" ඔයා මට පොරොන්දු උනා මාත් එක්ක ඉන්නවා කියලා " මටත් හොරෙන් ඇස් වලින් වැටෙන කදුලු පිහිදගෙන මං කිව්වා..ඇයි ජිමිනි හියොන්ගි ඇයි..අඩුම තරමෙ ඔයාට මට කියන්නවත් තිබුනා..
මට දැනුනෙ මං තනිවෙලා වගේ හැගීමක් ..මගෙ කන් දෙක ඇතුලෙ මගෙ හියොන්ගි " ජන්කුකාහ් " කියලා මට කතාකරන සද්දෙ දෝන් කාර දිදි ඇහෙනව වගේ මට දැනුනා ..මට මතක් උනේ ටේහ්‍යුන්ගි මට දුන්නු කඩදාසිය ..
ඒකෙ තිබ්බෙ ලියුමක්...
මගෙ රෝස මලගෙන් ..
🤍මගෙ පුංචි ජන්කුකාහ් ..,
ඔන්න මුලින්ම අඩන්න ඔට්ටු නෑ හරිද ..දුක් වෙන්නෙපා ජන්කුකා , මේ වෙන්නෙ වෙන්න තියෙන දේවල් වෙන්න ඇති ..ඒ නිසා හිත හදාගමු හරිද ? ඒ නිසා ඔයාගෙ හියොන්ගිට පොරොන්දු වෙන්න , හියොන්ගි නිසා අඩන්නෙ නෑ කියලා
ජන්කුකා ඔයා මාව අදුරගත්තෙ මාස ගානකට කලින් උනාට ,මං ඔයාව දන්නෙ ඔයා ඔම්මගෙ බඩේ දග කර කර හිටිය කාලෙ ඉදන්මයි ..මම , ටේ හියොන්ගි දෙන්නම ඔයාව ගොඩක් කල් ඉදන් දැනන් හිටියා ජන්කුකා ..ඔයාට මතක නැතුව ඇති ..ඒත් අනිවාර්යයෙන් ඔම්මගෙන් අහන්න , චිමී කියන්නෙ කව්ද කියලා ..එයා කියයි ඔයාට ඔයාගෙ පොඩි කාලෙ බෝල හියොන්ගි ගැන.
අපිට ඕන දේ හැමදාම සිද්ද වෙන්නෙ නෑ ජන්කුකා ..මට අවුරුදු ගානක් තිස්සෙ කියන්න ඕනෙ උනා , ඔය අහිංසක හා පැටියට මං ගොඩක් ආදරෙයි කියලා , ඒත් මං හිතන්නෙ මේ හරිවෙලාව නෙවේ වෙන්න ඇති ..
ඕනෑවට වඩා ලං වෙලා මට ඔයා දාල යන්න වුනහම , ඔයාට මේ තරම් වත් දරාගන්න බැරි වෙන්න ඉඩ තිබ්බා ජන්කුකී ..ඒ නිසා මට සමාවෙන්න
හරි පරිස්සමෙන් වැඩ කරන්න ජන්කුකාහ්..මං දන්නවා මගෙ කොල්ලා දක්ශයි කියලා ..ඒ නිසා ලස්සන දේවල් වලට අහුනොවී , ඇත්ත දේ තෝරගන්න ..හැමදේකම හොද පැත්ත දකින්න ..වෙන මනුස්සයෙක්ට ආදරේ කරන්න කලින් ඔයාට ඔයාව විශේශ කරගන්න ..
මට මතකයි ඔයා කීවා මගෙ ඇස් ලස්සනයි කියලා ..ඔයත් ගොඩාක් ලස්සනයිලු ජන්කුකාහ්..මට හියුන්ග් තමා කීවෙ..ඔයා ලස්සන හා පැටියෙක් වගේලු , බෝල කෝපි පාට ඇස්ලු තියෙන්නෙ...අනේ මට බලන්න තිබ්බනම් ...
හරි කමක් නෑ ...
ජන්කුකාහ් ..මං ගියා කියලා දුක් වෙන්නෙපා..ඔයාට මාව මතක් වෙන හැමවෙලාවෙම අහස දිහා බලන්නකො..මං අනිවාර්යයෙන් ඔයා දිහා බලන් ඉන්නවා..
මගෙ පුංචි ලිලී මල..ඔයත් ලිලී තරම්ම අහිංසකයි ජන්කුකාහ්...
ඉතින් පරිස්සමෙන් ඉන්න මගෙ හා පැටියෝ ..ජිමිනි හියොන්ගි යන්නම්..අපි අනිවාර්යයෙන් ආයෙ ජීවිතේ කොතනකදි හරි හම්බවේවි ජන්කුකා ..මේ පාර නැතත් එන පාර හරි ..
ඉතින් මතක තියාගන්නවද ?
ජිමිනි හියොන්ගි එයාගෙ ලිලී මලට ගොඩාරියක් ආදරෙයි ..
කියවලා ඉවර උනු ගමන් මට දැනුනෙ තද සුදුරෝස මල් සුවදක් එක්ක හීතල හුලගක් මාව වට කරගන්න විදිහ...
ඔව් මගෙ හියොන්ගි මාත් එක්කම ඉන්නවා...
මං ඔයා විශ්වාස කරනවා හියොන්ගි....අපු අනිවාර්යයෙන් හම්බෙමු...
ලිලී මලත් එයාගෙ රෝස මලට ආදරෙයි...
ඒක මතක තියාගන්න හියොන්ගි..
මාත් ඉක්මනින් එන්නම්....
YOU ARE READING
Silent Rose || Jikook
Fanfic" ජිමිනි හියොන්ගී ..ජිමිනි හියොන්ගිගෙ ඇස් ලස්සනයි ..කවුරුහරි මීට කලින් ඒක කියලා තියේද ? " මං ඇහුවෙ හිස් උනත් කොල පාටින් දිලිසෙන ලස්සන ගැඹුරු ඇස් දිහා බලාගෙන .. " මීට කලින් එහෙම කියන්න තරම්, කවුරුත් මට ලං වුනේ නෑ කුකාහ් .." ~ 💙🦋 ~