03 කොටස

101 27 17
                                    

" ඔම්මා ..මට ඔය ස්ට්‍රෝබෙරි කේක් එකෙන් කෑල්ලක් දෙන්න බෑද ? " මං ඇහුවෙ ඔම්මා උදේ ඉදන් සුවද ගගහා හදන රසපාටට තිබ්බ කේක් එක දිහා බලන ගමන් ..කේක් එකේ තිබ්බ ලා රෝස පාට අයිසින් දැක්කම මට මතක් උනේ  මං මොකක් හරි හුරතල් දෙයක් කිව්වහම රතු වෙන මගෙ ජිමිනි හියොන්ගිගෙ කම්මුල් දෙක ..

" දැන් ඔය කාට දෙන්නද උස්සන් දුවන්න හදන්නෙ ආ " ඔම්මා සැර කරලා වගේ අහද්දි නම් මං බය උනා ..අපේ ඔම්මට මං හැරුනත් කරන්න යන දේ හිතාගන්න පුලුවන්  ජාතියෙ කෙනෙක් . මගෙ බයෙන් පිරිච්ච ඇස් දිහා රවාගෙන බලන් හිටි ඔම්මා ටික්කට පස්සෙ බකස් ගාලා හිනාවුනා ..හරි නරකයි..මේ හැමෝම මට මයි විහිලු කරන්නෙ .

" ඕ මගෙ කූ බබා දැන් ලොකු වෙලානෙ නේද , මටත් හොරෙන් කොල්ලෙකුත් හොයාගෙන එයාට කේක් ගෙනියන්නත් මගෙන්ම අහනවා..මේ අම්මව රවට්ටන්න බෑ පුතේ ඔයාට නම් " මං කිව්වෙ අපේ අම්මා හෙන සීසිටීවි එකක් කියලා කොහෙන් දැනගත්තද මංදා .

ඒ වුනාට ජිමිනි හියොන් මගෙ බෝයිෆ්‍රෙන්ඩ් නෙවේනෙ ..අනේ මංදා මේ ඔම්මත් එක්ක බෑනි කරන්න අප්පා ..

ඔම්මා දුන්නු ලොකු ස්ට්‍රෝබෙරි කේක් කෑල්ලත් උස්සගෙන මං අදත් දුවගෙන ගියෙ පාක් එකට ..අදත් මගෙ ජිමිනි හියෝන් පුරුදු විදියටම දිලිසෙන ඇස් එක්ක ඉදගෙන හිටියා  ..පොඩ්ඩක් ඉන්න ..ඊට මෙහා පැත්තෙ අර කව්ද අර ඉන්නෙ ?

මං දැක්කෙ ජිමිනි හියොන්ට එහා පැත්තෙන් හිට ගෙන එයා එක්ක කතාකර කර ඉන්න ලස්සන හියුන්ග් කෙනෙක්ව. බැරි වෙලාවත් ඒ හියුන්ගෙ බෝයිෆ්‍රෙන්ඩ්වත්ද ? අන්ද්වේ...

මගෙ ජිමිනි හියොන්ගිව උදුරගන්න ආපු ලස්සන , මෝඩ රාස්සයා .හහ් ..ඉන්නවකො මේ කුකීගෙ හයිය දැකලා නෑ තාම තව්සෙ..

Silent Rose || Jikook Where stories live. Discover now