ජිමිනි හියුන්ග් හරිම හොදයි .මේ මාස තුන අස්සෙ මං අදුර ගත්ත එක විශේශ දෙයක් තමයි ජිමිනි හියොන්ග් පොඩි ලමයෙක්ටත් වඩා අහිංසකයි කියන එක ..සමහර වෙලාවට මට හිතෙනවා හියොන්ගි හෙවන් එකට යන පාර අමතක වෙලා මේ ලෝකෙ නැවතුනු ඒන්ජල් කෙනෙක්ද කියලත් .
හම්මෝ ඒ උනාට ටේහ්යුන්ග් හියුන්නම් ඒකට සම්පූර්ණයෙන් අනිත් පැත්ත .එයානම් ඇත්තටම රාස්සයෙක් හහ්..ආ ටේහ්යුන්ගි කව්ද කියලද අහන්නෙ? අර මං දවසක් කීව ලස්සන රාස්සයා තමා ටේහ්යුන්ගී ..එයා තමයි ජිමිනි හියොන්ගිගෙ ලොකු හියුන්ග්..
තව ටිකෙන් එදා ටේහ්යුන් හියුන්ට පාඩමක් උගන්නන්න ගිහින් කලුපටි අරන් තිබ්බ ටේහ්යුන්ගිගෙනුත් මං ගුටි කාලා , ටේහ්යුන්ගිට ගැහුවා කියලා එයා බැදලා ඉන්න ශුගා හියුන්ගිගෙනුත් ගුටි කන්නයි මට වෙන්නෙ..ජිමිනි හියුන් හිටිය නිසා බේරුනා , නැත්නම් මේ අහිංසක හා පැතියා ඉවරයි .
මට වෙලාවකට හිතෙනවා ටේහියුන් මං ජිමිනි හියොන්ග් එක්ක කතා කරනවට කැමති නැත්ද කියලත් .එයා ඕනෑවට වඩා ජිමිනි හියොන්ගි පරිස්සම් කරනවා කියලා මට නම් හිතෙන්නෙ..හහ්..මේ කුකීට පුලුවන් එයාගෙ ජිමිනි හියොන්ගිව පරිස්සමෙන් බලාගන්න කියන එක තේරෙන්නැනෙ මේ මනුස්සයොන්ට..මෝඩ උස්බෙකිස්තාන් කොටියා ..
අදත් මං දූවගෙන ආව ජිමිනි හියොන්ගිව හොයාගෙන ..මේ දවස් ටිකේම එයා අමුතුයි .වෙනදටත් වඩා සුදුමැලි පාටට හැරිලා ..හැබැයි මගෙ ජිමිනි හියොන්ගිගෙ ඇස් දෙක කොල මැනික් කැට දෙකක් වගේ හරි ලස්සනට දිලිසෙනවා ..මැණික් වලටත් වඩා මගෙ හියොන්ගි ලස්සනයි 🤍
" ජිමිනි හියොන්ගිගෙ ආසම මල මොකක්ද හියොන්ගි " මං ඇහුවෙ එයාව කතාකරවන අදහසින් ..එයත් ලාවට හිනාවෙලා මං හැමදාම ආදරේ කරන කටහඩින් උත්තර දුන්නා ..
" මං ආසම සුදු ලිලී වලට ජන්කුකාහ් ..මං හිතන්නෙ ලිලී තමයි මේ ලෝකෙ තියෙන අහිංසකම මල "
නෑ ජිමිනි හියොන්ගි .ලිලී වලටත් වඩා අහිංසක මලක් මේ දැන් මං ගාව ඉන්නවා !
" මට නම් ජිමිනි හියොන්ගිව පේන්නෙ රෝස මලක් විදියට ..ලස්සන සුදුරෝස මලක් .." මං මගෙ හිතට දැනුනු දේ කියද්දි ජිමිනි හියොන්ගි ලා රෝස පාටට හැරිලා හිනාවුනා ..
දැන් නම් රතු රෝස මලක් වගේ ~
මගෙ රතු රෝස මල ~
මං මටම හෙමින් කියාගත්තා ..
YOU ARE READING
Silent Rose || Jikook
Fanfiction" ජිමිනි හියොන්ගී ..ජිමිනි හියොන්ගිගෙ ඇස් ලස්සනයි ..කවුරුහරි මීට කලින් ඒක කියලා තියේද ? " මං ඇහුවෙ හිස් උනත් කොල පාටින් දිලිසෙන ලස්සන ගැඹුරු ඇස් දිහා බලාගෙන .. " මීට කලින් එහෙම කියන්න තරම්, කවුරුත් මට ලං වුනේ නෑ කුකාහ් .." ~ 💙🦋 ~