Episode 8

14 3 6
                                    

මම වොශ් රූම් එකට දුවගෙන ඇවිත් දොර වහ  ගත්තා  මගේ වෙලාවටමද මන්දා  කවුරුත් වොශ් රූම් එකේ හිටියේ නෑ

අනේ ඇයි මෙහෙම
ඇයි මට එක දවසක් විතරක් දැකපු
වචන දහයකටත් වඩා අඩුවෙන් කතා කරපු කෙනෙක් ගැන මෙච්චර හිතෙන්නේ ඇයි
  ඇයි එයා වෙන කෙනෙක් එක්ක ඉද්දි මගේ ඇස් වලට කදුලු එන්නේ  ඇයි එහෙම වෙන්නේ

අයියා ගැන හිත හිත ඉද්දිම වොශ් රූම් එකේ දොර ඇරුන සද්දේත් එක්ක මම හරි සිහියට ආව ඇතුලට ආවේ අපිට වඩා බාල මල්ලි කෙනෙක්.

එයා එක්කත්  ලාවට හිනා උන මම එහෙම්ම ගියේ ක්ලාස් එකට යනකොට සර්  ඇවිත් හිටියා . කේශ්ලා මටත් එක්ක ඉඩ තියාගෙන හිටපු නිසා මම එතනින් ගිහින් ඉද ගත්තා එයාල මගෙන් මුකුත් අහපු නැති එකනම් මට  ලොකු සැන සීමක්

ක්ලාස් ඉවර වෙලා ගෙදර අපු මම එන ගමන් කෑවා කියලා අම්මට බොරුවක් කියලා  කෑමත් එපා කියගෙනම කාමරේට ආවේ කන්න තරම් පිරියක් නොතිබ්බ හින්දා


                                    ~🌼~



මම හිටියේ ස්කූල් එකේ තියන බංකුවක වාඩි වෙලා
මම ඉස්කෝලේන් වැඩිපුරම ඉන්න ආස මෙතන අරලිය ගස් පේලියක් යට බංකු තියලා හරිම නිස්කලංක තැනක්  එතන
අනිත් අය කැන්ටින් එකට ගිහින් එනකල් මම එතනට වෙලා කලේ  මම ගැනම කල්පනා කරපු එක
ඊයෙ මම හැසිරුන විදිහ  ඒකට හේතුව ගැන කල්පනා කරපු එක

"ආ මිහිනු මල්ලි"

"අහ්"

කල්පනාවක හිටපු මම  එකපාරම ගැස්සිලා  බැලුවේ  මම දිහා බලාගෙන මගේ ඉස්සරහට වෙලා  හිටිය එයා දිහා

"අහ්......  අයියේ"

"මොකෝ නිකන් පුදුම වෙලා වගේ .....ම්ම්ම්ම්"

"අහ් .......නෑ මිහිනු කිව්වාම එක පාර අමුතුයි වගේ හැමෝම කියන්නේ  ඉතින්  තයේශ් නැත්තම් තේශ්  කියලනේ
ඉතින් පෙලක් අය දන්නෙත් නෑ මිහිනු කියලා කෑල්ලක් තියනවද කියලවත්  "

"ම්ම්ම්ම්........... එහෙමද මම ආසයි ඒ නමට මම එහෙම කතා කලා කියල ඔයට අව්ලක් නෑ නේ "

"අනේ නැ අයියා ........ එහෙම එකක් නෑ ඔයා කැමති විදිහට කතා කරන්න "

My little heart Where stories live. Discover now