"තාත්තා "
ඉස්සරහින් තියන මිරර් එකෙන් තමන්ගේ හැඩ බලන ගමන් හිටපු යූන්හා බෙල්ල යාන්තමට එහා පැත්තට හරවගෙන මිමිණුවේ පාර්ක් හෙමීට ඒ පැත්තට එනකොට..
"අද මගේ දෝණි ගොඩක් ලස්සනයි නේ?"
පාර්ක් එහෙම කියනකොට කෙල්ල තමන්ගේ ඇස්වලට ආපු කදුලු නවත්තගන්න ලොකු උත්සහයක් ගත්තා.තමන්ට වඩා සෑහෙන බර ගවුම උස්සගෙන කෙල්ල නැගිට්ටේ කෙල්ලගේ තාත්තා යන්තම් හිනාවක් මූණේ පුරවගෙන කෙල්ල දිහා බලන් ඉන්නකොට...
යූන්හා ලස්සනයි..
කියාගන්න බැරි තරම් ලස්සනයි.
අද තවත් ලස්සනයි.
එහෙම නොවී තියෙයිද ඉතින් නේද?කෙල්ලෙක් ලස්සනම එයාගේ ජීවිතේ වැදගත්ම දවසකනේ?ඔව්!!
අද තමයි කෙල්ල නීතියෙන් ජන්කුක්ට පැවරෙන දවස.
ඉතින් කෙල්ල ලස්සනට නොහිටීද?
හිතේ ලොකුවට හීන නොතිබුණත් කෙල්ලත් ආස කලා දවසක මේ විදිහට මනාලියක් වෙන්න..
අමුතුම සතුටක් හිත ඇතුලේ තිබුණා වගේම තමයි බයකුත් නොතිබුණා නෙවෙයී..එයාට අද ඉදන් වගකීම් ගොඩක් කරට ගන්න සිද්ධ වෙයි..
ආදරේ නොකලත් ආදරණීය බිරිදක්..
පවුලේ ලොකු ලේලී විදිහට කෙල්ලට පැවරෙන්නේ එසේ මෙසේ බරක් නම් නෙවෙයි!!"අම්මත් හිටියා නම්! අනේ තාත්තේ! ඔයාට බැයිද මාත් එක්ක යන්න එන්න?"
ගවුම පැත්තක දාලා පාර්ක්ගේ පපුවට තුරුලු වුණ යූන්හා අහනකොට පාර්ක් එයාගේ ඇස්වලට උනපු කදුලු කෙල්ලට හොරෙන්ම පිහගත්තා.
කොහොම ඉන්නද මෙතනින් පස්සේ එයා?
මෙච්චර දවසක් චූටි මැණික කියලා පරිස්සම් කරපු දුව තව කෙනෙක්ට බාර කරන්න සිද්ධ වෙලා..!
හිනා වෙලා හිටියත් හිත ඇතුලෙන් දුකක් නොතිබුණා නෙවෙයි..
ඒත් මෙතනින් පස්සේ තමන්ටත් වඩා යූන්හාව ආරක්ශා කරන කෙනෙක් හම්බෙනවා කියලා මතක් වෙනකොට ඒ දුක හිනාවකින් හංගන්න පාර්ක් උත්සහ කරා!!"මගේ පිස්සු හෝන්තුව.. යමු දැන් වෙලාව හරි "
යූන්හාගේ කම්මුලක් මිරිකපු පාර්ක් කියනකොට කෙල්ල ඔලුව වනලා හිනාවුණා.හිතේ චකිතයක් නොතිබුණා නෙමෙයි කෙල්ලට. අච්චර සෙනග ගොඩක් මැද ජන්කුක් වගේ කෙනෙක්ව කසාද බදින්න?
ESTÁS LEYENDO
My Enchanted Fairy ॥ JJK ॥
Fanficවිවාහය,, විවාහය කියන්නේ ආදරේ කරන දෙන්නෙක්ගේ ප්රශ්නවල අවසානේ නෙමෙයි.. තවත් එක අභියෝගයක්... එහෙම නෙමෙයිද?? එතනදී වෙන්නේ දෙන්නගෙම සහයෝගෙන් ගැටලු විසදගන්න එක නෙමේද? ජීවිතේ තමන්ගේ කියලා දෙයක් නොතියෙන තරම් බැදීමක් තමයි විවාහය.. හැබැයි විවාහ ජීවිතේ බේරගන...