ලකින්.

"මට සල්ලි වලින් වැඩක් නෑ! අනික කිම් කියන්නේ ජන්හූන්ගේ හොදම යාලුවා!! එයාගේ විතරක් නෙමෙයි මගෙත්. එයාගේ දරුවා මොන වගේ කෙනෙක් ද කියන්න මම දන්නවා..අනික මට මේ හැමදේටම වඩා මගේ දරුවගේ අනාගතේ වටිනවා.
තව දෙයක්,,
ජන්හූන්ගේ එකම ආසාව වුණේ කිම්ගේ දුව අපේ ලේලි වෙනවා දකින එක. එයා දැන් මන් ලග නැති වුණත් එයාගේ ආසාව ඉශ්ට කරන එක මට වටිනවා "

"ඒත් අක්-- "

"ඒ දරුවා ගොඩේ වුණත් මොකෝ!! හැදියාවක් තියෙනවනේ? මට නම් ඒ ඇති..මන් හිතන්නේ ඒරා තෝරලා තියෙන්නේ අපේ පවුලට හොදට ගැලපෙන ලේලි කෙනෙක්..අනික ජන්කුක්ගෙයි එයාගෙයි අතර හොද යාලුකමක්නේ තියෙන්නේ? "
රියාගේ කතාවට බාධා කරන ගමන් ජන්කුක්ගේ හෑල්මොනි පඩිපෙල බැහැගෙන ආවේ රියාට එහා පැත්තේ ඉන්න යෝනා දිහාවටත් බැල්මක් දාන ගමන්..

මෙච්චර වෙලා ෆෝන් එක ඔබන ගමන් හිටපු යෝනාගේ ඇස් තරහෙන් පිරුණේ ජන්කුක්ගේ හෑල්මෝනි හැදියාව ගැන කියලා හින්ට් එක ගැහුවේ තමන්ට කියලා දන්න නිසා.

"ස්තූතියි ඔම්මා!! මාත් එක්කම ඉන්නවට. ඔයා නැත්නම් මට මේ තීරණේ ගන්න එච්චර හයියක් නෑ "
හෑල්මෝනිට ඉදගන්න පුටුවක් ඇදලා දුන්න ඒරා කිව්වේ කෑම වගේකුත් මේසෙට තියන ගමන්.

My Enchanted Fairy ॥ JJK ॥Where stories live. Discover now