4 Chapter

135 31 5
                                    

"මිලී!! දන්නවද ඔයාගේ දුව දැන් ගොඩක් ලොකුයි? එයා හෙටින් පස්සේ වෙන කෙනෙක්ගේ වෙන්න යන්නේ.එතකොට ඉතින් මාව කැලේ තමා!? "

"අනේ..තාත්තේ "

"දැන් ඔය ලැජ්ජාවෙන් හිටියට හෙට බලන්න එපෑ! "

යූන්හාගේ තාත්තා එහෙම කියනකොට කෙල්ල ලාවට රවලා මිස්ටර් පාර්ක්ගේ උරහිසට ඔලුව තියාගත්තේ පාර්කුත් එක අතකින් යූන්හාගේ ඔලුව අතගාන්න ගන්නකොට..

වෙඩින් එක හෙටයි කියලා යූන්හාට ඕන වුණා එයාගේ අම්මගේ සොහොන ලගට යන්න. ඉතින් එයා ඒකට එයාගේ තාත්තාවත් එකතු කරගන්න අමතක කරේ නෑ.ඒත් ඉතින් දැකය පැය ගාණක් තිස්සේ කෙල්ලගේ තාත්තා එකම දේ කියවනවා දකිනකොට එයාට දුකත් හිතුනා.මොකද එයාගේ කටේ තිබ්බේ එකම දෙයයි

' හෙට එයා වෙන කෙනෙක්ගේ වෙනවා '

යූන්හාට දැනුනේ එයාගේ තාත්තාගෙන් ගොඩක් දුරස්වෙන හැගීමක්. එයාට ඕන වුණේ හැම තත්පරේම අම්මගෙයි තාත්තාගෙයි උණුහුම් දෙකම ලබාදුන්නු ඒ පපුවේ ඔලුව තියාගෙන පොඩි කාලේ වගේ කට රිදෙනකම්ම පිස්සු කතා කියවන්න.ඒත් දැන් එයා පොඩි කෙනෙක් නෙමෙයි කියලා හිතට දැනෙනකොට එයාගේ හිත ටිකක් රිදුනා..

"අපි යමුද? "

පත්තු කරලා තිබුණ හදුන්කූරුවල සුවද තාමත් තිබුණත් ඉටිපන්දම නිවිලයි තිබුණේ. ඒත් යූන්හා එයාගේ තාත්තාගේ උරහිසට ඔලුව තියාගෙන ලොකු කල්පනාවකයි හිටියේ. ඉතින් බැරිම තැන කෙල්ලගේ තාත්තා කතා කරනකොට තමා යූන්හා සිහියට ආවේ!!

"හ්ම් "

තාත්තාගේ අතේ එල්ලිලාම කනත්තෙන් එලියට ආපු කෙල්ලට ඕන වුණේ එයා පොඩි කාලේ ගත කරපු හැම තැනකටම ආයෙමත් යන්න. ඉතින් එයා ඒක කරා! වෙඩින් එක නිසා සතියකට කලින් නිවාඩු දාලා තිබුණ නිසා ඒක තවත් පහසු වුණ එක කෙල්ලට සැනසිලි දායක දෙයක් වුණා..

"අපි පාක් යමුද තාත්තා!? "

"මගේ දුව ආස නම් ඕන තැනක දරුවෝ!!"

ඒකයි කෙල්ලගේ තාත්තාගේ ආදරේ. මේ වෙලාවේ ඒ උණුහුම තදින්ම දැනෙනකොට එයා තමන්ගේ අත් තවත් පාර්ක්ගේ වැලමිට වටේට තද කරන ගමන් වෙලාගත්තේ හරියට දාලා යන්නෑ කියන්න වගේ..

My Enchanted Fairy ॥ JJK ॥Where stories live. Discover now