දැනෙන සීතල වගෙම සනීපෙත් එක්ක යූන්හා තව තවත් බ්ලැන්කට් එක අස්සට ගුලිවෙලා කොට්ටෙ බදාගත්තත් එයාගේ ඇස් පිය වෙලා තියෙද්දිම කටින් කෙදිරියක් පිටවුණේ බ්ලැන්කට් එක ඇගෙන් අයින් වුණ නිසා..
"ආහ් මොකක්ද තාත්තේ? නිදාගන්න දෙන්නකෝ අප්පා! අද විතරයි නිවාඩු අනේ? "
කෙදිරි ගාන ගමන්ම එහාට මෙහාට පෙරලුන කෙල්ල ආයෙමත් ඇද ගාව හිටන් ඉන්න කෙනා ගැන තැකීමක් කරන්නේ නැතුව ඇස් පියාගත්තත් ඒ සැනින්ම ආයේ කෙල්ලගේ කටින් හොද වචන ටිකක් පිට වුණේ එලාම් එක වැදුන නිසා.."මොන!! "
"යා නැගිටිනවා.."
එලාම් එක ඕෆ් කරලා ආයෙමත් ඇද බදාගන්නවා දැකපු කෙල්ලගේ කකුලකින් ඇදලා කවුරුහරි කීවත් කෙල්ලට ගාණක් තිබුණේ නෑ.."මොකක්ද තාත්තේ? "
"යූන්-- මම තාත්තා නෙමෙයි!! "
ඔව් එතන හිටියේ කෙල්ලගේ තාත්තා නෙමෙයි.ඒ ජන්කුක්! බ්ලැන්කට් එක වැඩි දෙයක් නොහිතා අයින් කරත් වැඩි වෙලාවක් යන්න කලින් තමන් කරේ වැරැද්දක් කියලා හිතුනේ කෙල්ල ඇදන් හිටපු ලූස් කලිසම උඩට ඉස්සිලා කලවා වලින් බාගයක් ම නිරාවරණය වෙලා තියෙනවා දැක්කාම..."තාත්තා නෙමේ නම් මොකාද මගේ කාමරේට එන්-- ජන්කුක්!? "
ඉද්ද ගැහුවා වගේ ඇදේ ඉදගනිපු කෙල්ල කිව්වේ හීනෙන් බය වෙලා වගේ.."මූණ හෝදන් එනවා ඇදුමක් දාගෙන!! ගමනක් යන්න තියේ? "
"මේ උදේ පාන්දර? "
"ඔයාට දහය පාන්දර වුණාට මට එහෙම නෑ! "
"යා ආව්--! "
කෙල්ලගේ නහයට තට්ටුවක් දාලා ලග තිබුණ ටවල් එකත් ඇගට විසි කරපු ජන්කුක් යන්න ගියේ කොණ්ඩෙත් අවුස්සලා දාලාමයිජන්කුක්ට හිතින් බයින ගමන් වොශ්රූම් ගියපු කෙල්ල දත්මදින්න ගත්තේ ඇසුත් පියාගෙන. ඒ තරම් කෙල්ලගේ නින්ද බලවත්.හිටගෙන හරි කමක් නෑ නින්දනේ ඕනේ!?
.
.
."පුතා! කොහොමද මේ දවස්වල බිස්නස් වැඩ? "
"..............."
"ජන්කුක් පුතා!? "
"ආහ් දේ කියන්න අන්කල්-- මම කිව්වේ තා-ත්තේ? "
වෙන කල්පාවක හිටපු ජන්කුක් සිහියට ඇවිත් කතා කරේ බෙල්ල පිටිපස්සත් අත ගාන ගමන්. එයාගේ මොලේ වැඩ කරේ මොහොතකට කලින් යූන්හාගේ කාමරේ සිද්ධ වුණ දේ ගැන..
DU LIEST GERADE
My Enchanted Fairy ॥ JJK ॥
Fanfictionවිවාහය,, විවාහය කියන්නේ ආදරේ කරන දෙන්නෙක්ගේ ප්රශ්නවල අවසානේ නෙමෙයි.. තවත් එක අභියෝගයක්... එහෙම නෙමෙයිද?? එතනදී වෙන්නේ දෙන්නගෙම සහයෝගෙන් ගැටලු විසදගන්න එක නෙමේද? ජීවිතේ තමන්ගේ කියලා දෙයක් නොතියෙන තරම් බැදීමක් තමයි විවාහය.. හැබැයි විවාහ ජීවිතේ බේරගන...